හම්බන්තොට ගිරුවායේ කිතුලක දුක


හමිබන්තොට අපේ යායේ අම්බානකට කිතුල් තිබුණා.මගේ යාලුවන්ට මතකද?සමහරු හිනාවෙීවි හමිබන්තොට කිතුල් තියෙනවා කිවුවම.හිනාවෙන්න අවැසි තැන හිනාවෙයල්ලා.එ්ක උඹෙි මගේ අයිතිවාසිකමක්.අති දැවැන්ත කිතුල් කර්මාන්තයක් තිබුණු මෙී යායේ ඉඳපු මිනිස්සු අනන්ත මට මුණගැහෙනවා,ඒ සහමුලින්ම කිතුල් කර්මාන්තයෙන් සමු අරන් ජීවත්වෙනවා.ඒක මහ ශෝකනීය කතාවක්.

"කිතුල් නෑ මහත්තයෝ"කරබාගෙන මං හිටියා එහෙම කියන මිනිස්සු ලඟ අනන්ත අප්‍රමාණ.මං හිතනවා "කිතුල් ශාකය"ගැන මං හොඳටම දන්වා කියලා.ඒක මගේ යාලුවන්ට දැනේවි කියලා මං අභිමානයෙන් විශ්වාස කරණවා.මෙී හරහා උත්තරයක් ලබා ගැනීමයි මගේ උත්සාහය.

මෙී ගිරුවායේ කිතුල් පැණි කයපුවහම "හඳුඟල"ඉතා ප්‍රසිද්ධයි.1999ට එහාපැත්තෙ පුදුමාකාර ප්‍රසිද්ධයි ඒකට.1999-2005 වෙද්දි තරමක් ප්‍රසිද්ධයි.2005-2010ත් අතර වෙද්දි ⁣ඒ ප්‍රසිද්ධිය පරමිපරාවන් එක්කම යටපත්වෙන්න පටන්ගත්තා.2010-2017 දක්වා අද යුගය වෙනකොට කිතුල් මෙී බිමෙී වියපත් වෙලා ඉතාමත් අමාරුවෙන් ජීවත්වෙනවා.
හමිබන්තොට- හඳුඟල,වීදපොල,දෙහිගාහේන,තලපත්කන්ද,සපුතන්ත්‍රිකන්ද,රමිමල,හුලංකන්ද දකුණු මායිම,දංගලකන්ද,බෙංගමුකන්ද,උඩගොමඩිය,අලුපොත්දෙණිය,රුක්මලපිටිය,කටුවන,අඹගාහේන,පහලවත්ත,එගොඩබැද්ද,වරාපිටිය,පාතේගම,කැකිරිඔීබඩ,පිස්සුබැද්ද,උග්ගස් හේන ආ⁣දී පෙදෙස්වල ජයටම කිතුල් කර්මාන්තය තිබුණා.අරුමය කියන්නේ මෙී හැම බිමකින්ම එක හා සමානවම කිතුල් ශාකය වඳවෙලා ගියා.වඳවෙලාම නොගියට,එහෙම කිවුවට කමක් නෑ.පහතරට තෙත් කලාපීය දේශගුණයක් යටතේ කඳුකර බෑවුම් වල, කඳුමුදුන් සිරස මස්තකයන්වල වගේම යාමට නොහැකි ගල් කොටුවල දළ බෑවුම් වල පඳුරු වශයෙන් කිතුල් එක පොකුරට හැදුණා.උන් ගනිපු එ් ඉඩෙන් කාටවත් පාඩුවක් උනේ නෑ.

