දෙවියෙක් නුඹට වරමක් දුන්නොත්


මම මේ කියන්න හදන්නේ ගුරුවරියක් තම පන්තියේ ළමයට දුන් රචනාවක් පිළිඹඳවයි. දවසක් ගුරුවරියක් පන්ති කාමරයට ඇවිත්පන්තියේ ළමයින්ට පැවරුමක් දුන්නා. ගුරුතුමිය කිවුවා ළමයින් හැමොටම  “දෙවියෙක් ඔබට වරමක් දුන්නොත්” යන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න කියලා. ළමයි හැමෝම රචනාව ලිවුවා. සියළුම රචනා කියවන්න තරම් ගුරුතුමියට වෙලාවක් තිබුනෙ නැහැ.  ගුරුවරිය ළමයින්ගෙන්  රචනා පොත් ටික එකතු කරගෙන ගෙදර අරගෙන ආව. ගෙදර දොර වැඩ ඉවර කර ගුරුතුමිය රචනා ටික රැගෙන ගෙයි මැද සාලයේ වූ මේසය ළඟ වාඩිවී රචනා ටික කියවන්න පටන් ගත්තා.

ඔය අතරෙ  ගුරුවරියගේ ස්වාමිපුරුෂයා වැඩ ඇරී ගෙදර ආවා. ඇඟපත සෝදා ගත් මහත්තයා   රූපවාහිනිය බලන්නට වාඩි වුණා. මේ අතරේ ගුරුතුමිය රචනා බලනවා.  ටික වෙලාවක් රූපවාහිනිය බලා හිඳින මහත්තයාට ගුරුතුමිය කතා කළා. “ මේ මේ අහන්නකෝ ලස්සන රචනාවක් තියනවා.”


“කියන්න මම අහගෙන ඉන්නෙ”

“එහෙම බෑ ඔය ටීවි එක off කරලා අහන්නකො මේක.”

“ නෑ නෑ ඔයා කියන්න. මට ඇහෙනවා”

ගුරුතුමියගේ ඉල්ලීම ඉටු නොවූ තැන ඇයම ගොස් රූපවාහිනිය වසා දමා රචනාව කියවන්නට විය.
“දෙවියෙක් ඔබට වරමක් දුන්නොත්”

දෙවියනි, ඔබ මට වරමක් දෙන්නේ නම් මම ඔබ වහන්සේ ගෙන් ඉල්ලන්නෙ අපේ ගෙදර මැද සාලයේ තියෙන tv  එක වීමටය. තාත්තා වැඩ ඇරී ගෙදර පැමිණි විගස නතරවන්නේ tv එක ළඟය. අම්මාද අප හා ගතකරන කාලයට වඩා  කඳුළු පුරවා ගනිමින් ටෙළි නාට්යග කතා සමග ගත කරයි. Tv එකට පුන්චි හෝ ලෙඩක් හැදුනොතින් මුළු ගෙදරම පාළුවට යයි. එය නැවත සාදා ගැනීමට ඇත්තේ පුදුම උනන්දුවකි. මොකද මතු සම්බන්දයි කතා මගහැරෙන බැවිනි. ගෙදර හැමෝම ටීවි එකට හරි ආදරෙයි. දෙවියනි මම ඔබ වහන්සේගෙන් ගෙයි මැද සාලයේ tv එක වීමට ඉල්ලමි.

සුසුමක් හෙලා ගුරුතුමිය රචනාව නිමා කරන ලදි.

මහත්තයා - “හරි අපූරු රචනාවක්, දක්ශ ළමයෙක්” යැයි පැවසූ මුත් ගුරුතුමියගේ ඉකි බිඳුම් හඬ ඇසී ප්ර්ශ්නයක් මතුවුනි. “ඇයි මේ ඉතින් ඔයා අඬන්නෙ.”

“ඔයා දන්නවද මහත්තයා මේ රචනාව ලියලා තියෙන්නෙ කවුද කියලා....? ” ගුරුතුමිය හැඟුම් බරව ඇසුවේය.

