වැට කඩොළු පසු කරන් හිස් අතින් ඔබ එන්න
පෙම් හසුන් ලියන්නට බැරිව ලතැවෙමි මම
තිබේ මට කියන්නට කප්පරක් දුක් ගීත
අසා සනසාලන්න කිසිවෙකුත් නැති ලොවක
මගෙ අඳුරු දිවි මගම එකළු කළ සඳ ඔබය
හිරුට බැඳි පෙම නිසා වන්නි මං පෙත් පුරා
ඉම සොයා ගිය ගමන අතර මඟ නැවතුනා
කොහා වෙනුවට එදා කණ කොකා හඬද්දී
හිතුවේ නෑ සඳ ඇවිත් අඳුර දුරලයි කියා
සුපුන් සඳ පරදන්න තරු වලට පුළුවන්ද
පෙම්වතුන් නවතන්න මුරුගන්ට හැකිවේද
මියෙනතුරු ආදරේ අඩු නැතිව සැනසෙන්න
වැට කඩොළු පසු කරන් හිස් අතින් ඔබ එන්න
තිබේ මට කියන්නට කප්පරක් දුක් ගීත
අසා සනසාලන්න කිසිවෙකුත් නැති ලොවක
මගෙ අඳුරු දිවි මගම එකළු කළ සඳ ඔබය
හිරුට බැඳි පෙම නිසා වන්නි මං පෙත් පුරා
ඉම සොයා ගිය ගමන අතර මඟ නැවතුනා
කොහා වෙනුවට එදා කණ කොකා හඬද්දී
හිතුවේ නෑ සඳ ඇවිත් අඳුර දුරලයි කියා
සුපුන් සඳ පරදන්න තරු වලට පුළුවන්ද
පෙම්වතුන් නවතන්න මුරුගන්ට හැකිවේද
මියෙනතුරු ආදරේ අඩු නැතිව සැනසෙන්න
වැට කඩොළු පසු කරන් හිස් අතින් ඔබ එන්න
Comments
Post a Comment