පොදුවෙි ගත්තහම මෙී වෘක්ෂලතාවෝ තමයි අපට හුස්මගන්න ප්‍රාණ වායුව නිශ්පාදනය කළේ.ඒ වගේම ලෝභ නැතිව ආහාරටික නිශ්පාදනය කරල දුන්නේ.තව කියනවනමි වැසි දෙවියන්ට ආරාධනා කළේ මෙී ගස් වැල්.අපට ජීවය දෙන්න ගස්වැල් පොදුවෙී අනන්යතාවයන් හදාගත්තා.සමහරු පොළව යට ඉඩ අරන් හදනවා අලවර්ග තරගෙට.මතකද උඹලට ගමෙී ගොඩෙී අපි හාරන් කන කටුඅල,කොඬොල් අල,දංදීන අල,කහටල,බතල.එතකොට ගහල,හුලංකීරිය,කිරිකවඩි.තවත් පිරිසක් කොස්,දෙල්,බැදිදෙල්,අතුපතර හැදුවා.අර කටු තියන දූරියන්වගේ ගෙඩිය මතකද.කොස්දෙල් කියන්නේ.ඒවා මැල්ලුම තෙමිපරාදු කළහම මොකේටද බං පරාද වෙන්නේ.මෙීවා තමයි මිහිපිට බැත.හාල් වලටත් වඩා සමහරු අදහනවා මෙීවා.කොස්කන බිමෙී මිනිසුන්ට රෝගාබාධ හැදුනෙ නෑ.අපේගමෙී ඉන්නවා එහෙම පරමිපරාවක්.ජීවිතේට පැනඩෝල්පෙත්තක්වත් බොන්නෙ නෑ.මෙහෙම කන්න දුන්න මෙී ගහකොළ රස නහර පිනවන්නත් අමතක කළේ නෑ.කිතුල් පැණිය,පොල් පැණිය,තල් පැණිය ඒ මෙහෙවර කළා.උන්ගෙ රුධිරය,අනේ උන් අපට පූජකළා.ලෝභනැතුව බෙදුවා.
මිනිස්සු හැදුනෙ රුධිරය උරා බීලා."අමිමා"කියන උතුමි පදවිය නිසා උපන්නු අපි.අමිමගෙ ඇඟේ ලේ වැල් ටික ⁣ඇගේ දෙතන හරහා උරාගෙන බීපු අපි මිහිකත මෑණියන් දීපු මල්, කොළ,ගෙඩි,ඇට කාලා මෙී විදිහට ජීවත්වෙනවා.

අමිමා ඇගේ ලේ වැල් ටික අපිට පරිත්‍යාග කළා වගේ මෙී ගහකොළ අතරත් සමහරු ඒකම කළා මගෙ යාලුවෙී.අපේ මාතෘභූමියේ මිනිස්සු යමිකිසි ක්‍රමවෙීදයකට අනුව එවැනි තැන් හොයාගෙන ඒවා ඇදල ගත්තා.අන්න එහෙම එකක් තමයි "කිතුල"කියන්නේ.

කිතුල ඉඩ දුන්නා.බොහොම සංවෙීදීව.ඈ පුදුමතරමි බැඳියාවක් මිනිස්සු එක්ක ගොඩනගාගෙන තිබුණා.උඹෙීත් මගේත් ආදරණීය අමිමා අපට කිරි දීලා දිනෙක වයෝවෘද්ධ උණා.නොහැකියාවට පත් උණා,වෙීවි.දරුවන් හත්අට දෙනා දහදොලොස්දෙනා වදලා හදපු අමිමාවරු ජීවිතේ අන්තිමකාලේ විඳවනවා.මිහිකත ඇතුලෙ බහුතරයක් අමිමාවරු එහෙම වෙද්දි කිතුල් ගහටත් එවැනිම දෙයක් උණා.ඇතිතරමි ජීවය ගෙනත්දීලා අන්තිමෙි වයසට ගියා.අරුම පුදුම විදිහට.
ගල්කොටු අතරේ දොලපාරවල් දෙපස සරුසාරෙට කිතුල් ශාකය පැතුරුණා.දියසීරාවන් ලඟ තිබුණ කිතුල් අහස දෙසට රූස්ස උසකින් යුතුව නැගී උන්නා.ඒ රූස්ස කිතුල දවසට දෙතුන්වෙලේ මාස ගණනාවක් එකදිගට තරණය කරලා ජීවත්උණ මිනිස්සු මෙී බිමෙී උන්නා.

