සොබාදම් මෑණියන්ගේ වැළපීම



හුස්ම පොද දී නුඹට නුඹේ පණ රැක්කාට
දිය බිඳක් දී නුඹට නුඹෙ පවස නිව්වාට
ඵල වැලක් දී නුඹට කුසගින්න නිව්වාට
කෙළෙහි ගුණ නොදත් නුඹ මගේ පණ නැසුවාද?

විඩාපත් නුඹෙ ගතට සෙවණ කුත් දුන්නාට
හැමදාම නුඹෙ දුකට නුඹ ළඟින් සිටියාට
දඬුවමද මගෙ පුතුනි නුඹේ පන රැක්කාට
මගේ මේ වැළපීම පුත නුඹට ඇසුණාද

 - හසලිකා නිරෝෂිනී විජේසූරිය -

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...