"ගුරු ගීතය"

ප්‍රියන්ත කුමාර

සොබාදහම් පාසල


       

            ශ්‍රී ලාංකීය අපට නිදහස ලැබෙන්න දශක දෙක තුනකට කලින් තමයි සෝවියට් සමූහ ආණ්ඩුවට නිදහස ලැබිල තියෙන්නෙ . නිදහස ලැබුනට පස්සෙ මුහුණ දෙන අභියෝග මොනවද? ඒ අභියෝග හැම රටකටම පොදුයි කියල මට හිතෙනවා.

 ඒ තමයි 

 # පරිසර අර්බුදය
# ආර්ථික අර්බුදය
# සමාජ අර්බුදය

                   මේවාට සාර්ථකව මුහුණ දුන්නොත් විතරයි රටක් දියුණු වෙන්නෙ. සංවර්ධනය වෙන්නෙ . මේ අභියෝග සෝවියට් සමූහ ආණ්ඩුවටත් තිබුන . මේක ජය ගන්න එකම ක්‍රමයයි තියෙන්නෙ . ඒ තමයි අධ්‍යාපනය සැබෑ අධ්‍යාපනයක් තුලින්  පුලුවන් මේ හැම අභියෝගයක්ම ජය ගන්න .

                    කාලයක් ගත වෙන්න පුලුවන් . ඒත් සමාජය වෙනස් කරන්න පුලුවන් හොදම කණ්ඩායම තමයි ළමයින් . එ් සඳහා ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි . අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරු ඉන්න ඕනි . අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නට මග පෙන්වනා ගුරුවරයෙක් . ළමයින් ඉගෙන ගන්න සූදානම් ද , දෙමාපියන් වැඩිහිටියන් එ් සඳහා අවස්ථාව ලබා දෙයිද , ඒ සඳහා අවශ්‍ය කරන ගුරුවරු ඉන්නවාද ?  මේ ප්‍රශ්නය එදා සෝවියට් ආණ්ඩුවට නොතිබෙන්නට විදියක් නැත. ඒ නිසයි නීති පනවල හරි ළමයින්ට උගන්වන්න ඔවුන් කටයුතු කලේ .

                ළමයින්ගෙ ඉගෙනීම ගැන සදහන් කරන සෝවියට් මුද්‍රාව තබා ඇති මේ ලියවිල්ලට තමුසෙල විරුද්ධයි ? කවුද නුබලට  ඉඩම් දුන්නෙ, වතුර දුන්නෙ , නිදහස ලබා දුන්නෙ කවුද සෝවියට් ආණ්ඩුවෙ නීති රීති වලට විරුද්ධ . කවුද ? උත්තර  දීපල්ල.....!

              අයිලයෙ මිනිස්සු ගෙන්වල මහ හයියෙන් බෙරිහන් දීල ළමයින්ට උගන්වන්න ඕන කියල දුයිෂෙන් කීවට අයිලයෙ මිනිස්සු දැනගත්ත දුයිෂෙන් කවුද කියල . මතකද ඔවුන් කීව ...

              ඉස්සර කාලෙ ළමයින්ට ඉගැන්වුවෙ මුල්ලාවරු. උබේ තාත්තා ගැන අපි දන්නව . අපි වගේම එයත් දුප්පත් ගොවියෙක් . ඉතින් උබ කොහොමද මුල්ලා කෙනෙක් උනේ කියල විස්තර කරපන් ?"

             මේකට උත්තර දුන්නෙ . " මම මුල්ලෙක් නෙවෙයි ලොකු උන්නැහේ .මම තරුණ කොමියුනිස්ට් කාරයෙක් . මින් පස්සෙ ළමයින්ට උගන්වන්නෙ මුල්ලාවරු නෙවෙයි ගුරුවරු ."

             "ඔබ යමක් නොදන්නේ නම් ඉගෙනගන්න . ඔබ යමක් දන්නේ නම් උගන්වන්න . මේ කියමන ඔබ අහල ඇති . මට හිතෙනව කියුබාවෙ ෆිදෙල් කැස්ත්‍රෝ මේක කියන්න ඇත්තෙ දුයිෂෙන් දිහා බලල වෙන්න ඇති .