මගේ තාත්තා සුන්දර ගොවියෙක්.තාත්තා අපිව ජීවත් කළේ කිතුල් මල් මැදලා කියන්න මම අව්‍යාජ වෙනවා.ඒ සාස්තරය හැමෝටම කරන්න බෑ.ඒ නිසා මගේ තාත්තා මෙී ලෝකෙ "අතිවිශිෂ්ට"තාත්තා කෙනෙක්.ඔහු තරණය කරපු රූස්ස ගස් ඇතුලෙ,ඔහු අරගෙන බැහැපු තෙලිජ්ජ මුටිටිය ඇතුලෙ සැඟවිලා තිබුණේ අයියාගේත් අක්කාගේත් මගේත් අධ්‍යාපනික අයිතීන්වල එක්තරා කොටසක්.තාත්තා⁣ සොබාදහම සමග ඔටිටුඋනේ පිවිතුරු චෙීතනවෙකින්.තාත්තා ගෙනත්දීපු මල්පැණිටික අමිමා බොහොම පරිස්සමට උණු කළා.පැණි උණුකරද්දි මතුවෙන සුවඳ විඳින්න පිං කරන්න ඔින කියලා එදා නොහිතුණු මට අද හිතෙනවා.කෙසේ වෙතත් ඒක නිර්ලෝභී නිරහංකාර ජීවන සුවඳක්.ඒ සුවඳින් අද මෙී විශ්වය සැනහෙනවා.එකත් එකට එක පැත්තකින් ඒ මගේ අයියා ගුරුවරයෙක් වෙචිච නිසා.තාත්තා සල්ලි කරපු හැම පැණි බින්දුව ඇතුළෙම අපේ අධ්‍යාපනික මංපෙත් සමෘද්ධිමත් උණා.අපි ඒ කාලෙ ජීවත්වෙචිච කටුමැටි පුන්චි නිවහන ඇතුළෙ තිබුණේ කිතුල් පැණි ගබඩාවක්.තාත්තා ඒ තරමි මහන්සි උනාට ඒ කා⁣ලේ (1995-1999)ඒ යුගය ඇතුළෙ කිතුල් පැණි බෝතලයක් රුපියල් පනහත් සියයත් අතර ගණනකයි පැවතුණේ.තාත්තා විසින් පිවිතුරු හැඟීමකින් සොබාදහම සමග ඔටිටු වී ගෙනාපු තෙලිජ්ජ "පැණි"බවට පත් උණා.

ඊට පස්සෙ ඒවා ⁣අපේ කිතුල් පැණි උණා.එහෙම හදපු අපේ පැණිටික ගන්න මාවරල පැත්තෙ මුදලාලි මාමා කෙනෙක් සති දෙකකට පාරක් තැපල්නයින්ටි මොටර් බයිසික⁣ල් එකකින් තඩි බූලි බැඳන් අපේ ගෙදර ආවා.පිටිපස්සෙ දෙකයි.ඉස්සරහ එකයි.තාර නොදාපු ගුරුපාරවල් දිගේ හෑරුණු කානු මැදින් පටර්ර්ර්.....පටපටපට....ගගා ඒ මාමා අපූරුවට යනවා මට මතකයි.ආපු හැමදාම මටත් රුපියල් පහක් දුන්නා.ගල්බනිස් ගෙඩියක් කාලා ඉතුරු රුපියලේ මම බන්ටි ටොෆි දෙකක් ගත්තා හැමදාම.අද රුපියල් හතරට ගල්බනිස්වත් සතපනහට ගන්න බන්ටි ටොෆිවත් නෑ.අයියටත් අක්කටත් දුන්නේ සල්ලි කොළ.ඒ මාමා පැණිවලට තක්සේරු වටිනාකම තාත්තට දෙද්දි මට මතකයි ලිප ලඟ ඉඳන් දර පිඹ පිඹ පැණි උණු කරපු මගේ රත්තරං අමිමා ගින්දරට රත්වෙචිච ඇගේ උඩුහමගැන නොසිතාම හිනාවෙවී උලුඅස්සට හේත්තු වෙලා මෙීවා දිහා බලන් උන්නු විදිහ.අපේ කතාවෙ නරඹන්නිය උනේ ඈ.චරිත වලට පණ දුන්නෙ තාත්තා.හැබැයි කතානායකයා උණේ ආදරණීය කිතුල් ගස.ඒ නිසා අධ්‍යාපනික අයිතීන් තෙලිජ්ජ මුටිටියේ සැඟැවිලා තිබුණ කතාවට අපි අද සාක්ෂි විඳිනවා බොහොම යහපත්ව.මං දන්නවා මගේ සමහරක් මෙතන ඉන්න පෙළක් මගේ යාලුවො මෙහෙම සංස්කෘතියක දැවටිලා උන්නුවග.

