අලි මිනිස් ගැටුම
අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක්
තෙවන ලිපිය
අලින්ගෙන්
වන හානිය...
- තුවාල හෝ මරණ සිදු කිරීම
- නිවාස හා වෙනත් දේපොළ වලට කරන හානීන්
- වගාවන්ට කරන විනාශයන්
අලි මිනිස් ගැටුමට ගොදුරුව ඇත්තේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන , හඩක් නොමැති අහිංසක ජනතාවයි. අලින්ගේ පහරට ලක්වීම නිසා මිය ගිය හා ඔත්පල වූ ජනතාවට වන්දි ගෙවීම හා ඔවුන්ගේ දරු පවුල් ගැන සොයා බැලීම කරන්නේ ඉතාමත් දුර්වල ආකාරයකටය. විශේෂයෙන් අලින්ගේ පහර කෑමෙන් ඔත්පල වන්නේ හා මිය යන්නේ මේ ප්‍රදේශවල අඩු ආදායම් ලබන පවුල්වල ජනතාවය. එවැනි පවුලක මවක් හෝ පියෙකු අලි පහරදීමකින් මිය යාම හෝ ඔත්පල වීම දරාගැනීමට ඉතා අසීරුය. මේ ප්‍රදේශවල දරුවන්ට අලි මග සිටින දිනවල පාසැල් යාමේ අවස්ථාව පවා මග හැරෙයි.
අවාසනාවකට
මේ ජනතාව මේ නිසා විදින වද වේදනාවන් මෙරට මාධ්‍යන්ට පවා නිසිලෙස පෙනී නැත. ජීවිත හානියකදී එක් වරක් පමණක් වන්දි ලෙස යම් මුදලක් ගෙවීමේ ක්‍රමයක් පැවතුනද එය කිසිසේත් පවුලකට සිදු වූ පාඩුවට සහ එම පවුල් පත්වන අසරණ තත්ත්වයට පිලියමක් නොවේ. එඅම නිසා මෙම ජනතාව අලින් කෙරෙහි පසුවන්නේ තදබල වයිරයකින් ය. මේ නිසා අලින් මැරීම සදහා මේ ජනතාව දැඩි ලෙස පෙළඹී තිබේ. අලින්ට වෙඩි තැබීම , වස දීම සහ ලෑලි වලට ඇණ ගසා අලින්ගේ කකුල්වල ඇනීමට තැබීම අලින් මැරීමට ගන්නා සුලබ ක්‍රියාවන් වේ.මෙවැනි අනතුරු වලට ලක්වන අලි බොහෝවිට බේරාගත නොහැකි අතර උන් ඉතා දැඩි ලෙස දුක් විදීමෙන් අනතුරුව මිය යයි.
අලි මිනිස් ගැටුම විසදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග...
අලියාට මිනිසාද මිනිසාට අලියාද සතුරු කොට ඇති මෙම තත්ත්වය වැලැක්වීමට පැවති සහ පැවතුන රජයන් සහ දෙපාර්තමේන්තු ගත් උත්සාහයන්
- හානි කිරීමට එන තනි අලි අල්ලා ජාතික වනෝද්‍යාන තුළට ගෙනගොස් මුදාහැරීම.
- අලි රංචු රක්ෂිත වෙත පලවා හැරීම.
- අලි වෙඩි භාවිතා කර ඈතට පලවා හැරීම.
- විදුලි වැටවල් මගින් වගාබිම් සහ ගම්මාන වලට ඒම වැලැක්වීම.
- අලින්ගෙන් සිදුවන හානීන් සදහා වන්දි ගෙවීම.
- අලි කොටු කොට සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම.
- 2006 ජාතික අලි කලමණාකරන ප්‍රතිපත්ති සකසමින් අලින්ගේ පුද්ගලික අයිතියට පැවරීමට උත්සාහ කිරීම
මේ සියළු ක්‍රියාමාර්ග අවිද්‍යාත්මක අසාර්ථක
උත්සාහයන් බව වර්තමානය වන විට තහවුරු වී ඇත.