                " ස්කෝලයක් පටන් ගන්න යනව කියල නුඹ මුළු අයිලයටම ඇහෙන්ට බෙරිහන් දෙනවා . උබ දිහා බලාපන්. ශීත කබායක් නැහැ . අස්පයෙක් නැහැ . ගොවිතැන් කරන්න අල්ලක් තරම් වත් කුඹුරක් නැහැ . හරකා බානක් වත් නැහැ .! උබ කොහොමද ජීවත් වෙන්ට කල්පනා කරන්නේ. ඉලන්දාරියා ? පිට අයගෙ අස්පයන් එළවන්ටද.... අපට අස්පයො නැහැ . අස්ප ගාල් තියන එවුන් කඳුකරේට ගිහිං ."

                 තමන්ගෙ ජාතිය වෙනුවෙන් තම යුතුකම කෙසේ හෝ ඉෂ්ඨ කරන්න ඉස්තිර අධිෂ්ඨානයක ඉදපු දුයිෂෙන් මේ සියල්ල දරා ගනිමින් සංසුන්ව කීවෙ "කොහොම හරි ජීවත් වෙන්න බලනව " කියල .

                   පියපුතු පරම්පරා කිහිපයක්ම අකුරු නූගත් අයගෙ දූදරුවන්ට ලෙහෙසි පහසු වැඩක් නොවන බව උගැන්වීමේ මූලධර්මයක් ගැන හෝ ක්‍රමයක් ගැන කොහෙත්ම දැන නොසිටි දුයිෂෙන් හොදින් හොදින් දැනගෙන හිටිය . ඒත් දුයිෂෙන් ළමයින්ට විශ්වාසයක් ඇති කලා. " කියවන්ටයි ගණන් කරන්ටයි මම නුබලට උගන්වන්නම්. අකුරු හා ඉලක්කම් ලියන හැටි මම පෙන්වා දෙන්නම් . මම දන්න සෑම දෙයක්ම නුබලට කියා දෙන්නම් ."

                    මෙහෙම කියපු දුයිෂෙන් දැක්ක මේ ළමයි අදුරෙන් ආලෝකයට යන හැටි . ඒ නිසයි ඔහු කීවෙ .. "අනේ දරුවනේ , කොතරම් සුන්දර අනාගතයක් නුබලට ලැබෙන්නේදැයි නුබලා දන්නවනම්."

                       එදා මුල්ලෙක් නොවුනට ගුරුවරයෙක් ලෙස දුයිෂෙන් දැකපු හීනය හැබෑ වෙලා තියනව . එදා දුයිෂෙන්ගෙ ඉස්කෝලෙ හදන්න පටන් ගත්තෙ බාධක ගොඩක් මැද්දෙ ඒක කඩාකප්පල් කරන්ට තමයි හැමෝම උත්සාහ කලේ . එකතු උනේ .  ඒත් අද........ අයිලයෙ මැද මහ පාසලක් විවෘත කරල  සවුදිය පුරනව. ඒ අතරෙ ඔවුන් මොනවද කියන්නෙ .

                    "සහෝදර වරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගෙ ඉස්කෝලෙ ඉගෙන ගත්ත සමහරුන්ට මතක ඇති . ( එහෙම කියද්දි අයිලයෙ ගරු කටයුතු පැරැන්නන් බීම වීදුරුව ඔසවයි.) එහෙත් දුයිෂෙන් හෝඩියේ අකුරු සියල්ලම නොදැන හිටිය වෙන්න පුලුවන් . (මෙය උපහාසාත්මක බවකින් කියයි ) අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනව . රටපුරාම කීර්තියක් දිනාගෙන තියෙනවා අපේ අල්තීනායි පඬිවරිය. අපි හැම කෙනෙකුම වාගේ මැද පාසල ඉවරකරල තියෙනව . බොහෝ දෙනෙකු උසස් අධ්‍යාපනය ලබා තියෙනවා ".