ඒ කාලේ මගේ තාත්තා ඇතුලුව මෙි බිමෙී කිතුල් මල් මැදපු බොහෝ මිනිස්සු අතමිට සරුවට ජීවත් උණා.පෙලක් අයට අමතර ආදායමි.තවත් අයට සෘජු ආදායමි කිතුල මත පදනමි උණා.අපේ නිවහන කෞතුකාගාරයක් වගේ.එදා තාත්තා ගස්වල තෙලිජ්ජ ගන්න එල්ලපු පතාක මුටිටි,කළ දැන් මුණින් නවල තියෙනවා. ආයෙ කවදාවත් ඒවා මෙපිට පෙරළෙන එකක් නෑ.සොබාදහම ඒ තරමි කීකරුව උන්නා මගෙ යාලුවෙී අපි එක්ක.

කිතුල් ගහ කියන්නේ බොහොම පාඩුවෙී පසෙකට වෙලා මිනිසුන්ට ජීවය දෙන්න අප්‍රමාණ වෙහෙසක් දරපු ශාකයක්.ඒත් අද මෙී බිමෙන් ඒක වඳවෙලා යනවා.දැන් හඳුඟල කිතුල් පැණි නෑ.කලාතුරකින් මෙී ගමෙන් හමුවෙනවා හැරෙන්න.දැන් පැණි බෝතලයක් රුපියල් 650ක් වෙනවා.පදනම හැදුනට කිතුල් වලට නිවැරැදි අත්තිවාරමක් වැටිලා නෑ.වැටෙන්නෙත් නෑ.
ඇතිදැඩි වෙචිචි කිතුල් ගසක් නාමිබකුවීමෙන් පසුව හැඩිදැඩිවෙලා සොබාදහමට ජීවය අැස් පන්ති වලට පෙනෙන්නට දෙන්නට පටන්ගන්න කතාව මනස්කාන්ත එකක්.සාරවත් කිතුල් ගසක් මධ්‍යස්ථ කඳ කොටස පුම්බාගෙනයි ජීවත්වෙන්නේ.උඹල දන්නවා ඇති ඩොල්කිය.ආං ඒ වගේ.හැබැයි ඩොල්කි කඳන් දෙකක්විතර මහතයි.භූමියේ පිහටීම අනුව ගහේ උස තීරණය උණා.මීටර් හැත්තෑවෙී සීමාව අතික්‍රමණය කරපු කිතුල් අපේ මෙී පෙදෙසේ නිමිනවල තියෙනවා.කිතුල් ගහට උණගහ තියලා ගහ හැරගහලා මිනිස්සු මල් මදිනවා.මෙී පැත්තෙ කියන්නේ මල් කපනවා කියලා.පිමිබුණ කිතුලක ඉති උපරිමය විසිපහත් තිහත් අතර.ඒ පිළි මදකිපුණු හස්තිරාජයෙකුගේ දෙකන් පැද්දෙනවාවගේ ලතාවකටයි හෙලවෙන්නේ.වැඩිවියට ආපු කිතුලක් මල් බිහිකරන්න පටන් අරගන්නවා.උඩ ඉඳන් යටට.එතන තමයි වැදගත්ම සංදිස්ථානය.මතක්කරගනිල්ලා උඹයි මමයි මෙී ලෝකෙට බිහිකරන්න තාත්තා එක්ක දීග ආපු අමිමා.ඈ දරුවන් බිහි කරන්න බිහිකරන්න නොහැකියාවට පත් උණා.ඉස්සරකාලේ අමිමා කෙනෙක් දරුවන් දහදොලොස්දෙනා බිහිකළා.මාතෘත්වය මනරමි කළා.විශ්මය ජණනය කළා.ඈ ලේ වැල් දිය කරන් දරුවන්ට පෙවුවා.උඹලා අපි උරන් බිවුවා