අලි මිනිස් ගැටලුවට විද්‍යාත්මක විසදුම
වසර ගණනාවක් පුරා ප්‍රවර්ධනය වී ඇති.ලංකාවේ අලි මිනිස් ගැටුමේ සංකීර්ණ සංධිස්ථානයකට අද අප පැමිණ තිබේ. ලෝකයේ වැඩිම අලි
මිනිස් ගැටුම තිබෙන රට ලෙස අද අප පත්ව
ඇත. වාර්ෂික අලි උපත් ප්‍රමාණයට
වඩා වාර්ෂිකව සිදුවන අලි මිය යාමේ
ප්‍රමාණය ඉක්මවා යමින් තිබේද යන්න අද
විමසා බැලිය
යුතුව ඇත.
අලි මිනිස් ගැටුම විසදීමට නම් එම ගැටලුව දීර්ඝව හා නිවරදිව හදුනා ගැනීම ප්‍රථමයෙන්ම වැදගත් වේ.
ලංකාවේ මේ වන
විට ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී සමස්ථ භූමියෙන් සියයට 82ක් ජනාවාසකරණයට නතු
වී තිබේ.වෙනත් ආකාරයකට කිවහොත් වනයට ඉතිරිව ඇත්තේ සියයට 22ක් පමණි.
ලංකාවේ අලි වාර්තා වන
ප්‍රදේශ සැලකුවහොත් එයද විශාල අගයකි.
ලංකාවේ සමස්ථ භූමියෙන් සියයට 62ක අලි
ජීවත් වන බව
ආචාර්ය ප්‍රනාන්දු මහතාගේ පර්යේෂණ දත්ත
විමර්ශනයේ
දී පෙනී
යයි. ඒ
අනුව අලි
නොමැති ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ සමස්ථ භූමියෙන් සියයට 38ක් හදුනාගත හැකිය. මෙම
සංඛ්‍යා ලේඛන විමර්ශනයේ දී පෙනී යන්නේ අලි සහ මිනිසුන් එකිනෙකා සමග සටන් වදිමින් කෙතරම් ප්‍රදේශයක ජීවත් වන්නේද යන කරුණුය. එය
සමස්ථ භුමියෙන් සියයට 44කි. ඒ
අනුව අලි
සහ මිනිසුන් සියයට 44 වාසය කරන බව
පෙනෙන්නට තිබේ. එම සමස්ථ ප්‍රදේශයම අඩු වැඩි වශයෙන් අලි මිනිස් ගැටුම තිබෙන බවද මේ වන විට
හදුනාගෙන ඇත. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලංකාවේ සමස්ථ භූමියෙන් අයත් වන්නේ සියයට 13කි. අලියා අයත් වන්නේ ද වනජීවි දෙපාර්තමේන්තුවට ය. අලි ලංකා
භූමියෙන් සියයට 62ක ජීවත් වෙති. එම
අලින් ආරක්ෂා කරන්නේ කවුද...? වෙනත් ආකාරයට කිවහොත් වනජීවියට අයත් නොවන
අලි සිටින බිම් ප්‍රමාණය ලංකාවේ මුළු භූමියෙන් සියයට
49කි. ඒවායේ දිවි
ගෙවන අලින්
ගැන වග
කියන්නේ කවුද...?
අප හමුවේ
පවතින ප්‍රබල
පැනය එයයි.
එම ප්‍රශ්නය කෙතරම් අවුල් සහගත තත්ත්වයක්ද යන්න තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත් වන බව
අපගේ හැගීමය.
මෙම ප්‍රදේශවල ජීවත් වන අලින්ගේ සංඛ්‍යාව නිශ්චිතව අප දන්නේ නැත.
