සොබාදහම සහ කුසගින්න
ඒ. පී. මලීෂා මධුෂානි
සොබාදහම් පාසල
“ ගහකොළ , මිනිසා හා සතුන් යන සියලුදෙනා බෙදාගන්නේ එකම වායුවයි. ඔවුන් මිහිතලයේ කොටසකි. මල්, සතුන් හා ශාක අතර පවතින්නේ සහෝදරාත්මක බැදීමකි. වර්ෂාඅව හා ගංගා වලින් ගලා යන මේ ජලය සෑම දෙයක්ම නඩත්තු කරන ජීව සාධකයකි. මේ සියල්ලම ස්වභාව ධර්මය නැමති පවුලේ ජීවත් වන සහෝදරයෝ වෙති. “
-
රතු ඉන්දියානු නායක සියටැල් -
මිනිසා මිහිතලය මත ඉපදී දැනට වසර මිලියන ගණනකි. ඉන් වැඩි කාලයක් ආහාර සපයාගෙන ඇත්තේ සොබාදහම තුළිනි. ගොවිතැනේ සමාරම්භය පැමිණෙන තුරුම එය එසේ වන්නට ඇත. සමස්ථ ජනයාගේ ආහාර නිෂ්පාදිතය භූමිය හා සයුර මත පදනම් වන අතර එය කවුරුන් විසින් බෙදා හැරියද සමස්ථ ආහාර නිශ්පාදිතයේ පදනම සකස් වන්නේ මෙම දෙඅංශය මතයි. නැතහොත් ලෝකයේම මිනිසාගේ ආහාර නිශ්පාදිතය සොබාදහම මත පදනම් වේ.
වර්තමානය වන විට පවතින ගැටලුව වන්නේ බලහත්කාරී වෙළඳපොළ මාදිලි විසින් එම අවස්ථාවන් අහුරා ඔවුන් විසින් සපයන ආහාර වලට මිනිස් වර්ගයා යොමු කිරීමයි. සැබවින්ම එය සිර කදවුරක ජේලර්වරු විසින් සිරකරුවන් පාලනයට ගන්නා පියවරට සමාන පියවරකි. වර්තමානයේ පවතින සාගිනි ගැටලුව එම් ක්‍රමය මගින් ඇති කල දෙයකි.
විටෙක ආහාර සුලභතාවයේ ප්‍රභලතම සාධකය පැළෑටි වන අතර ගහකොළ , පස මත පදනම්ව ජලය ලබාගෙන ඛනිජ පෝෂකයන් උරා ගනිති. ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් , ජලය හා ඛනිජ පෝෂක ද උපයෝගී කොටගෙන පත්‍ර මත ආහාර නිශ්පාදනය කරනු ලබයි. ඒ සමගම ඔක්ෂිජන් වායුව වායුගෝලයට මුදා හැරීමත් සමග ආහාර විවිධ තැන්වල තැන්පත් කරනු ලබති. මෙම ක්‍රියාවලියේ ප්‍රථිඵලය වූයේ නිවර්තන කලාපය තුළ ආහාර හිගයක් ඇතිනොවූ බවයි.
ලෝක ජනයාගේ ප්‍රධාන පෝෂක හා කැලරි වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ප්‍රධාන ධාන්‍ය වන වී , තිරිඟු හා ඉරිගු වලිනි. එබැවින් ලෝකයේ මෙම භෝග වලට ප්‍රධාන තැනක් හිමි වේ. එබැවින් ලෝක සාගින්න තුරන් කිරීමේ දී මෙම භෝග වලට ප්‍රධාන වගකීමක් පැවරේ. ඇමෙරික එක්සත් ජනපදය වැනි රටවල් ලෝක ආහාර පැළෑටි හා බීජ නිපදවීමේ තනි අයිතිය තම සමාගම් වලට යටත් කර ගැනීමට උත්සාහ දරනු ලබයි. එය සාගින්න ඉහළ යාමට බලපෑ ප්‍රබල සාධකයකි.