.හැදෙන අපි දිහා බලමින් ඈ සිනාසුණා.හැදුණු සමහරු පසුකළෙක අමිමාට අරියාදුවට සිනාසෙන යුගයක පැටලුණා.ජීවය දුන්නු ඈ නිගාවට පත් උණා.කිතුලත් හරියට අමිමා කෙනෙක් වගේ.මහ පොළවෙී සාරය තමන්ගේ ශරීරයෙන් වර්ණවත් කරලා පෝෂණය කරලා මිනිසුන්ට ගෙනත් දුන්නා.ඒ බව දැනහඳුනගත්ත මිනිස්සු කිතුල් මල් දිහා බලලා පරිස්සමෙන් මලෙන් පැණි ලබාගන්න වැඩකට ගියා.කිතුල් ගසේ මුදුන පලාගෙන ආපු පළමු මල "මුදුන්මල"උණා.අමිමා බිහිකරපු පළමු පුතා නැතිනමි දුව ගුණගරුකයි.බලාපල්ලා බොරුදකියලා.උඩ ඉඳන් යටට පිළි අතරින් විහිදුණු කිතුල් මල් නියම වෙලාවකටයි එළියට අාවෙී.ඒ කතාව නිසි කළ අමිමා කෙනෙක් දරුවන් බිහිකරණවා වගේ එකක්.අමිමා බිහිකරපු හිතුවක්කාර පුතුකු වගේ සමහර කිතුල් මල්.අමිමාට තාත්තාට සොයන්නට බලන්නට ⁣⁣ඒ හැටියක ඉඩක් නොලද තැනක හිතුවක්කාරයෙක් පවුලක බිහිඋණා.හැබැයි ඌ සංවෙීදියි.ඒ වගෙම කිතුල බිහිකරපු මල පිපෙන්නට ඉඩ හැරියානමි ඒක සොබාදහමෙී හිතුවක්කාර ගුණවගාවක බැඳිල ඉන්නවා.කහපාට රේණු පිරුණු කිතුල් මල්වල පැණි බොන්නට ආපු නැති මී මැස්සෙක්,බඹරෙක්,දෙඹරෙක්,දඬුවැල්බෑ මැස්සෙක්,කණමී මැස්සෙක්,පළතුරු මැස්සෙක්,සමනළයෙක් නොහිටිය තරමි.

මෙී බිමෙී මිනිස්සු හදපු කිතුල් මල්වල තෙලිජ්ජ මුටිටි,කළ උතුරන්න වෑහුනා.රෑට කිරි වවුලන්,මහ වවුලන් තෙලිජ්ජ උරා බිවුවා මුටිටි වලින් හොරාට.දිවා කාලයේ දඬු ලේනන්,බටු ලේනන්,ගිරා මලිත්තන් එවැනි ගස් බදු අරන්.ගහ විඩාවට පත්වෙන බයට සහ සාමූහික අයිතීන් උදෙසා අපේ මිනිස්සු කිතුල්මල් පිපෙන්නටත් ඉඩ දුන්නා.කිතුල් රෑන් එළියට ආවෙි ඒ නිසා.ඒක තමයි කිතුල් ගහේ පියකරු ම අවස්තාවක තවත් එක් සංදිස්ථානයක්.මෙී රෑන මීටර හයක පමණ දිගකට වැක්කෙරෙණවා.කාන්තාවන්ගෙ කොණ්ඩය කිතුල් රෑනකට උපමා කළා අපේ කළාකාමියා."රැහැන"තමයි රෑන උ⁣ණේ.මෙී රෑන මෝරද්දි ඒ "රැහැන" කියන කතාව අවබෝධ කරගන්නට පුලුවන්.රෑන්වල හැදුණු නියම කිතුල් මල එතනයි තියෙන්නේ.ඒක මල් දහස්ගණනක එකතුවක්.රන්වන්පාටයි.මෙි මල් බිම වැටෙන කාලෙට යායම සුවඳයි.ගහක් ලඟට ගියොත් ඒ සිරියාව වඳින්න පුලුවන් ඇති තරමි.නොනවත්වා මල් බිම වැටෙනවා.සොබාදහම පුදුමාකාරයි කියන්නෙ ඒකයි.පරාගනය වෙචිචි කිතුල් මල් නිසා හටගන්න ගෙඩි මිදි වගේ.ඒ තරමි දැකුම්කළුයි.ඒ මත යැපෙනවා තවත් සත්තුපන්තියක්ම."චට පට චට පට..."ගගා මාණිලයා කියන කොබෙයි විශේෂය දිවා කාලයට ඒක කුලියට ගන්නවා.රාත්‍රියට උගුඩුවා කියන ග්‍රාම වාචික සිවුපා සතා ඒක තමන්සතු කරගන්නවා.ඌ ඇතිවෙනකමි කිතුල් ඇට ගිල්ලා.හිතුවක්කාර මල පරවෙලා බිමට වැටිල මහ පොළොවටම පොහොර උණා.අමිමාගෙ හිතුවක්කාර දරුවන්ටත් වඩාත් දැවැන්ත සමාජීය බැඳීමක් තියෙනවා.