එනමුත් ආසන්න වශයෙන් මේ
ප්‍රදේශවල මිලියන 10කට වඩා මිනිසුන් සිටින බව ස්ථීරය. ඉන්
අවම වශයෙන් සියයට 10ක් අලි ප්‍රශ්නයෙන් බැටකන බව සිතුවහොත්
එය සංඛ්‍යාත්මකව මිලියනයද ඉක්මවා යන්නකි.
ඒ අනුව
මිලියනයක් මිනිසුන් මේ ප්‍රශ්නයට මුහුණ දී තිබේ. එය විසදීමට ක්ෂේත්‍රයේ සිටින්නේ වනජීවී නිළධාරීන් දහසකට අඩු ප්‍රමාණයකි. මෙය
කල හැකිද
යන්න එයින්ම
පැහැදිලි වේ.
ලංකාවේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7කි. එයින් වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ වියළි කලාපය තුළය. එය සංඛ්‍යාත්මකව හෙක්ටයාර ලක්ෂ 5කට වැඩිය. ඉන්
සියයට 20ක අලි
ප්‍රශ්නයක් ඇතැයි සිතුවහොත් හෙක්ටයාර
ලක්ෂ 2කට
වඩා කුඹුරුවල මේ තත්ත්වය දැකගත හැකිය.
එය අක්කර වලින් නම් කුඹුරු අක්කර ලක්ෂ 3කට වැඩිය.
ලංකාවේ ගෙවල් මිලියන 5ක් පමණ ඇතැයි හදුනාගෙන තිබේ. මේ ප්‍රදේශවල මිලියන 03ක් පමණ ගෙවල් ඇතැයි සිතිය හැකිය.ඉන් සියයට 10ක ප්‍රමාණයකට අලි තර්ජන ඇතැයි ගණනය කලහොත් ගෙවල් ලක්ෂ 3ක් මේ හරහා අවදානමට
මුහුණ පා ඇත.
( මෙම දත්ත ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ කරුණු දැක්වීමකින් උපුටාගෙන ඇත.
)
මතභේදයට තුඩුදෙන ප්‍රදේශවල
සිටින අලි
පැන්නීම පසුගිය කාලයේ ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබිණි. එම
මහා පරිමාණ හා
සුලු පරිමාණ අලි පැන්නීම සාර්ථක නොවන විට දඩබ්බර යැයි සැලකෙන අලි පරිස්ථාපනය කිරීම්
පසුගිය කාලයේදී සිදුකරන ලදී. විදුලි වැටවල් මගින්
අලි සීමා
කිරීම් ද
කරන ලදී. අලින්ගේ ප්‍රජනක ජන්ද භූමි වලින් ඔවුන් බලහත්කාරයෙන් පන්නා රක්ෂිත තුළ සිරගත කිරීම් කරන ලදී.
උදාහරණයක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට “ මල්
අස්න “ හා
ඒ අවට අලි
පලවාහැරීම දැක්විය හැකිය.
මෙම අලි මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර
අලි මෙහෙයුමෙන් පන්නා ගෙන ගොස්
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට ගාල් කල
අලි සිය
ගණනකගේ ජීවිත
සම්පූර්ණයෙන්ම අනතුරේ වැටුණු බව අප
ප්‍රකාශ කරන්නේ ඉතාම වගකීමෙනි. එම
අලින්ට මෙම ඉරණම අත්වන බව එම අවස්ථාවේදී එවකට පරිසර අමාත්‍ය ධූරය දැරූ චම්පික රණවක අමාත්‍යවරයාට අප ප්‍රකාශ කලද ඔහුට එය තේරුම් ගැනීමට අසීරු විය. උක්ත අලි මෙහෙයුම සිදුකෙරුනු අතර එම
මෙහෙයුමෙන් වසර දෙකක් ඉක්ම යාමටත් පෙර අලි
සියයකට ආසන්න ප්‍රමාණයක් ඒ හරහා මියගිය බව
පසුව වාර්තා විය.
විශේෂයෙන්ම මෙවැනි අලි මෙහෙයුම් වලින් පලවා හැරිය හැක්කේ අලි රංචු හා
පැටවුන් පමණි.
