අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් පළමු කොටස අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි . අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි . අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ . මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ . ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි . මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය . අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි . ඒ අප්‍රිකානු අලි හා ආසියාතික අලිය . අප්‍රිකානු අලියා විද්‍යාත්මක නාමකරණයේදී Loxodonta Africana වන අතර ආසියාතික අලියා Elephas Maximus වශයෙන් හදුන්වයි . සිංහල බසින් අලින් විවිධ නම් වලින් හැදින්වෙයි . දළ සහ...