පිළි අතරින් ආපු මල් වලට අපේ පැත්තෙ මිනිස්සු මුදුන් මල,අක්මල,කමිපොරි මල ආදී නමි භාවිතා කළා.කඳෙන් ආපු මලට කඳ ගැටය කිවුවා.මිනිස්සු ඒ මල් පවා මැද්දා උගුවැල් දමාගෙන.හරිම සීරුවෙන් සොබාදහම සමග ඔටිටු උණා.කිතුල් ගහ වියපත්වෙන්න පටන්ගත්තෙ මල්වරවීමෙන් පස්සෙ.හැබැයි ඈ මෙි සොබාදහමට දැවැන්ත ජීවයක් ගෙනාවා.ඒක ලියමනකින් ලියල ඉවරකරන්න බෑ...අමිමා වියපත්වෙන්න පටන්ගත්තෙ දරුවන් බිහිකරන්න පටන්ගත්තට පස්සෙ.දරුවන් හැදීමෙන් පසු ඔවුන් සමාජගතවීමෙන් පසු අමිමා සමාජයේ අත්හැර දැමූ ජීවියෙක් උණා බොහෝ තැන්වල.කිතුලත් මල්පැණි පරිත්‍යාග කළායින් පසුව ගණනකට නොගෙන මිනිස්සු ඈත් කළා.වරිගය ගැන නොහිතපුතැන හමිබන්තොට මෙී බිමෙන් කිතුල් ඔය විදිහට වඳ උනා මගෙ පුතේ.

කිතුල වඳවෙන ක්‍රමය වෙීගවත් වෙන්න මිනිස්සු වෙචිච මැදිහත් වීම ගැන මට මහ ගොඩක් කණගාටුයි.මල්වර වෙන්න ආසන්න දැවැන්ත දේහදාරී කිතුල් හීලෑ අලින්ට කෑම පිණිස මෙී මතෘභූමියේ බිම පතිත කරණවා.මං අහනවා අලි මැරෙනවද කිතුල් බඩ නොකෑවොත් කියලා.ඒවට ඔීනතරමි විකල්ප තියෙනවා.දැං අලුත්ම ජමිබෝරිය තමයි අපේ පරමිපරාව හදන ගෙවල්වල ඉදිරිපස දොර ජනෙල් අලංකාරයට කිතුල් අරටු යොදාගැනීම.උඹල අහයි අරටු කොයිනද කිතුල්ගහේ කියලා.දන්නෝ දනිති.කිතුල් ලීය සඳහා තියෙන ඉල්ලුම මෑතකාලයේ අලංකාරය පිණිසම ගොඩනැගිලා.අමු අමුවෙී තියෙන ඉතුරු කිතුල් ගස් ටිකත් අහිමිවෙනවා.විසිදුරු භාණ්ඩ,ගේටිටු,වැටවල් සඳහාත් කිතුල්ගස් නිමක්නැතිව ඉවත්වෙනවා.පහතරට තෙත්කලාපීය දේශගුණයෙ,නිවර්තන වන වැස්මැති සිංහරාජෙ මායිම් ගමිමානවල,පහත් කඳුකරවනාන්තර වටා පවතින ගමිමාන වල කිතුල් වඳවෙන්න ගිහින්. ඒ අනුව ලංකාගම ,කලවාන, රත්නපුර, මතුගම, අගලවත්ත, බදුරලිය, ඉඹුල්කන්ද, සූරියකන්ද, දෙණියාය, කැකුන්දෙණිය, ඌරුබොක්ක,මාවරල,අකුරැස්ස,ආදී ප්‍රදේශ වල දැඩිවම කිතුල් වඳවෙන බැවු පෙනෙන්නට පවතින්නක්.

මම ඒ තරමි වෙීදනාවකින් මෙී ලියන්නේ.කිතුල් ගහ කියන්නේ මෙී බිමට දෙවියෙක්.මෙී මාතෘභූමියට සමිපතක්.ඒක ව්‍යාප්ත කරන්න මෙී පක්ෂ පාට ඇතුළෙ හැදුණු වැඩක් නැහැ මචන්ලා.

