සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)


පරිසරයේ ගැටෙමින් ,පරිසරයේ වෙසෙමින් පරිසරයට මහගු කාර්යක් ඉටුකරනු ලබන තවත් වැදගත් ජීවී කොටසක් ලෙස සර්පයන් හැඳින්විය හැකිය.     සර්පයන් යනු ජීවී කොටස් අතරින් ඉතාමත් අවසනාවන්ත අයුරින් තර්ජනයට ලක්වී ඇති ප්රතමුඛතම සත්ව කාණ්ඩයකි.

බොහෝ දෙනෙකුට පවතින ප්රුධානම ගැටලුවක් වන්නේ පරිසරයට සර්පයින් අවශ්‍ය ම සත්ව කාණ්ඩයක් ද යන ප්‍රශ්නයයි.මන්ද ,සර්පයන් පරිසරයට ඉටුකරනු ලබන කාර්යය බොහෝ දුරට නොපෙනෙන බැවිනි. සර්පයින් විසින් නිහඬ ව පරිසරයට ඉටුකරනු ලබන කාර්යය අතිමහත්ය .විලෝපිකයන් ලෙස පෙනී සිටිමින් ද විවිධ සතුන් ආහාරයට ගනිමින් ද පරිසරයේ පවත්නා ආහාර දාමයට සර්පයින් සෘජුවම දායක වේ.

සර්පයින්ගේ ප්‍රජනනය සහ සංවාසය පිළිබඳව ආවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙකක් පවතින බව පෙනී යයි. 
             01.අණ්ඩජතාවය
             02.ජලාබුජතාවය

මෙම සර්පයින්ගේ පැටවුන් තුඩු අග හෙවත් දත මගින් බිත්තර කටුව බිඳ පිටතට පැමිණෙයි.බොහෝ සර්පයින් පැටවුන් වැඩෙන තුරු රැකබලා ගැනීම සිදුනොකරන අතර පැටවුන් ට ආහාර ගැනීමටත් , විෂ දළ භාවිතයටත් හැකියාවක් පවතී.ඒ වගේම මොවුන් තුළින් වැඩිම කාර්යක්ෂමතාවයක් දක්වන්නේ පිරිමි සතුන් වන අතර ඔවුන් සටන් රංගනයේද යෙදෙයි.

සර්පයින් ලබා ගන්නා ආහාර පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සියලුම සර්ප කොටස් මාංශ භක්ෂක වන අතර ඉතා කුඩා කෘමියාගේ සිට මුවන් දක්වා විශාල සත්වයින් ඔවුන්ගේ ආහාර ලෙස ලබා ගනී.බොහොමයක් සර්පයින් සජීවී සතුන් ගොදුරු කර ගනු ලබන අතර කලාතුරකින් සජීවී මළකුණු ද ආහාර ලෙස ලබා ගනී. බොහෝ වේලාවට ගොදුරු අඩපණ කිරීමට සර්පයින් විෂ හෝ විෂ සහිත ඛේටය ශරීර ගත කරණු ලබන අතර පිඹුරන් , කට කලුවන් වැනි සර්පයින් ශරීරයේ වෙලීම මගින් ගොදුරු අඩපණ කරයි.බොහොමයක් සර්පයින් ගොදුරු කෑලිවලට නොකඩා සත්වයා පිටින්ම ගිල දමන අතර මේ හේතුවෙන් යම් ගොදුරක් ගත් පසු සැලකිය යුතු කාලයක් නිරාහාරව සිටීමේ හැකියාව සර්පයින් ට පවතී.

ඒ වගේම සර්පයින් ට සංනිවේදන දැනෙනුයේ තරංග මගිනි.ඔවුන් ට බාහිර කන් නොපිහිටන අතර බිම හෝ වැතිර සිටින පෘෂ්ඨය ඔස්සේ පැමිණෙන තරංග වලට සර්පයින් ඉතා සංවේදී වේ.මේ හේතුව නිසා පුද්ගලයකු කතා කරන ශබ්දය සර්පයෙකුට නෑසුනද ,ගමන් කරන ශබ්දය පැහැදිලි ව දැනේ. සර්පයින් හට වර්ණ අන්ධතාවයක් පවතින අතර ඔවුන්ට වර්ණ හදුනාගත නොහැකිය. ඒ වගේම සෑම සත්ව කොටසක්ම තම දිව එළියට දැමීම තුළින් ප්රහධාන වශයෙන් සිදුකරනුයේ ගොදුරු හෝ සතුරන් පිලිබඳ අවබෝදයක් ලබා ගැනීමයි.

දැනට ශ්‍රී ලංකාවෙන් සර්ප විශේෂ 103ක් පමන සොයාගෙන ඇත.    අතරින් උග්‍ර විෂ, නිර්විෂ , මද විෂ සහ සුලු විෂ වශයෙන් විෂ අනුව සර්පයින් කාණඩ කොට ඇත.ඒ වගේම වාසය කරනු ලබන ස්තාන අනුවද සර්පයින් වෘක්ශ වාසීන් , භෞමික වාසීන්,ජලජ වශයෙන්  බෙදා වෙන් කොට ඇත. මේ ආකාරයට බොහෝ සර්පයින් ප්‍රමා සිටියද මින් උග්‍ර විෂ සර්පයින් ඇත්තේ 20 ක් වැනි කුඩා ප්‍රමාණයක් ය. මෙහිදී කිව යුතු ප්‍රධාන කරුණ වන්නේ මෙම උග්‍ර විෂ සහිත සර්පයින් අතරින් ගොඩබිම වාසය කරනුයේ සර්පයින් පහක් වැනි කුඩා සංඛ්‍යාවකි. ඉතිරි 15 ම ජලජ සර්පයින් වන අතර ඔවුන් වාලක්කඩි නමින් හදුන්වනු ලබයි.

ගොඩබිම වාසය කරන උග්‍ර  විෂ සර්පයින්,
          1.නයා
          2.තිත් පොළගා
          3.වැලි පොළගා
          4.තෙල් කරවලා
          5.මුදු කරවලා

සර්පයින් පරිසරයට සිදු කරන කාර්යය භාර්ය තේරුම් ගෙන ඔවුන්ගේ වටිනාකම හදුනාගෙන ඔවුන් සංරක්ෂණය කිරීම අප කාගෙත් යුතුකමකි.

- මතු සම්බන්ධයි
  
- ටෙෂ්මි මදුෂානි -

Comments

  1. Tawa sarpayo gana wisthara danna
    mn eyala wenuwen onema deyak karanawa Dan mn laga innawa pala polagek tawa waligaya thuwala wunu ahatullek innawa eyala wenuwen mage mulu kalayama kappa karanawa thama eyala gana wisthara hoyanawa
    0778217123
    Mata udaw karanna
    sarpayo gana wisthara danaganna

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/groups/653799404751862/

      Delete
    2. https://www.facebook.com/groups/653799404751862/

      Delete
  2. Tawa sarpayo gana wisthara danna
    mn eyala wenuwen onema deyak karanawa Dan mn laga innawa pala polagek tawa waligaya thuwala wunu ahatullek innawa eyala wenuwen mage mulu kalayama kappa karanawa thama eyala gana wisthara hoyanawa
    0778217123
    Mata udaw karanna
    sarpayo gana wisthara danaganna

    ReplyDelete
  3. https://www.facebook.com/groups/653799404751862/

    ReplyDelete
  4. https://www.facebook.com/groups/653799404751862/

    ReplyDelete
  5. Kunakatuwa Urga wishaida

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්