Posts

Showing posts from November, 2018

අලි මිනිස් ගැටුම

Image
අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක්  තෙවන ලිපිය  අලින්ගෙන් වන හානිය ... අලින්ගෙන් මිනිසුන්ට වන හානි පහත දැක්වෙන පරිදි වෙන් කල හැකිය . තුවාල හෝ මරණ සිදු කිරීම නිවාස හා වෙනත් දේපොළ වලට කරන හානීන් වගාවන්ට කරන විනාශයන්                   අධ්‍යයන වලට අනුව අලි මිනිස් ගැටුම් වලදී වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වූ සහ අලින්ගේ පහරකෑම් වලට ලක් වී ඇති ප්‍රදේශ වන්නේ මහවැලි කලාපයයි . හැමවිටම වාගේ අලින්ගෙන් මිනිසුන්ට හානි සිදු වී ඇත්තේ රාත්‍රී 7ත් අළුයන 1 ත් අතර කාලයේදී බව පෙනී ගොස් තිබේ . මේ බොහෝ අනතුරු වලදී මිනිසුන්ගේ නොසැලකිලිමත්කම හේතු වී ඇත . නිවාස හා දේපොළ හානි සිදුවන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදීය . මෙහිදී තනි අලින් මෙන්ම අලි රංචු ද පැමිණ හානි කරන බව පැවසේ . අලින්ගෙන් වැඩි වශයෙන් හානි සිදුවන්නේ වී වගාවන්ට ය . එසේ වුවත් කුරක්කන් හා රනිල පවුලේ වගාවන්ටත් කෙසෙල් , වට්ටක්කා ආදියට ද අලින්ගෙන් හානි පැමිණේ .                      අලි මිනිස් ගැටුමට ගොදුරුව ඇත්තේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන , හඩක් නොම