මෙීක මහ අරුම පුදුම රටක්.වෙරළබඩ මිනිස්සු රට වටෙීම පොල් රා මැද්දා.පොල් පැණි කර්මාන්ත හැදුවා.අනුරාධපුරෙන් ඔබිබට යද්දි මෙීබිමෙි මිනිස්සු තල් රා මැද්දා.තල් පැණි හැදුවා.පහතරට මිනිස්සු ගජරාමෙට කිතුල් මල් මැද්දා.ඒ පැණියෙන් දේශයක් ජීවත් කෙරෙවුවා.කිතුල්,පොල්,තල් සැපට හැදුණු මෙී මාතෘභූමියේ අද කිතුල් මියැදෙන්න හදන වග උඹලාට දැනෙන්නෙ නැද්ද මගෙ යාලුවනේ.ගුණාත්මක බවින් අනූන ඉස්තරම් කිතුල් පැණි කර්මාන්තයට මොකද මෙී උණේ.කෝ පොල් හකුරු ටික.තල් හකුරු ටික.කිතුල් හකුරු ටික හුවමාරු වෙචිච උප සංස්කෘතිය.

ඒ කාලෙ අපේ අමිමා කොස්ගැට අචිචාරුවට පදමට විනාකිරි වත්කරන්න හරි හපනී.ඇතිවෙනකමි කිතුල් විනාකිරි ගමටම දීමෙී පවුල් අතර එකක් උනේ අපේ ගෙදර.බෝතල් අරන් පෝ්ලිමට අප්‍රේල් මාසෙට ගමෙීම නැන්දල,ආචිචිලා අපේ ගෙදර.විනාකිරි ගන්ට.තාත්තා එක්ක මං පුන්චිකාලේ කිතුල් මදින ගස් තියෙන පැතිවල යනවා.හැම ගහක්ම ගෙදර ඉඳන් 750mක් වගේ වපසරියක තිබුණේ.තෙලිජ්ජ මුටිටි අරන් තාත්තා එක්ක පස්සෙන් අඩිපාරවල් දිගේ එන මම තාත්තාට හොරා තෙලිජ්ජ මුටිටියට හොමිබ දෑවා.මී පැණි මක්කැයි.....ගෙදර ගියාම අඩුවෙචිචි තෙලිජ්ජ දැකල තාත්තා කියන්නේ මං එන අතරෙ ඉහිරවලා කියලා.මාත් කෙඳිරිල්ලෙන් ඔවුකියනවා.ඒක දන්නෙ මමනේ.එහෙම ඉඳුල්කරන්න දුන්නෙ නෑ ඒවා.එහෙම බීපුවහම මල ඇරෙනවලු.

කිතුල් රා කියන්නෙ ඖෂධීය පානයක් මචන්.පණු අමාරුවට අංක එක.ගිරහේනිය කියන්නේ.අන්න එකටත් අංක එක.කිතුල් රා වීදුරුවක් බීවොතින් මුලු බඩම පිමිබිලා උල් වෙලා ජර බර ගගා මොකක්ද වෙනවා.අතපයේ තියෙන රෝම කූප තරඟෙට කෙළින් වෙනවා.වෙද පප්පගෙ අරිෂ්ටෙ බීපු සූරපප්පා මතකද.අන්න ඒ වගේ එකක් වෙන්නේ.වෛද්‍ය විද්‍යාව කියන්නෙ ඇල්කොහොල් තේ හැන්දක ප්‍රමාණයක් මිනිස් ශරීරයට අවැසියි කියලා.හැබැයි මට කාලරාමු මතක නෑ.වැඩෙී කියන්නෙ අපේ උන් ඇල්කොහොල් නානවනේ.කිතුල් රාත් වැඩිපුර බීවොත් කුඩාවැල්ලෙ හුමිමානෙ වගේ තමයි.උඹලගෙ භාෂාවෙන් කිවුවොත් බඩු බනිස් තමයි ඉතින්.හැබැයි මාත්‍රාවට ගත්තොත් ඖෂධයක්.කොළඹ පැත්තෙ ලොකුලොක්කො කිතුල් රා හොයන් ගමි වදින්නෙ ඔන්න ඔය හේතුව නිසා.ලොක්කන්ගෙ ගැහැණු උදවියත් අපූරුවට උන් එක්ක රා බොන්ට ගැටෙනවා.උඹලටත් මුරිචිචි උනාද උන්.හැබැයි දැං උනුත් වඳවෙලා.

