Posts

Showing posts from October, 2018

අලි මිනිස් ගැටුම

Image
අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක්  පළමු කොටස                 අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි . අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි . අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ . මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ . ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි . මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය .                   අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි . ඒ අප්‍රිකානු අලි හා ආසියාතික අලිය . අප්‍රිකානු අලියා විද්‍යාත්මක නාමකරණයේදී Loxodonta Africana වන අතර   ආසියාතික අලියා Elephas Maximus   වශයෙන් හදුන්වයි .                    සිංහල බසින් අලින් විවිධ නම් වලින් හැදින්වෙයි . දළ සහිත පිරිමි සතුන් ඇත්තු ලෙසද දළ රහිත පිරිමි සතුන් අලි ලෙසද හැදින්වේ . ගැහැණු සත්තු ඇතින්න , කෙනෙර යන නම් වලින් හැදින්වේ . ආසියානු අලින්ගේ විවිධත්වය          අද අපට අලි දකින්නට ලැබෙන්නේ අප්‍රිකා මහද්වීපයේ හා ආසියා මහද්වීපයේ රටවල් කිහිපයක