නිල්වලා ගං කොමළිය වනසන පසමිතුරෝ...


   නිල්වලා මිටියාවතේ සිදුකරන උණ දැව ජාවාරම හේතුවෙන් නිල්වලා ගගේ පහත් බිම් ප්‍රදේශ නිතරම ජල ගැලීම් වලට ලක් වේ. නිල්වලා ගං මිටියාවතේ ඉහල කොටසේ සිට පහළ ප්‍රදේශයේ ගං ඉවුරු දෙපස ඇති උණ ගස් විවිධ ජාවාරම්කරුවන් විසින් තමන්ගේ අභිමතය පරිදි අත්තනෝමතිකව කපා විනාශ කරන අතරම නිල්වලා ගං කොමළිය ඒ උණ ගස් ප්‍රවාහනයට ද යොදා ගනී. එහෙත් ඉතිරි වන උණ ගස් කැබලි ජාවාරම්කරුවන් ගගෙහි හා ගං ඉවුර මත අතහැර දමා යාම නිසාවෙන් එම උණ ගස් වල ශේෂ වූ කොටස් ගගෙහි පාවී අවුත් ගගෙහි පලළ කොටසේ ඇති පාලම් ආශ්‍රිතව හිර වීම හේතුකොටගෙන ඉතා කුඩා වැස්ස අවස්ථාවකදී වුවද ගග පිටාව ගැලීම සිදුවෙයි.

     මේ හේතුවෙන් මාලිම්බඩ , වැල්ලෙතොට , පියද්දෙගොඩ , කද්දුව , නාරංගල ආදී පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන අහිංසක ජනතාව මින් පීඩා විදී. එදිනෙදා වැඩකටයුතු මෙන්ම රාජකාරි වැඩ කටයුතු මේ හේතුව නිසාවෙන් නිසි අයුරින් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

      ජාවාරම්කරුවන්ගේ විවිධ අපේක්ෂාවන් උදෙසා සිදුකරන මෙම සංහාරය පිළිබඳව මැනවින් සොයා බලා ඊට අවශ්‍ය නිසි පියවර ගැනීම බලධාරීන් සතු වගකීමයි.


සටහන
ආඳළුවේ ධම්මසිරි හිමි








 


Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...