Posts

Showing posts from July, 2018

ලංකා සිතියමෙන් නකල්ස් හැලෙයිද?

Image
තරිඳු ජයවර්ධන   Tharindu Iranga   සහ බිඟුන් මේනක ගමගේ   Bingun Menaka Gamage (tharindudld@gmail.com / bingungamage88@gmail.com) මීදුමෙන් බර වූ දුම්බර කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඉඩම් විවිධ කටයුතු සඳහා බදු දීමට යන බවට පසුගිය කාලයේ පරිසරවේදීන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතා මතු විය. එම චෝදනා අසත්‍ය බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේය. මෙවර සත්‍ය ගවේෂණ මගින් හෙළිදරව් කරන්නේ දුම්බර වන පෙතට වෙන්නට යන නස්පැත්තිය පිළිබඳවයි. මෙරට විවිධ ප‍්‍රදේශවල පිහිටි ඉඩම් කිහිපයක් රාජ්‍ය වැවිලි සංස්ථා පනත යටතේ පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවටත් තවත් සමාගම්වලටත් පවරමින් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ ඇමැතිවරුන් වූ ඊ.එල්.සේනානායක ,ගාමිණී ජයසූරිය මහත්වරු 1982 පෙබරවාරි 27 වැනි දා සහ මැයි 31 වැනි දා අති විශේෂ ගැසට් පත‍්‍ර නිකුත් කළහ. ඒ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුවය. එම ගැසට්ටුවලට ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල පිළිබඳ කිසියම් පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඇතුළත් කර තිබුණේ නැත. මෙලෙස පවරා දුන් ඉඩම් අතර දුම්බර කඳු වැටිය ආශ‍්‍රිත ඉ