“නෑ මම දන්නෙ නැහැ කවුද මේක ලියලා තියෙන්නෙ”

“වෙන කවුරුවත් නෙවෙයි මහත්තයා...... මේක ලියලා තියෙන්නෙ අපේ එකම පුතා......”
දෙදෙනා තුලම ඇතිවූයේ දැඩි නිහඬ බවකි.

මෙම පුන්චි කථාව හරහා අපට කියා දෙන්නේ අපි අපිම සකසා ගත් උපකරන වල වහළුන් බවට පත්වී ඇති අයුරු නොවේද ? ජංගම දුරකථනය, රූපවාහිනිය සහ පරිගණකය යන උපකරණ වලට මිනිසුන්ට වඩා ආදරේ කරන්නට සමාජය පෙළඹී ඇති අයුරු නොවේද? ගෙදර අම්මා තාත්තා පුරුදු වී ඇත්තේ තමන්ගේ දරුවන් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා එම දෙපලගේ පාළුව තනිකම නැති කර ගැනීමට රූපවාහිනියේ විකාශය වන නොයෙකුත් ටෙලි කථා හා චිත්රමපට නැරඹීමටය.

 නැතිනම් තම දරුවන් සමග නැරඹීමටය. මෙයින් අම්මගේ සහ තාත්තගේ ආදරයෙන් සෙනෙහසින් ඈතට යන ළමයා නොදැනීම හුදකළා චරිතයක් බවට පත් වේ.  ඔහු සමාජයට හානිදායක චරිතයක් බවට පත්වී සමාජයට හානිදායක පුද්ගලයෙකු බවට පත්වේ. මෙම සිදුවීමට හේතුව කුමක්ද?  දෙමවුපියන් තම දරුවන්ට ආදරය සෙනෙහස නිසැකවම නොඅඩුව ලබා නොදීමයි. ඉහත සඳහන් කෙටි කථාවෙන්ද, කියැවෙන්නේ මෙයයි. ඉතිනි දෙමවුපියන් තම දරුවන්ට එම දරුවන් ඉල්ලන ඒ ආසාවෙන් සිටින ආදරය සෙනෙහස දෙන්නේ නම් එම දරුවන් මුළු මහත් සමාජයටම වැඩදායී ගුණ යහපත් සමාජයේ යහපතට හේතු වන පුද්ගලයන් බවට පත්වේ. අවසාන වශයෙන් සටහන් තැබීමට ඇත්තේ මිනිසුන් මිනිසුන්ට ආදරය කිරීමට අමතකව ගොස් අප උපකරන වලට ආදරය කරන බව නොවේද...? දවසේ වැඩි කාලයක් මිනිසුන් සමග ගනුදෙනු කිරීමට වඩා අප උපකරන සමග ගන්දෙනු කරමින් සිටී...... ගහ කොල සතා සිවුපාවා මෙන්ම ඇලක දොලක මිහිරියාව විදීමට අපට ඉඩක් නොමැත.

ඒ නිසා අප සතෙක් සිවුපාවෙක් අදුනන්නේද නැත. අප දන්නේ උපකරන වල උපාංග පමනි. එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කරගැනීමට සහ සන්නිවේදන පහසුව සදහා මිනිසා විසින් නිර්මනය කරගත් උපකරන වල වහළුන් බවට අද මිනිසාම පත්ව ඇත. එනිසා නිදහසේ අහසේ පියාඹන කුරුල්ලෙකුගේ සැහැල්ලුව උගත් දියුනු අප හට නොමැත. සිතන්න..... උපකරන අප ජීවිත සහ සතුට උදුරා ගනිමින් සටී.

සිතන්න.........

මිනිසා විසින් උපකරණ නිපදවනු ලැබ ඇති අත  මිනිසාම එම උපකරණ වල වහළුන් බවට පත්ව ඇත. හුදෙක්  පවුලේ සතුට සාමය එම පවුලෙන් ගිලිහී ඈතට ගොස් තිබෙන්නේද මෙම උපකරණ නිසි පරිදි උපයෝගී කර නොගැනීම හේතුවෙනි. මෙයට විසඳුම ඇත්තේද ඔබ සතුවමය.

- සංචුක කුමාර -




Comments

Post a Comment

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...