Posts

Showing posts from March, 2018

දැරියට පාසල අහිමි කළ ඒඩ්ස් භීතිකාව

Image
‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැං බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ එලෙස කිවේ   හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇය අප සමඟ එලෙස ප‍්‍රකාශ කරන විට හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය ද දැන් ඇය සිටින්නේ පස් වැනි ශ්‍රේණියේය. ඇයට   බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියගේ මවට ‘ඒඩ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක්  වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය. මෙය පසුගිය වසරේ මාර්තු මාසයේ කරළියට ආවේ එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකින් පසුවය. ඒ අනුව ඇයට කරන වෙනස්කම් ගැන සොයා බැලීමට අපි ද පසුගිය මාර්තු මාසයේ ඇය ජීවත් වන ප‍්‍රදේශයට ගියෙමු. ඉන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී දැරියට යළි පාසලට යෑමේ අවස්ථාව සලසා දුන්නේය. ඊට වසරකට පසු එනම් දැන් යළිත් එම ගැටලූව කරළ