“ දඩබ්බර තනි අලි “ මෙවැනි මෙහෙයුම් වලින් පලවාහැරීම ඉතාම අසීරුය. එය
බොහෝවිට කල නොහැකි දෙයකි. ජනාවාස ආශ්‍රිතව ප්‍රශ්න ඇති කරන්නේ මෙවැනි දඩබ්බර තනි අලිය.
ඔවුන් පැන්නීමට නොහැකි බැවින් එම
ජනාවාස වලට ඊට පෙර
ප්‍රශ්නය අලි පැන්නීමෙන් පසුවද ඒ
ආකාරයටම පවතින බව බළධාරීන් තවමත් අවබෝධ කරගෙන නැත. එහෙයින් කිසිසේත්ම මෙවැනි අලි මෙහෙයුම් විද්‍යාත්මක නොවන බව කීප
ආකාරයකින්ම මේ
වන විට ඔප්පු වී තිබේ. මෙම කරුණු නිවරදිව අවබෝධ කොටගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විද්‍යාත්මකව පමණක් අලි මෙහෙයුම් වලට යොමු විය යුතු කාලය එළැඹ ඇත.
අලි මෙහෙයුම් වලට අමතරව හොරව්පතාන වැනි සිරකදවුරු වල ජීවිතාන්තය දක්වා අලින්ට සිර දඩුවම ලබාදීමද ආරම්භ කරන ලදී. මේ
සියල්ල දෙස
ගැඹුරින් බලනකල පෙනී යන්නේ මේ
සියල්ලෙන්ම අලින්ට අත්වන සෙතක්
නොමැති බවය. මේ
සියලු දේ
අලින්ගේ පැත්තෙන් බලා ගත් තීරණ
නොවන බවද
පැහැදිලිය. මේ අවිද්‍යාත්මක තීරණ හේතුවෙන් මේ වන විට
අලි ඇතුන් දහස් ගණනක් තම ජීවිත වලින් වන්දි ගෙවා
තිබේ. එලෙසින්ම රටේ ජාතික ධනය ප්‍රකෝටි
ගණනක් මේ වෙනුවෙන් නිරපරාදේ වැය කර ඇත.
මිනිස් ජීවිත සිය
ගණනකුත් මෙමගින් වැනසී ගිය බවද
කිව යුතුය.
කල යුත්තේ කුමක්ද...? අප අභිමුව
පවතින පැනය එයයි.
ඉහත භාවිතා කල ක්‍රමවේද
සියල්ල වැරදි
තිබෙන බව මේ
වන විට
ස්ථීර වී තිබේ.
අප අවධානය යොමුකළ යුත්තේ මේ සම්බන්ධයෙනි.
වර්තමානය වන විට වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවතින්නේ අමාත්‍යාංශ දෙකක් යටතේය.
ඒ හේතුවෙන් එම දෙපාර්තමේන්තු දෙකේ
සීමාව වෙනුවෙන් ඔවුහු සටන් කරති. යාල ජාතික වනෝද්‍යානය තුළ දී අලි මියයාම වාර්තා වූයේ වනජීවී හා වන
රක්ෂණ දෙපාර්තමේන්තු තම තමාගේ ඉඩම්
වෙන් කර ගනිමින් ඉදිකල අවිද්‍යාත්මක විදුලි වැට හේතුවෙනි.
අලුත්ම පර්යේෂණ මගින් සනාථ වන්නේ අලි ඇතුන් තමන්ගේ උපන් නිත්‍ය
මාතෘභූමියේ පමණක් රැදී සිටින බවය. එය විවිධ හේතු මත
විශාලත්වය වෙනස්
වුවද කුමන හේතුවක් මතවත් අලි
එය අත්හැරීමට
අකමැති ය. යාල
විදුලි වැට හරහා ද
තවත් එවැනි විදුලි වැටවල් ගණනාවක්
හරහාද අලි පෙන්වා දෙමින් තිබෙන්නේ එම යතාර්ථයයි.
