Posts

Showing posts from September, 2019

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී ලංකා අරංගයා Sri Lanka Whistling Thrush ( Myiophoneus blifgi ) Classification Cass – Aves Order – Passerifoimes Family – Muscicapidae Sub Family – Turdinae Genus – Myiophoneus   බාහිර ලක්ෂණ ශරීර ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ වේ . එනම් මයිනාත් ( Common Myna )   කොණ්ඩ කුරුල්ලාත් ( Red-ventedBulbul ) අතර වූ සිරුරක් තිබේ . පිරිමි සතා කළු පැහැතිය . පාද සහ හොට කළු පැහැති වේ . අත්තටු ආරම්භයේ ඇති සුළු ආවරණය පිහාටු අතරේ ඉතා දිප්තිමත් නිල්පාට ලපයක් ඇත . ඉගිලෙන විටමෙම සලකුණ උරස් සහ ළය පිහාටු අතර සැගවී ඇති බැවින් දැකගැනීම අසීරු වේ . ගැහැණු සතා දුඹුරු පැහැතිය . උදරීය පැත්ත වර්ණයෙන් ඊට වඩා අඩු වේ . ව්‍යාප්තිය මධ්‍යම හා ඌව යන පලාත් වල වාසය කරයි . ප්‍රධාන වශයෙන් හෝර්ටන්තැන්න , නුවරඑළිය , නකල්ස් කදුකරය , තංගමලේ රක්ෂිත වනයසහ හග්ගල යන ස්ථානවල දී හමු වේ . ජීවන රටාව මෙම පක්ෂීන් ජලාශ්‍රිත ප්‍රදේශවලට වඩාත් ප්‍රිය කරන අතර උදෑසන ද