ලංදේසි,පෘතුගීසි,ඉන්ගිරිසි ලංකාවට පහර දෙද්දි කිතුල් ගහ අග්‍රගන්‍ය මෙහෙවරක් කළා.සිංහල හමුදාව පදමට ජවය ගත්තෙ කිතුල් රා වලින්.ඒක මත්වෙන්ට බීපු පානයක් නෙවෙයි.ජය පැන් වදිහට බිවුවෙත් කිතුල් රා.ඊලඟ හොඳම දේ තමයි සොබාදහ⁣මෙන් සමුගනිපු කිතුල් ගස් පූජනීයත්වයෙන් කපා ගනිපු අපේ සිංහල හමුදාව වානේ පතුරු වගේ සවිමත් කිතුල් ලීයෙන් ශක්තිමත් කිතුල්පොලු හමුදාවන් හදපු එක.පැරණි ගෙවල්වල වංගෙඩියට මෝල්ගස් හැදුනේ කිතුල් ලීයෙන්.බූරු ඇඳන්,ඇඳන් සඳහා හරහට දමන පොලු හැදුනේ කිතුල් ලීයෙන්.මෙීවට අවැසි ලී ගහ මරල නෙවෙයි මැරිචිච ගස් තෝරලයි අපේ මිනිස්සු අරගත්තේ.

බෙනවගේ් පවතින කිතුල් ගස් ඇතුළෙ සත්තුන්ගෙ ජනාවාස තිබුණා.එයිනුත් පස්සෙ ඒක ඇතුළෙ කාබනික පොහොර ගබඩාවක් හැදිලා තිබුණා.පැරණි මිනිස්සු ඒව හොයාගෙන ගියා.දිරාපත් වෙචිචි කිතුල් ලී වලින් බුලත් මැහි බැන්දා.බුලත්වැලේ පහුරු ලයාන්විතව කිතුල් ලීයට පෙමි කළා.පොල්කටු හැන්දෙ මිට වෙලා කිතුල් ලීය හැන්දට පෙමිකළා.පැරැණි නිවාසවල දෙපියන් දොර ජනෙල් ඇතුළෙන් අගුලුදමන්න සොයිබ තිබු⁣ණෙ නෑ.අගුලු බැන්දේ ශක්තිමත් කිතුල් පොල්ලක්.ඒක අපූරු ඉබිබෙක් බොල.ඒ නිසා එය අගුල වෙලා දොර ජනෙල් වලට පෙමි බැන්දා.අපේ අත්තමිමාලයි ගෙදර තවමත් එහෙම හරහට කිතුල්පොලු දමල දොරජනෙල් අගුලු දමනවා.ඒක රැදවෙන්නේ උලුඅස්සට ගහපු යකඩ පටිටමක.

කිතුල රකින්න නීති හැදුවෙ නෑ.රා මදින්න ආණ්ඩුවේ ලයිසොන් හදුවා.ඒව හදල බලපුවහම කිතුල් වඳවෙලා.රුහුණේ අභිමානවත් එළකිරි ටිකට,මී කිරි ටිකට අනේ කෝ දැං නියම කිතුල් පැණි.පැණි බෝතලයට ලේබලේ අනිවාර්ය කළා.හැබැයි එළියට ආවෙී සීනි පැණි.මාකටි හැදුණා.කිතුල මියදුනා.

අද විශ්‍රාමික රජයේ සේවකයන් ඒකාලෙ ඉගෙනගත්තේ හමිබකරන්.ඒකට තෝරාගත්තේ කිතුල.මගේ ලොකුතාත්තා බාප්පලා තවමත් ඒ අතීතය වමාරිණවා.ශිෂ්ටාචාරය අවැසියි අනාගතයට.හමිබන්තොට ගිරුවායේ වගෙම මෙි මතෘභූමියේ මියැදෙන කිතුලට ජීවය දෙන්න වැඩක් හදන්න.ඒකයි මම ඉල්ලන්නේ මගේ මිතුරු පාලකවරුන්ගෙන්.ඔන්න ඔිකයි මගේ කතාව.

- ටී.ඩී.කේ.එ්.ප්‍රසන්න -






Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...