එහෙත් බළධාරීන් එය තේරුම් ගත් බවක් නොපෙනේ.
මෙවැනි අවිද්‍යාත්මක විදුලි වැටවල්
මගින් මිය යන්නේ එළියේ
සිට වනෝද්‍යානයට ගාල් කරන අලින්
පමණක් නොවේ. එම
අනවසර ගාල් කිරීම හේතුවෙන් වනෝද්‍යානය ඇතුලත අලින්ගේ සමතුලිතතාවයද බිදවැටෙන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ.
විශේෂයෙන්ම වනෝද්‍යාන අවට පවතින ප්‍රේරණ කලාප
හා සෙසු ඉඩම් වල එක් කාලයකට හේන්වගාව සිදුවේ. අස්වැන්න නෙලීමෙන් පසු හේන්
වගාව අතහැර නැවත මිනිසුන් ගම් වලට යති.
ඒ කාලයට අලි
හේන්වල වැවෙන
අලුත් තණ බුදිති. මෙය චක්‍රයක් ආකාරයට සිදුවෙයි. විදුලි වැටවල් මගින් එම ක්‍රියාවලිය නතරවීමෙන් සිදු වූයේ අලි මියයාම පමණි.
වනජීවී , වන
රක්ෂණ පමණක් නොව රටේ සියලුම පරිසරයට සම්බන්ධ ආයතන එකම අමාත්‍යාංශයකට ගොනු කිරීම වහාම කලයුත්තකි. එය
මෙයට පමණක් අදාල වූවක්ද නොවේ.
විදුලි වැටවල් සම්බන්ධයෙන් අප කල යුත්තේ කුමක්ද...? වනෝද්‍යාන වටකිරීම වෙනුවෙන්
ගම්මාන වටකොට
විදුලි වැටවල් සවිකිරීම හැර මෙයට වෙනත් විකල්පයක් නැත. මේ වනවිට ලංකාවේ ස්ථාන කිහිපයකටම එවැනි ග්‍රාමීය විදුලි වැටවල් සාර්ථක ප්‍රථිඵල
දෙපාර්ශවයටම
අත්කරමින් ඉදිරියට ගමන් කරමින් තිබේ.
එය සංඛ්‍යාත්මකව හැටකට ආසන්නය. මෙම විදුලි වැටවල් ඉදිකිරීමේදී ද ගම්මාන වල
ශ්‍රම දායකත්වය ලබා ගැනීමත් එය
නඩත්තු ප්‍රජාමූල සංවිධාන මගින් සිදුවීමත්
එක සේ
වැදගත්ය. “ ගම
සුරකින රන්වැට “ මෙය
බව ගැමියන් සිතිය යුතුය. එසේම අදාල කන්නයට
පමණක් ගොවිබිම භාවිතා කල
හැකි අඩු
වියදම් තාවකාලික විදුලි වැටවල් ද මේ ගැටලුව
ඉතාම හොදින් විසදෙන බව ඒ සම්බන්ධයෙන් සිදුකල නියමු ව්‍යාපෘති දත්ත කියවීමේදී පෙනෙන්නට ඇත.
එලෙසම සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳව මුලික සැලසුම් සකසන අවස්ථාවේදීම එකී කමිටුවට අලි
හැසිරීම් පිළිබඳව විද්‍යාත්මක හැදෑරීම් කර තිබෙන අයෙක් නම්
කල යුතුය. නොවැළැක්විය හැකි ව්‍යාපෘතියක් නම්
එයින් අලි සහ
ම්නිසුන් ගැටීම අවම
කිරීම සදහා සෑමවිටම කලයුතු ග්‍රාමීය හා වගාබිම් විදුලි වැටවල් සදහා මූල්‍ය ප්‍රතිපාදන එම අදාල ව්‍යාපෘතියෙන් මුල්
අවස්ථාවේදීම වෙන් කර ගත යුතුය.
