අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් තෙවන ලිපිය අලින්ගෙන් වන හානිය ... අලින්ගෙන් මිනිසුන්ට වන හානි පහත දැක්වෙන පරිදි වෙන් කල හැකිය . තුවාල හෝ මරණ සිදු කිරීම නිවාස හා වෙනත් දේපොළ වලට කරන හානීන් වගාවන්ට කරන විනාශයන් අධ්‍යයන වලට අනුව අලි මිනිස් ගැටුම් වලදී වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වූ සහ අලින්ගේ පහරකෑම් වලට ලක් වී ඇති ප්‍රදේශ වන්නේ මහවැලි කලාපයයි . හැමවිටම වාගේ අලින්ගෙන් මිනිසුන්ට හානි සිදු වී ඇත්තේ රාත්‍රී 7ත් අළුයන 1 ත් අතර කාලයේදී බව පෙනී ගොස් තිබේ . මේ බොහෝ අනතුරු වලදී මිනිසුන්ගේ නොසැලකිලිමත්කම හේතු වී ඇත . නිවාස හා දේපොළ හානි සිදුවන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදීය . මෙහිදී තනි අලින් මෙන්ම අලි රංචු ද පැමිණ හානි කරන බව පැවසේ . අලින්ගෙන් වැඩි වශයෙන් හානි සිදුවන්නේ වී වගාවන්ට ය . එසේ වුවත් කුරක්කන් හා රනිල පවුලේ වගාවන්ටත් කෙසෙල් , වට්ටක්කා ආදියට ද අලින්ගෙන් හානි පැමිණේ . ...