ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...
ආදළුවේ ධම්මසිරි හිමි.
ශ්‍රී ලංකා හබන් කුකුළා
Sri Lanka Spur Fowl
( Galloperdix bicalcarata )
Class – Aves
Order – Galliformes
Family – Phasianidae
Genus – Galloperdix
බාහිර ලක්ෂණ
සිරුරේ සම්පූර්ණ දිග
සෙන්ටිමීටර
33ක් පමණ වේ.
දේහ
ප්‍රමාණය
සැලකූ විට
හබන්
කුකුළා,
වලි
කුකුළාගෙන්
අඩක්
පමණ
වේ. එසේත් නැතිනම් ගෘහාශ්‍රිතව ඇතිකරන කුකුළකුගේ
ශරීර
ප්‍රමාණයෙන් අඩක් පමණ වන
විශාලත්වයකින්
යුක්ත වේ. ගැහැණු සතා
හා
පිරිමි
සතා බාහිරින් බොහෝ දුරට හා
සමානය.
එසේ
වුවද
පිරිමි
සතාට වඩා
ගැහැණු
සතා තරමක්
ප්‍රමාණයෙන්
කුඩා වේ. පිරිමි සතා සැලකූවිට
උගේ
උඩු
කය
දිලිසෙන
රතු
දුඹුරු
පැහැති වන අතර
උදරය
පෙදෙස කළු මිශ්‍ර
සුදු
පැහැති
වේ. ඇස් වට
රතු
දුඹුරු
පැහැතිය. පියාපත් අග
සහ
පෙදය
තද
දුඹුරු
පැහැතිය. ගැහැණු සතුන්ගේ හිසෙහි මුදුනත
ප්‍රදේශය
කළු දුඹුරු පැහැතිය. හිස
යට
ප්‍රදේශය
පමණක්
සුදු පැහැති වන
අතර
පියාපත්
පෙදය ඇතුළු සම්පූර්ණ ශරීරයම
දුඹුරු
පැහැතිය. ගැහැණු සතා
පිරිමි
සතා තරම් අලංකාර නොවේ.
ව්‍යාප්තිය
අපේ
රටේ
තෙත්
කලාපයේ වනාන්තර වල
සහ
වියළි
කලාපයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ පැතිරී සිටී.
සිංහරාජ
වනාන්තරයේ
බිම් ස්තරයේ
බහුලව
දැකිය හැකි
අතර
මීට
අමතරව
ගල් ඔය, ලබුගම,
ලාහුගල,
කන්නෙලිය
යන ස්ථාන
වලදී
ද
දැකිය
හැකිය.
ආහාර
ශාක වලින්
වැටෙන
කුඩා
පලතුරු
වර්, ධාන්‍ය වර්ග,
ඇට
වර්ග,
වේයන්
සහ
වෙනත්
කෘමීන්
අල්ලාගෙන කෑමට ගනී.
ජීවන රටාව
මෙම
පක්ෂීන්
වනාන්තර තුළ පොළොව මට්ටමේ වාසය කරයි.
ඝනව
තුරුලිය
වැඩී ඇති
වනාන්තර
තුළ පමණක් දැකිය හැකි
වුවද
නිරීක්ෂණය
කිරීම ඉතා අපහසුය. ඉතා
ඈතට
ඇසෙන සේ
නාද
කරන
හබන්
කුකුළා
ඉතා කුලෑටි පක්ෂියෙකි.
සවස්
කාලයේදී
ගස්මත ලැග
රැය
පහන්
කරයි.
සාමාන්‍යයෙන්
හබන් කුකුලන් ජෝඩුවක් ජීවිතාන්තය දක්වාම එක්ව
සිටින
බවට
තොරතුරු
වාර්තා වී ඇත.
මෙම
පක්ෂීන්
තම සීමාව ආරක්ෂා කිරීම සදහා
ප්‍රබල
අයුරින්
ක්‍රියාකරනු දැකිය
හැකිය.
ප්‍රජනනය
බිත්තර දමන
කාලය
වසරේ
ඔක්තෝබර්
සිට ඊලග වසරේ
අප්‍රේල්
දක්වාත් ඇතැම්විට ජූලි සිට සැප්තැම්බර් දක්වාත් විය
හැකිය.
ගසක
පාමුල
පොළොවේ
කොළ
රොඩු
එක්කර
කූඩුවක්
සාදාගන්නා
අතර එය විවෘත එකකි.ගැහැණු සතා
වරකට
බිත්තර
2ක් දමන අතර
ඇතැම්
අවස්ථාවල
දී
බිත්තර
5ක් දමනු ලැබේ.
ඒවා
ක්‍රීම්
පැහැතිය.
තරමින්
මිලි
ලීටර
43 * 31 පමණ වේ.
වර්තමාන තත්ත්වය
දුර්ලභ පක්ෂියෙකි.
අන්තර්
ජාතික ස්වාභාවික සංරක්ෂණ සංගමය මගින් නිකුත්කරන ලද
වාර්තා
වලට අනුව හබන්
කුකුළා
සාමාන්‍යයෙන් අඩු වී
යෑමේ
තර්ජනයට ලක්
වී ඇති පක්ෂියෙකි.
Comments
Post a Comment