අපට බලපාන වාසුලි


සුළං වර්ග තුනකට බෙදා දැක්වීමට පිළිවන. ඒ ප්‍රාථමික සුළං ,ද්විතීයික සුළං හා තෘතීයික සුළං ලෙසය. එම කොටස් තුනෙන් ද්විතීයික සුළං යටතට අයත් වන වාසුළි ගැන අපි  අද සලකා බලමු.

එක් කලාපයකට පමණක් බලපාන  සුළං විශේෂයක් ලෙස මෙම වාසුළි සුළං නම් කෙරේ . වාසුළියක් යනු අඩු පීඩන කේන්ද්‍රයක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන සුළං ධාරාවකි. නිර්මාණය වන ආකාරය අනුව ද වාසුළි වර්ග  කෙරේ.   ඒ අතරින් අපට මේ දින වල මුහුණ පාන්නට සිදුවී තිබෙන්නේ නිවර්තන වාසුළි නම් වර්ගයයි.  නිවර්තන වාසුලි නිවා අධික වැසි ඇතිවිය හැකිය.

මෙම වාසුළි නිවර්තන කලාපයේ මහද්වීපයන්ගේ නැගෙනහිර පර්යන්තයේ උපත ලබයි. එසේ උපත ලබන ප්‍රදේශ අනුව  භාවිතා කරන නම් ද වෙනස්ය.

කැරිබියන් මුහුද -හරිකේන්
බෙංගාල බොක්ක -සයික්ලෝන්
චීන මුහුද   -  ටයිෆූන්
පිලිපීන මුහුද  - බැගියෝස්
ඕස්ට්‍රේලියා මුහුද -ව්ලි ව්ලීස්

අපට මේ දින වල බලපා ඇත්තේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් සයික්ලෝන් නැමැති අඩු පීඩන  වායු තරංගයි. එම වායු තරංග නැගෙනහිර දෙසින් පැයට කිලෝමීටර 160 පමණ වේගයෙන් හමා යයි.

 සුළං ධාරා සාගර කලාපයේ  ක්‍රියාත්මක වන විට සාගර තරංග වල වේගය අධික වේ. එම තරංග  වෙරළේ ගැටීමෙන්   වෙරළ ඛාදනය වැඩි වේ. ඇතැම් විට යම් ප්‍රමාණයකින් මුහුදු ගොඩ ගැලීමක්ද සිදු වේ .වේගව්ත් සුළං ගොඩබ්ම් ප්‍රදේශ ඔස්සේ හමන විට නිවාස වල පියසි වල උලු හෝ සෙවිලි තහඩු ගැල වී යයි. ගස් කොලන් ඉගිලී වැටීම, ඒවා නිවාස මතට හෝ වාහන මතට කඩාගෙන වැටීමෙන් දේපල හානි වේ .ඇතැම් ව්ට ජීවිත හානි සිදු විය හැකිය .

එමෙන්ම විදුලි සැපයුම සහ දුරකතන රැහැන් ද අක්රීය වීමට ඉඩ කඩ ඇත .මේ වන විට ලංකාව තුල සුලු වශයෙන් මෙවැනි දේ වාර්තා වී ඇත .සයික්ලෝන් නැමැති අඩු පීඩන  තත්ත්වය  ලංකාවට ආසන්න ගමන් කිරීම ඊට  හේතුවයි.

  නිවර්තන වාසුළි සමඟ අධික වැසි පතනය වීමෙන් ගංවතුර තත්ත්වය පවා ඇතිවේ. මේ නිසා නිවර්තන වාසුළි අහිතකර ප්‍රතිඵල ඇති කරන ප්‍රාදේශීය සුළං ලෙස හඳුන්වයි.

- ඉෂාරා ජයවර්ධන -



Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...