                  මේ කතා ඇසීමටවත්, අයිලයෙ මැද මහා පාසල විවෘත කිරීමේ  සතුට විදීමටවත්, සවුදිය පිරීමටවත්,  මේ ගමනට අත්පොත් තැබූ දුයිෂෙන් නොමැත.

              අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අපව පසුකරගෙන යාමටය යන කියමන පසක් කරමින් ඒ උත්තුංග මිනිසා අද දවසේ මිනිසුන් වෙනුවෙන් ඔහුගේ රාජකාරිය සිදු කරයි.

දුයිෂෙන් යනු...... කවරෙකුදැයි ඔවුන් දැනසිටියේ..

මහළු වයසට පැමිණි කල ලියුම් බෙදන්නෙකි.

වැඩෙහි දක්ෂයෙකි .

දක්ෂ අසරුවෙකි.

අයිලයෙ සිටින සටන්කාමීන් අතර අතිශය සටන්කාමියාය.

රැස්වීම්වල කතා කරයි .

කම්මැලියන්ට හා හොරුන්ට විරුද්ධව පත්‍රවලට ලියයි.

තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගන්වයි .

                     ඒ අනුව දුයිෂෙන් සෝවියට් සමූහ ආණ්ඩුවේ අනාගතය උදෙසා තම ජීවිත කාලයම කැපකල, ලස්සන හෙට දවසක් වෙනුවෙන් සිහින මැවූ , ආදරණීය , හෘදයාංගම , උත්තුංග මිනිසෙකි . මෙවන් ආදරණීය සමීපතමයකුට පෙම් බදින්නට නොසිතෙන්නේ කාටද?

                   නුබලගෙ අනාගතය කොතරම් සැපවත් දැයි නුබල දන්නවනම් දරුවනේ .... කියල කිවුවම අල්තීනායි හිතනව ඔහු තමන්ගේ අනාගතය ගැන කල්පනා කරනව කියල . මේක කියන්නෙ අල්තීනායිට විතරක් නොවෙයි ඔක්කොම ළමයින්ට . අශ්වය වෘකයට බිලිදෙන්න සිද්ධ වුනේ දවස් තුනකින් ආයෙ එනව කියල ළමයින්ට වෙච්චි පොරොන්දුව නිසා . එතන හිටියෙ අල්තීනායි විතරක් නොවෙයි . මේ වගේ සිද්ධි තව ගොඩක් එක්ක තමයි කියන්නෙ දුයිෂෙන් අල්තීනායිට පෙම් බැන්ද කියල . එහෙම හිතන්නෙ අල්තීනායි .

                  අපි හඳට ආදරෙයි. හඳට පෙම් බදිනව. හඳේ සිසිලස විදිනව. ඒත් අපි හඳ අයිතිකරගන්න යන්නෙ නෑ . දුයිෂෙන් අයිලයෙ ළමයින්ට ආදරෙයි . ඒ අය කෙරෙහි ප්‍රේමයක් තිබුණ. ඒ නිසයි ඔහු එතරම් කැප කිරීමක් කලේ. ඒත් ඔහු ඒ ළමයින්ව අයිතිකරගන්න ගියේ නෑ . අල්තීනායිට ඔහු තමන් නොදැකපු මානයක් පෙන්නුව. දිගු ගමනක් යන්න ඇයට උදව් කලා. එහෙම තමයි දුයිෂෙන් තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් යුතුකම ඉටුකලේ. අයිලයෙ දැන උගත්තු බිහි වෙද්දි . අලුතෙන් පාසල් බිහි වෙද්දි හෝඩියවත් හරියට නොදත් දුයිෂෙන් ගුරුවරයකු ලෙස තමන් ඉටු කල කාර්ය අවසන් කරල තවත් බොහෝ දේ කලා . ඒ හැම දේකින්ම පේන්නෙ ......

                පළමුවත් මට මගේ රට.. දෙවනුවත් මට මගේ රට .... තෙවනුවත් මට මගේ රට කියල හිතන්න පුලුවන් ජාතිකාලයෙන් යුතු තම යුතුකම මවුබිමේ අනාගතය වෙනුවෙන් ඉටු කල මිනිසකු ගැන කියවෙන අපූරු කතාවකි "ගුරුගීතය"





Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...