කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව සහ ඌරු ප්‍රශ්නය
මේ දිනවල සමාජ මාධ්‍යවල සහ බොහෝ කතා බහ අතරේ ඌරන්
ඝාතනය සදහා නීතිය ලිහිල්
කිරීම ගැන කතාබහට ලක්වේ.මේ ඒ පිළිබඳව තබන සටහනකි.
මෙම ගැටලුව පිළිබඳව විවිධ පාර්ශවයන් එක් එක් මානයන්ගෙන් විග්‍රහ කරනු පෙනේ. එක් විටෙක එය විද්‍යාත්මක අර්ථකින් ගත් තීන්දුවක්
ලෙස සාධාරණීකරණය
කිරීමත් , තවත්
විටෙක මානව
කේන්ද්‍රීය අර්ථකින් බලන කල පිං පව් අර්ථයෙන්
විග්‍රහ කිරීම් වශයෙන්
එම විග්‍රහයන් හදුනාගත හැකිය. ඒ කුමන විග්‍රහ
කිරීම් අතර්ර්ර් වුවද නිවරදි ඉලක්කය හිතාමතා හෝ නොදැනුවත්කමින් මගහරිමින් තිබේ. කැකිල්ලේ
රජුගේ නඩු තීන්දුවේදී සිදුවන්නේ
වැරැදිකරුවා වෙනුවට අහිංසකයකු දණ්ගෙඩියට යැවීමයි.ඌරා සම්බන්ධ
තීන්දුවේදී ද එවැන්නක්
සිදුකොට ඇත.
එසේ නම් දණ්ගෙඩියට යැවිය යුත්තේ කවුරුන්ද...?
හුදෙකලා විද්‍යාත්මක විග්‍රහයන් තුළ පෙනෙන සත්‍ය සත්‍යයම නොවනු ඇත. එහෙත් විශාල දැනුම් සම්භාරයකින් කෙරෙන විග්‍රහ සෑමවිටම සත්‍ය යටපත් කරනු ඇත. අප හැකිතාක්දුරට ලංවිය යුත්තේ සොබාදහම් විද්‍යාවටයි. ඒ සදහා මානවයා මේවනතෙක් අසමත්ව ඇත. ඔහු පරීක්ෂණ , නිරීක්ෂණ මෙන්ම නිගමන වලට එළබෙන්නේ හුදු මානව අවශ්‍යතා පදනම් කරගෙන පමණි.එය සමස්ථයේ පැවැත්ම තහවුරු කිරීමට අසමත්ව ඇත. ඒ නිසා එය පරම සත්‍ය ලෙස නොගත යුතුය.
තවත් අයෙක් මෙය මානව
කේන්ද්‍රීයව දකියි. මිනිසා වන සතුන් හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවත් , එලෙස පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ගත් නිවරදි තීන්දුවක් ලෙස ඌරු ප්‍රශ්නය දකී. පරිසරය අර්බුදයට ලක්වන සෑමවිටම ජන ජීවිතය සේම් සතාසීපාවන් සහිත සමස්ථ ක්‍රියාවලියම අවුල් සහගත තත්ත්වයට රැගෙන යයි. එහි ප්‍රතිඵලය වන්නේ පරිසරය තුළ ජීවන සටනක නිරතවන පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කිරීමයි. ජනතාව අද මුහුණ දී ඇති
අර්බූදය නිර්මාණය කලේ කවුරුන්ද
යන්න සොයා බලා නිසි පිළිතුරු
සෙවීම සහ නිසි සැලසුම් සකස් කිරීම සැබෑ මානව හිතවාදයයි. මෙම ගැටලුවේදී මානව හිතවාදීන්ට එය අමතකව ගොස් ඇත.දැන්
ඔවුන්ගේ සතුරා කිසිවකට වග නොකිවයුතු ඌරා වරදකරුවකු වී හමාරය.
සමහරක් අය කිසිදු හේතුඵල සම්බන්ධතාවයක් නොසලකා හැල්මේ පිං පව් අර්ථයෙන් ගෙන ඇත. සියල්ලෝම
කැකිල්ලේ රජුන් සේම වැරැදිකරු
නිරුපද්‍රිත කොට වටේ අතගා බලා නන්දොඩවන්නන් ලෙස මට පෙනේ.
අප සිදුකල යුත්තේ වැරැදිකරු අල්ලාගැනීමත් , වරද නිවරදි කිරීමේ දිශාවට ගමන් කිරීමත් , සංවිධානයෙන් යුතුව ඒ සදහා
සැලසුම් සකස් කිරීමත් , විශේෂයෙන්
දැනුම අවබෝධයෙන් යුතුව ඉලක්කයට පහර දීමත් ය. එහෙත්
අප ඌරාට බයිනෙත්තුව අමෝරා ඇත. එය හෙට දවසේ තවත් සතෙකුට වනු ඇත. අවසන ඔබ ද එහි ඉලක්කයක් වනු වැළැක්විය නොහැකිය.
ක්‍රි. ව. 1505 ට පෙර මිනිසා
හා සතාසීපාවන්
අතර මනා සහජීවන පැවැත්මකින් යුතු ජීවිතයක් අපට තිබුණි.එහිද යම් යම් අඩුපාඩු නොතිබුණි යැයි නොකියමි. එහෙත් පෘතුගීසි ආගමනයත් සමග වෙරළබඩ තීරයත් , පහතරට වනාන්තර වනසමින් අප රටේ කුළුබඩු
පමණක් නොව දැව සම්පත, අලි සම්පත ඔවුන්ගේ රටවල්වලට රැගෙන යන ලදී. ඉන් අනතුරුව පැමිණි ලන්දේසින්ද එයම සිදුකරන ලදී. ඉන් අනතුරුව රට අත්පත් කරගත් ඉංග්‍රීසින් පහතරට වනාන්තර මෙන්ම කදුකර වනාන්තරද වනසා දමමින් වැවිලි භෝග සදහා ඉඩකඩ ලබා ගන්නා ලදී. හදවත මෙන් සුරැකිය යුතු මධ්‍යම
කදුකරයද ඔවුන් වනසා දමන ලදී.
