මිතුරු වෙසින් එන රකුසෝ...


අතීතයේ සිටම පැවත කෘෂිකාර්මික ජීවන රටාව වෙනස් කොට රසායනික පොහොර යොදාගෙන නිපදවන ආහාර රටාවක් අද වන විට බෙහෙවින්ම ප්‍රචලිතව ඇත...අපෙ රටේ වුවද  සෞභාග්‍යය ස්වයංපෝෂිත බව පෙන්නුම් කලෙ මේ කෘෂිකාර්මික ක්‍රමවේදය නිසවෙනි.පලවෙනි හා දෙවනි ලෝක යුද්ධයන් වලින් පසුව ආරම්භ වූ මේ ආහාර යුද්ධය ඇරඹීමට මුල් වූයේ ලෝක යුද්ධයට බෙහෙවින්ම උපකාරීවු  රසායනික අවි නිශ්පාදනය උදෙසා කල නිශ්පාදන අතිරික්තය මුදල් කරගැනීම උදෙසා කෘෂිකාර්මික වෙළඳ පොල උපයෝගි කරගැනීම නිසාවෙනි. මේ හේතුවෙන් වස හා පොහොර වර්ග කෘෂිකාර්මාන්තයට එකතු වීම සිදු විය. මුලු මහත් ලෝකයම අද වන විට දේශගුණික විපර්යාස වලට ලක් වෙමින් පවතින අතර එම විපර්යාස වලට අවශ්‍ය සාධක සපයන්නේද කෘෂිකාර්මයයි. විස රසායනික පොහොර හා පලිබෝධ නාශක වලින් ඉවත්ව වගාකටයුතු කාබනික පොහොර පමනක් යොදාගෙන සිදුකලහොත් තව වසර 10කින් මෙලෙස ඇතිවන්නා වූ දේශගුණික වෙනස්වීම් නතර කල හැකි බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ඉතාලියේ පැවති Slow Food සමුලුවේ සාරාංශය ගෙනහැර පාමින් ප්‍රකාශ කරයි.

ජනතාවගේ කුසගින්න නිවීම වෙනුවට ඉන්ධන නිපදවීමට හා සත්ව ආහාර සදහා මිනිසාගේ මැදිහත් වීමකින් තොරව මේ වන විට සමාගම් මගින් වගාකටයුතු සිදු කරයි.මෙලෙස නිපදවීම සිදුකරන ආහාර අතර තිරිඟු හා සෝයා බෝංචි ප්‍රධාන තැනක් ගනී.එමෙන්ම වෙළඳ සමාගම් වලට ආහාර නිශ්පාදනවලට අවස්ථාව ලබාදීම තුලින් ගොවියාට තම ගොවිතැන් කටයුතු වල නිරත වීමට අවකාශ අහිමි වී ඇති අතරම ස්වභාවික සංවේදී පරිසරයට වන හානිය අතිමහත්ය. මෙලෙස මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ආහාර නිශ්පාදනය ව්‍යාපාරික ස්ථාන හරහා ඉන්ධන නිපදවීමට යවනු ලබයි.

කෙසේ හෝ වේවා මුදල් වලින් පොහොසත් යුරෝපා සංවිධානයට අයත් රටවල ජනතාව එක් වේලකට ලබා ගන්නා ආහාර ප්‍රමාණය ලෝකවාසී ජනතාවගේ උදේ, දිවා රාත්‍රී වශයෙන් වූ තුන්වේලම බඩකට පිරවීමට සමත් වන බව පරීක්ෂණ වලින් පෙන්වාදී ඇත. රටක දළ ජාතික නිශ්පාදිතය ඉහල නැංවීමට වගා කරන ආහාර මිනිස් පරිභෝජනයට නොතබා වෙළඳ පොලට ලබාදීම තුළින් දළ ජාතික නිශ්පාදිතය ඉහල අගයක් ගත්තද , සංවර්ධිත බව පෙන්වීමට ගන්නා ක්‍රියාමාර්ග තුලින් මන්දපෝෂණය වැඩිවී ඇත. අපිම වගාකොට අපිම වාණිජ වෙළෙඳපොළ ජයගන්න සිදුකරන මේ උත්සාහයේදී  මිලියන ගණනින් ජනතාව හා සතුන් බීමට ජලය බිදක් , කෑමට අහර පිඩක් හෝ නොමැතිව මිය යන අතර කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝණය වීම, භූමිය අහිමි වීම , සතුන් අකාලයේ මියයාම යනාදිය සිදුවන බව පෙන්වා දීමට කැමැත්තෙමි.

දිවග පිනායන රසයෙන් අනූන ආහාරපාන නිශ්පාදනය කරන සමාගම් වෙනුවෙන් වැයකරන පොදු සම්පත් ප්‍රමාණය මේ යැයි ගැනිය නොහැකිය. රස නහර පිනායන කොකාකෝලා ලීටරයක් නිශ්පාදනයට පානීය ජලය ලීටර් විස්සක් අවැසි වන අතරම අප රස විදින ඌරුමස් කිලෝ එකක් නිශ්පාදනය වීමට ජලය ලීටර පනස් දහසක් වැයවන බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා තවදුරටත් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කලේ සොබාදහම සුරකින විට පෝෂණය සුරැකෙන බවයි.

පෝෂණය අඩු වූ කල මහ ජනයා පරිසරය මතම තව තවත් යැපීමට උත්සාහ ගන්නා අතරම හේතුව නිසාවෙන්ම අප දිව හුරුකරගත් රසයට වඩා මානව හිතවාදින් වී සොබාදහම් මාතාව සුරැකීම සිදුකල යුතුය..කෙසේ හෝ අප විමසිල්ලෙන් සිටිය යුතු එක් කරුණකි.මන්දයත් පොදු භාවිතයට ගැනීමට තිබෙන පස ,ජලය, ගහකොළ යනාදිය සොරාගන්නා සමාගම් සතියකට සතුන් බිලියන දෙකක් මෙලොවින් තුරන් කරමින් කිසිදු අපහසුවකින් තොරව අපගේ භූමියේ සාරය කිසිදු ගෙවීමකින් තොරවම ඔවුන්ගේ බඩ වඩා ගැනීම උදෙසා යොදාගන්නා බවයි. දිව පිනවා බඩ වඩා සතුන් ශාක මෙන්ම අපගේ  භූමිය අප අහිමි කරගන්නවා වෙනුවට මානව හිතවාදී වීමට අප අදිටන් කරගනිමු.


සටහන
ගයනි ගරුසිංහ












Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්