Posts

Showing posts from June, 2019

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . පක්ෂීන්ගේ පරිණාමය ... මීට වසර දස ලක්ෂ 130කට පෙර ක්‍රිටේසියස් යුගයේදී පෘථිවිය මත පක්ෂීන්ගේ සම්භවය සිදු වූ බව වියතුන්ගේ පිළිගැනීමයි . මෙහිදී පක්ෂීන් උරගයන්ගෙන් පැවත ආ සත්ව කාණ්ඩයක් ලෙසට පිළිගත හැකි සාක්ෂි හමුවී ඇත . එමෙන්ම ජීව විද්‍යාත්මකව ගත් කල පක්ෂීන් යනු පිහාටු පොරවාගත් උරගයින් කොටසක් බව පක්ෂි විද්වතුන් පවසා ඇත්තේ මේ නිසාය . පක්ෂීන්ගේ පරිණාමයේ මූලික අවධියේ දී පක්ෂීන්ගේ ඇටසැකිල්ලේ අස්ථි වල කුහර දක්නට ලැබුණේ නැත . මේ නිසා අස්ථි සැකිල්ල බරින් වැඩි විය . එම නිසා සිරුරේ බර ඔසවාගෙන ඉහලට පියාඹා යාමට ඌට නොහැකි විය . එබැවින් පාද වල පැවති තියුණු නිය සහිත ඇගිලිවල ආධාරයෙන් ගසක් දිගේ ඉහළට බඩගාගෙන ගොස් පහළට පැනීම සිදුකර ඇත . එවිට පියාපත් යුගලය ආධාරයෙන් වාතයේ පාවීගෙන පහළට ඒමට හැකියාවක් ඌට තිබී ඇත . පක්ෂීන්ගේ සිරුර පියාසැරියේදී උපරිම කාර්‍යක්ෂමතාවක් ලබා ගැනීමට හැකි වන පරිදි හැඩගැසී ඇත . මත්ස්‍යකුගේ සිරුරේ හැඩය සහිත ස්වරූපය හෙවත් අනාකූල හැඩැති ශරීර ස්වභාවය නිසා පියාසර කිරීමේදී අවම

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . හැදින්වීම ලෝකයේ වෙසෙන සියලුම සත්ව කොට්ඨාස අතරින් මිනිසාගේ සිත හා නෙත දිනාගත් සත්ව කාණ්ඩය ලෙස සියොතුන් නැතහොත් පක්ෂීන් හදුන්වාදිය හැකිය . පරිසරයේ සුන්දරත්වය වැඩි කිරීමට පක්ෂීන්ගේ දායකත්වය ඉතාම ඉහළ ය . පක්ෂි විශාරදයන්ට අනුව පක්ෂීන් යනු බිත්තර දැමීමෙන් තම වර්ගයා බෝකරන , පියෑඹීමට හැකියාවක් ඇති හෝ නැති සිරුර පිහාටු වලින් වැසී පවතින සත්ව කාණ්ඩයකි . සත්ව වර්ගීකරණයේදී පක්ෂීන් “ ආවේස් “ නමැති වර්ගයට ඇතුලත් කොට ඇති අතර   එහි අරුත “ ගුවනේ පියාසර කරන සතුන් “ යන්නයි . පක්ෂීන් සතු පොදු ලක්ෂණ කිහිපයක් පහත පරිදිය . 1.        සිරුර පිහාටු වලින් වැසී තිබීම 2.       හෘදය කුටීර 04කින් යුක්ත වීම 3.       පාද යුගලයේ කොරපොතු දක්නට ලැබීම 4.       සිරුරේ ගාත්‍රා යුගල් 04 කි . පූර්ව ගාත්‍රා යුගලය පියාපත් යුගලක් බවට පත්වී ඇති අතර අපර ගාත්‍රා යුගලය ඇවිදීමට හෝ පිහිනීමට හැඩ ගැසී ඇත . 5.       සාමාන්‍යයෙන් පාදයක ඇති ඇගිලි සංඛ්‍යාව 04කි . එහෙත් ඉතා කලාතුරකින් පාදයක ඇගිලි සංඛ්‍යාව 03ක් වන පක්ෂීන් ද