ජෛව වැටවල් සාර්ථකද.....?
ලෝකයේ ඇතැම් රටවල අලි මිනිස් ගැටුම විසදීම සදහා ජෛව
වැටවල් භාවිතා කර
ඇත. විශේෂයෙන්ම පතොක් , තල් , මිරිස්
හා දෙහි වැනි ශාක එම
වැටවල් සදහා යොදාගෙන ඇත. එහෙත් විවිධ හේතු සාධක හේතුවෙන් ලංකාවේ මෙකී විදුලි වැටවල් සාර්ථක වී නැත. මී මැසි
පෙට්ටි සවිකල
වැටවල් ද ලෝකයේ ඇතැම් ස්ථාන වල භාවිතා වේ. එහෙත් ලංකාවේ රාත්‍රී කාලයේ සැරිසරන අලින්ට මෙකී මී මැසි
පෙට්ටි වැටවල් ද සාර්ථක නොවේ. එයට
හේතු වන්නේ අලින් සක්‍රිය වන මොහොතේ මී මැස්සන් අක්‍රියව සිටීමය.
අතීතයේ පැවති “ කුමන
“ ගම්මානයේ පාසල වටකොට
පතොක් වැටක් තිබුණි. අලි පතොක් වැටට එහායින් සිටියද උන්ගෙන් පාසලටවත් කුමන
ගමටවත් ඍජු තර්ජනයක් එල්ලව තිබුනේ නැත.
ඒ පතොක් වැට
නිසා නොව
එම ප්‍රදේශවල එකල අලින්ට හා ඔවුන්ගේ නිජභූමියට කුමන ගැමියන් තර්ජනයක් එල්ල නොකල නිසා බවද
අමතක කළ යුතු නැත.
අධිතාක්ෂණය
අලි මිනිස් ගැටුම විසදීම සදහා අද ලෝකයේ භාවිතා වන අධිතාක්ෂණික මෙවලම් රාශියක් තිබේ.ලංකාවේ ද වහාම ඒ මෙවලම් අතහදා බැලිය යුතුව ඇත.විශේෂයෙන්ම ඒ මොහොතේම දත්ත ලබාගත හැකි ජී.පී.ආර්.එස්.
සංඣා සහිත රේඩියෝ කරපටි ,
අධි කම්පන
තරංග හදුනා ගන්නා කරපටි වැනි අලුත් තාක්ෂණික මෙවලම් මේ ප්‍රශ්නය සදහා භාවිතා කල යුතුය. මේ
වන විට
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ජී පී එස්
සංඣා කරපටි 42ක් ඇත. එලෙසම ආයතන දෙකක වියදමින් එවැනි සංඣා කරපටි 300ක් ලැබීමටද නියමිතව ඇත. මෙම සංඣා කරපටි 342 නිවරදි පදනමකින් වන අලින්ට පැළදුවහොත් ඉදිරි වසර දෙක ඇතුලත අලි මිනිස් ගැටුම විසදීම සදහා වැදගත් දත්ත සමුදායක්
ලැබෙන බව
ස්ථීරය. එය
එසේ වුවද එම
අවස්ථාව මගහැර අවිද්‍යාත්මක අමනෝඥ ප්‍රවේශයකට
ඉහත දෙපාර්තමේන්තුව හා
එයට සම්බන්ධ දේශපාලන බළධාරීන් කටයුතු කරමින් සිටින බව අපට දැනගත හැකිය.
