Posts

Showing posts from September, 2018

මිතුරු වෙසින් එන රකුසෝ...

Image
අතීතයේ සිටම පැවත ආ කෘෂිකාර්මික ජීවන රටාව වෙනස් කොට රසායනික පොහොර යොදාගෙන නිපදවන ආහාර රටාවක් අද වන විට බෙහෙවින්ම ප්‍රචලිතව ඇත ... අපෙ රටේ වුවද   සෞභාග්‍යය ස්වයංපෝෂිත බව පෙන්නුම් කලෙ මේ කෘෂිකාර්මික ක්‍රමවේදය නිසවෙනි . පලවෙනි හා දෙවනි ලෝක යුද්ධයන් වලින් පසුව ආරම්භ වූ මේ ආහාර යුද්ධය ඇරඹීමට මුල් වූයේ ලෝක යුද්ධයට බෙහෙවින්ම උපකාරීවු   රසායනික අවි නිශ්පාදනය උදෙසා කල නිශ්පාදන අතිරික්තය මුදල් කරගැනීම උදෙසා කෘෂිකාර්මික වෙළඳ පොල උපයෝගි කරගැනීම නිසාවෙනි . මේ හේතුවෙන් වස හා පොහොර වර්ග කෘෂිකාර්මාන්තයට එකතු වීම සිදු විය . මුලු මහත් ලෝකයම අද වන විට දේශගුණික විපර්යාස වලට ලක් වෙමින් පවතින අතර එම විපර්යාස වලට අවශ්‍ය සාධක සපයන්නේද කෘෂිකාර්මයයි . විස රසායනික පොහොර හා පලිබෝධ නාශක වලින් ඉවත්ව වගාකටයුතු කාබනික පොහොර පමනක් යොදාගෙන සිදුකලහොත් තව වසර 10 කින් මෙලෙස ඇතිවන්නා වූ දේශගුණික වෙනස්වීම් නතර කල හැකි බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ඉතාලියේ පැවති Slow Food සමුලුවේ සාරාංශය ගෙනහැර පාමින් ප්‍රකාශ කරයි . ජනතාවගේ කුසගින