සුද්දිගෙන් ගෙදෙට්ට ලියමනක්
පොරකකා ඇවිත් වේදිකා ළඟ
ඉස්සි ඉස්සී බලන්නේ
හිමියනි ඔබත්
හොරැහින් බලන තැන්
පය තියන තියන තැන
අඳුඳුරුයි අනතුරුයි
මේ කින්නර නගරයේ
හැමතැනම මරු වැල්
දුහුල් සළුවෙන්
තද කොට වසා ගමි
ජීවිතේ ලතෙත්
වේදනා සුසුම් වැල්
හෙට උදේ එවමි මේ ලියුම
උකස් වාරික මුදල් හා
ආදරේ තවම පර නොවුණ මල්
අතින් අත මාරුවෙන්නට
මේ මගුල් සක්වල
මග බලයි රතු පාට ලොවි ඇස්
මුතු මැණික් දමා දොරකඩ
මාරු වෙමි බෝඩිමෙන් බෝඩිමට
අත හරිමි සක්විති පෙම්වත්
අඟුරු පොට්ටනියකින්
මහ රෑට තවා ගමි
වලලු කර හා තුණටියක රිදුමක්
ජීවිතේ අසමබර වේදිකවේ
කොච්චර නම් කාලයක් නැටුවද
තාලයක් අහිමි නැටුමක්
කොහෝ තවමත්
ඇවිත් නෑ කොළඹට
ඔයා මග බලනවා ඇති තාමත්
ඔය උර හිසට බර දී
දිය කර හරින්නට බලා ඉමි
ජීවිතේ නොයෙක් වේදනා පිරිපත්
- කුෂාන් ශාලික -
Comments
Post a Comment