ඔවුන්ට රැකීමට කිසිවක් නොවූයෙන් අපේ රටේ සම්පත් සිය රටට රැගෙන යාමේ ඉලක්කයට සැලසුම් දියත් කරන ලදී. ඉවක් බවක් නොමැතිව සිදුකරන විනාශයේ ප්‍රතිඵලයක් ලෙස අලින් වැවිලි වගා හා ගම්බිම් වලට සංක්‍රමණයට ඉඩහසර ලැබුණි. එදා සිට අලි මිනිස්
ගැටුම නිර්මාණය
විය.සුද්දට අලියා හිසරදයක් විය. වැවිලි භෝග වගාවන්ට අලියා හානිකරන බැවින් බ්‍රිතාන්‍යයන් ගත් තීරණය වන්නේ අලින්ට වෙඩිතබා ඝාතනය කිරීමටයි. එසේ අලියෙකු වෙඩිතබා ඝාතනය කරන්නෙකු වෙනුවෙන් මුදලක්ද ගෙවන ලදී. ඒ අනුව 1845 සිට 1859 දක්වා අලි ඇතුන් 5194ක් ඝාතනය කොට ඇත. සුදු
ජාතිකයන් ඝාතන සංස්කෘතිය එලෙස හදුන්වා දෙන ලදී. අද
අප ඌරාට
වෙඩි තබමු.
නාමික නිදහසක් දී ඔවුන් ගියද අප රටේ සම්පත් ඔවුන්ගේ රටවල් සදහා සම්පත්
ගලනයට අවශ්‍ය සැලසුම් අපට එවන ලදී.ආධාර ලෙස ඔවුන්ගේ ප්‍රාග්ධනය අප පොළොව මත හෙලා මුදල් ඉපයීමට අවස්ථාව දෙන ලදී. එදා මෙදා සියලුම
පාලකයන් සිදු කලේ පරිසරය අමතක කොට සංවර්ධනය වීමයි. නිදහසින් පසු ගෙනා මහා සංවර්ධන හීනයන් අප මාතෘභූමියේ සම්පත් ක්ෂය කොට සතාසීපාවන් හා මානව සමාජය සතුරන් සේ ගැටුම් නිශ්පාදනය කොට ඇත.
එවැනි මහා පරිමාණ සංවර්ධන නාමික විනාශයන් අද දවසේ අපව බෙදා වෙන්කොට සතුරන් සේ දකින්නට උගන්වා ඇත.
1.
නැගෙනහිර
ප්‍රදේශයේ ඇති කල ගල් ඔය ව්‍යාපාරය
2.
දකුණු
පලාත තුළ
ඇරඹුණු වලවේ හා කිරිදිඔය ව්‍යාපෘතිය
3.
නැගෙනහිර
, ඊසානදිග
හා වයඹ
යන ප්‍රදේශවල
ක්‍රියාත්මක මහවැලි ව්‍යාපෘතිය
4.
වර්තමානයේ
ද ක්‍රියාත්මක
2011 සහ
2030 ජාතික භෞතික සැලසුම්
වැනි සංවර්ධන ව්‍යාපෘතින් සිදුකල පාරිසරික විනාශය අපමණය. මේ සෑම ව්‍යාපෘතියකම ණය ආධාර මුදල් වියදම් කොට බලය පවත්වා ගැනීමත්, පාලකයන් පොහොසතුන් බවට පත්වීම හැර මිනිසුන් සතාසීපාවන්ගේ සුභ සිද්ධියට යොදවා නැතිබව අද පත්ව ඇති අර්බුදය අපට කියාපාන කැඩපතක් නොවන්නේද..? සුද්දා අපට සංවර්ධනය උගන්වන අතරම වෙඩි තැබීමට ද උගන්වා ඇත. ඔවුන් අලින්ට වෙඩි තබන ලදී. අප ඌරන්ට වෙඩි තබමු.
අර්බුදය නිර්මාණය කරන්නන් සෑමවිටම අර්බුදය මතින් යැපෙයි. ඌරන් මැරීම පරිසරය රැකීමේ මාර තීන්දුවකි. එහෙත් සිංහරාජය, විල්පත්තුව , දුම්බර කදුවැටිය අද ද
වැනසේ. ඌව පලාතේ පමණක් අක්කර
20,000කට වඩා වනාන්තර
ගිණිබත්ව ඇත. රටේ තත්ත්වය මීට වඩා වෙනස්ය.එහෙත් ජනපති පරිසර ඇමැතිය. එකදු විසදුමක් නැත. එහෙත් ඌරන්ට වෙඩි තබන්නට අත් ඔසවා ඇත. මිනිසා
සහිත ගහකොළ
සතාසීපාවන් අනතුරේ හෙලා සතාසීපාවන් සතුරන් සේ දකින ගැටුම්
නිර්මාපකයන්ට වෙඩි තැබිය යුතු නොවන්නේද...?
( මෙහි ගැටුම් නිර්මාපකයන්ට වෙඩි තැබීම අවශ්‍ය බව සදහන් කලේ ජනතාවාදි ක්‍රියාමාර්ගයකට බව කරුණාවෙන් සලකන්න )
සටහන
වෑකඳවල රාහුල හිමි
Comments
Post a Comment