ශාක ගැන විමසුමක් .....

M.ටෙෂ්මිලා මධුෂානි
සොබාදහම් පාසල 

                    ශාක පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී   ලංකාව තුළ පවතින  ජෛව විවිධත්වය පිළිබඳව අවධානයට ලක් නොකර බැරි කරැණකි. ජෛ විවිධත්වය යන වචන යුගලය මෑතකදී බොහෝ සෙයින් ව්‍යවහාරයට ලක් වූ අතර විශේෂයෙන් ස්වභාවික පරිසරය විස්තර කිරීමේදී මෙය බහුලව භාවිතා කරයි. ඉතා පුංචි  ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින්  ඉතා දියුණු රටක් බැව් නොරහසකි. ලංකාව තුළ තුනෙන් එකක් පමණ  ආවරණය වන නිරිතදිග තෙත් කලාපයේ  ජෛව විවිධත්වය ඉතා අධිකය. ඒ වගේම  ස්වභාවික වනාන්තරවල ජෛව  විවිධත්වය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව ඉතා වැඩිය.ජෛව විවිධත්වය ප්‍රධාන වශයෙන් තෙවැදෑරැම් වෙි.

             1.ජාන විවිධත්වය
             2.විශේෂ විවිධත්වය
            3පරිසර පද්ධති විවිධත්වය

ජෛව විවිධත්වය පිළිබඳව මෙයට වඩා අවධානය යොමු නොකර ශාක පිළිබඳව මෙසේ අවධානය යොමු කරමු.

             පරිසරය තුළ ජීවත්වන ජීවියාට ජීවත්වීම සදහා ජීවය ලබාදෙනු ලබන ශාක ඉටුකරනු ලබන්නේ ඉතාමත් භාරදූුර්ය කාර්යකි. මෙසේ ඉතාමත් අගනා මෙහෙයක් ඉටු කරනු ලබන ශාක ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා  දැක්විය හැකිය.

එනමි ,
                1.ඒකදේශික ශාක
                2.ආවෙිනික ශාක
                3.හදුන්වාදුන් ශාක

ඒකදේශික ශාක :-
                කිසියම් රටක ඇති ශාක හෝ සත්ව විශේෂයක් එම රටෙි හැර වෙනත් කිසිම රටක හමු නොවෙිනමි ,එම විශේෂය ඒකදේශික ශාක ලෙස හදුන්වයි. වෙනත් රටවලට සාපේක්ෂව ඒකදේශික ශාක අතින් ශ්‍රී ලංකාව ඉහළ මටිටමක පැවතීම විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවෙි හමුවන ඒකදේශික ශාක වලට නෑකම් කියන සමීප සමානකම් ඇති ශාක ඉන්දීයාව ඇතුළු වෙනත් ආසියානු රටවලදී හමුවෙි.

ආවෙිනික ශාක :-
                  ආවෙිනික ශාක විශේෂ ලෙස හදුන්වන්නේ මෙරට මෙන්ම වෙනත් රටවලද ස්වභාවිකව හටගෙන ඇති ශාක විශෙශ්ෂයි. ඉතා ඈත අතීතයේ ලංකාව ඉන්දීයාව සමඟ සමිබන්ද වී තිබූ බැවින් ශාක විශේෂ හා ජානමය කොටස් හුවමාරු වී ශාකවල සමානතා ඇති වී ඇත.

හදුන්වාදුන් ශාක :-
                   මෙසේ හදුන්වනු ලබන්නේ පිටරටක සිට මෙරටට ගෙනවුත් වගාකරනු ලැබූ හෝ අහඹුවෙන් මෙරටට සංක්රමනය වී ඇති ශාක  විශේෂයි. මෙලෙස ආහාර, ඖෂධ , දැව හෝ අලංකාරය සඳහා ශාක හදුන්වා දී ඇත. නමුත් මෙසේ හදුන්වා දී ඇති ශාක අදවනවිට දේශීය ශාක ප්‍රජාවට තර්ජනයක් වී ඇත.

                            මතු සමිබන්දයි.            
              






Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...