වර්තමානය වන විට ලෝකයේ බිලියන හතරකට අධික ප්‍රමාණයක් වී, තිරිඟු හා ඉරිගු යන ප්‍රධාන භෝග තුන මත යැපෙන අතර විටෙක එය අන්තරාදායක වනු ඇත. එසේ සිදුවීමෙන් ආහාර සුලභතාවය අහිමි වීමත් , තනි භෝග මත රෝග ඉක්මණින් පැතිර යාම හා පළිබෝධ තර්ජනයන් පවා ඉහළ යනු ඇත. එය වගාවන්ගේ විනාශයට තුඩු දෙන්නකි.
1840 ගණන්වලදී අයිරිෂ් අර්තාපල් වගාව විනාශ වීම රටෙහි ජනසංඛ්‍යාවෙන් 1/5 ක් මිය යාමට තුඩු දෙන ලදී. එසේම ප්‍රධාන භෝග වල අයිතිය සමාගම් වලට යටත් කර ගැනීමෙන් ආහාර මිලට ගත නොහැකි ජනයා සාගින්නේ මිය යනු ඇත.
ලෝකයේ පවතින සාගින්නට මෙන්ම මන්දපෝෂණයට ප්‍රධාන හේතුව වන්නේ ලොව පුරා පවතින ආහාර වල අඩුව නොව පෝෂදායී ආහාර නිපදවීමට තම ඉඩම් වලට ප්‍රවේශ වීමේ හැකියාවන් වෙළඳ පොළ ක්රමය මගින් අහුරා තිබීමයි. ලෝකයේ දුප්පත්ම රටවල ජනගහනයෙන් සියයට හතලිහක් වයස අවුරුදු 15 ට වඩා අඩු ළමුන් ය. ඔවුන්ගේ පෝෂණය පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමු නොවේ.
එසේම දුෂ්පෝෂණය හේතුවෙන් සෑම වසරකම මිලියන 12 සිට මිලියන 20 දක්වා ලෝකයේ ජනතාව මරණයට පත් වේ විටෙක ප්‍රමාණවත් තරම් ආහාර නිපද වූවද එය සමාන ලෙස බෙදා හැරීමක් සිදු නොවේ. මෙලෙස නිපදවන ආහාර සමානව බෙදාහැරියේ නම් සාගින්න නම් වූ ගැටලුව විසදෙන්නට ඉඩ තිබුණි. දුප්පත්කම මත ගැටගහන ජීවිත තවමත් සාගින්න නමැති වේදනීය ගැටලුව මත ගිලී ඇත.
කුසගින්න , මන්දපෝෂණය ගැන දිගින් දිගටම හඩ නැගුව ද 2025 කාල වකවානුව තුළ දී ද මෙම ගැටලුව සමග අපට ගමන් කිරීමට සිදුවනු ඇත. එයට ප්‍රධාන හේතුව කුසගින්න ගැන කතා කලද එය පිටුදැකීම ගැන කතා නොකිරීමයි. එබැවින් සාගින්න පිටුදැකීමට ගනු ලබන තීරණයන් පවා සොබාදහම නැතහොත් භූමිය මත පදනම් විය යුතුය. මේ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව උදෙසා අප යා යුතු වන්නේ වෙළඳ පොළට නොව සොබාදහම දෙසටය.
සොබාදහම සමග ජීවත් වී ලබාගත නොහැකි දේ වෙළඳ පොළ තුළින් ලබා ගත්තාට කම් නැත. එබැවින් වෙළඳ පොළක අවශ්‍යතාව මතුවන්නේ සොබාදහමින් ලබා ගත නොහැකි දේ ලබාගැනීමටය. එම නිසා ලොව පුරා යථාර්ථයක් වූ මෙම කාරණය ගැන නැවත නැවතත් අවධානය යොමුකල යුතු අතර මෙම වසර තුළත් දිළින්දන්ගේ සාගින්න මාතෘකාවක් නොවී එයට පිළියම් වෙවීමේ මාර්ග කරා ගමන් කල හැකි වර්ෂයක් වනු දැකීම ලෝක ජනයාගේ අභිප්‍රායයි.
Comments
Post a Comment