වර්තමානය වන විට ලෝකයේ භාවිතා වන නව ජී.පී.එස් රේඩියෝ සංඣා කරපටි අදාල දත්ත ඒ මොහොතේ ජාල කිහිපයක් සමග ගනුදෙනු කල හැකි ( Multi Network ) සිම්පතක්
මගින් ලබාගත හැකිය. එම සිම්පත ඔස්සේ අදාල දත්ත මූලික පරිගණක පද්ධතියකට යොමු
කිරීමේ හැකියාව
පවතී. යම්
හෙයකින් අදාල දත්ත යොමු කරන අවස්ථාවේ
එම ප්‍රදේශය
දුරකථන ආවරණ කලාපයක තිබුනහොත් එම දත්ත
ගබඩා කොට
තබා නැවත
දුරකථන සංඣා ලැබුනු විගස අදාල සිම්පතට යොමු
කිරීම ස්වාංක්‍රීයව සිදු වේ.මෙම දත්ත වලට නවීන දුරකථන වලටද පහසුවෙන් සම්බන්ධ විය හැකිය. එලෙසම සූර්‍ය බලය
ඔස්සේ පණ ගැන්වෙන බැටරි මගින් ක්‍රියාත්මක වන රේඩියෝ සංඣා කරපටි ද අද ලෝකයේ බහුලව භාවිතා වේ.
මීට අමතරව වෙඩි තැබීම මගින් ඇතිවන කම්පන තරංග හදුනාගන්නා “Ballistic
Shokwave Sensor “ සහිත රේඩියෝ සංඣා කරපටිද වර්තමාන ලෝකය තුළ අලි ඇතුන් සදහා භාවිතා වේ. එම
කරපටි Wiper ( Wirless Anti Poaching
Technology ) තාක්ෂණයෙන් සමන්විත
වන අතර මෙම සුහුරු
කරපටි මගින් ඒ
මොහොතේම අලියෙකුට හෝ ඇතෙකුට සිදුකල වෙඩි තැබීමක් පිළිබඳව කරුණු දැනගත හැකිය. මෙහි වැදගත්කම වන්නේ එවැනි වෙඩි තැබීමක් සිදු වූ විගස ක්‍රියාත්මක වීම මගින් දඩයක්කරුවා නීතියේ
රැහැනට හසුකර ගැනීමේ ඉඩකඩ වැඩි වීමය. ලෝකයේ ස්ථාන කිහිපයකම මෙම කරපටි මේ
වන විටත්
භාවිතා වේ. විශේෂයෙන්ම කෙන්යාවේ හා තවත් අප්‍රිකානු රටවල් කිහිපයකටම මෙම කරපටි සාර්ථක ප්‍රථිඵල අත්කර දෙමින් ඇත.
අලි දුම්රියේ
ගැටීම සම්බන්ධයෙන් මීට දශක එක හමාරකට පෙර
අඩු සංඛ්‍යාතයක් සහිත හඩක්
දුම්රිය එන්ජින් වල සවි කිරීමේ නියමු
ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘතිය මෙහෙයවන ලද්දේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාය. මේ ලියුම්කරුද යාල, කුමන
වැනි ප්‍රදේශවල ආචාර්ය අමිත් විසින් සකසන ලද
විශේෂ නලාව අත්
හදා බැලීමේ
කටයුතුවලට එකල සම්බන්ධ විය. එහෙත් හදිසියේම ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස
මහතා ජීවිතයෙන් සමුගැනීමත් සමග
එකී කටයුතු නතර විය. ඊට
පසුවද ඒ
සදහා වෙනත් පාර්ශවයන් විවිධ තාක්ෂණික උත්සාහයන් ගත්තද අදටත් ඒවා
ක්‍රියාත්මක මට්ටමේ නැත.මේ ප්‍රශ්නය විසදීමට ද අඩු සංඛ්‍යාත
අගයක් සහිත හඩක් නිකුත්කරන නලාවක් දුම්රියේ සවි කිරීමත් අදාල ප්‍රදේශවල වනජීවී නිළධාරීයෙකු යෙදවීම
හා දුම්රිය රියදුරන් විමසිල්ලෙන් දුම්රිය ධාවනය කිරීමත් වැදගත් වන බව
කිව යුතුය.
එමෙන්ම තාපයට
සංවේදී කැමරා (Thermal Camera ) දුම්රියේ සවිකිරීම ද
වැදගත්ය.
සටහන
පූජ්‍ය වෑකදවල රාහුල හිමි
Comments
Post a Comment