ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...


ආදළුවේ ධම්මසිරි හිමි.

ශ්‍රී ලංකා අරංගයා
Sri Lanka Whistling Thrush ( Myiophoneus blifgi )


Classification
Cass – Aves
Order – Passerifoimes
Family – Muscicapidae
Sub Family – Turdinae
Genus – Myiophoneus


 බාහිර ලක්ෂණ
ශරීර ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ වේ. එනම් මයිනාත් ( Common Myna )  කොණ්ඩ කුරුල්ලාත් ( Red-ventedBulbul ) අතර වූ සිරුරක් තිබේ. පිරිමි සතා කළු පැහැතිය. පාද සහ හොට කළු පැහැති වේ. අත්තටු ආරම්භයේ ඇති සුළු ආවරණය පිහාටු අතරේ ඉතා දිප්තිමත් නිල්පාට ලපයක් ඇත. ඉගිලෙන විටමෙම සලකුණ උරස් සහ ළය පිහාටු අතර සැගවී ඇති බැවින් දැකගැනීම අසීරු වේ.ගැහැණු සතා දුඹුරු පැහැතිය. උදරීය පැත්ත වර්ණයෙන් ඊට වඩා අඩු වේ.

ව්‍යාප්තිය
මධ්‍යම හා ඌව යන පලාත් වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් හෝර්ටන්තැන්න , නුවරඑළිය , නකල්ස් කදුකරය, තංගමලේ රක්ෂිත වනයසහ හග්ගල යන ස්ථානවල දී හමු වේ.

ජීවන රටාව
මෙම පක්ෂීන් ජලාශ්‍රිත ප්‍රදේශවලට වඩාත් ප්‍රිය කරන අතර උදෑසන දී සහ සවස් කාලයේදී ක්‍රියාශීලීය. සාමාන්‍යයෙන් ගැහැණු සතාට වඩා පිරිමි සතා ක්‍රියාශීලී බවින් වැඩිය. කිසියම් පෘෂ්ඨයක වසා සිටින විට වරින්වර පෙදය විස්තාරණය කිරීම සහ නැවත හැකිළීම අරංගයාගේ සිරිතයි. බොහෝවිට හුදෙකලාව වාසය කිරීම නිරීක්ෂණය කර ඇත.

ආහාර
මෙම පක්ෂියා සර්ව භක්ෂක ආහාර විලාශයක් පෙන්වයි. ආහාර වශයෙන් කෘමීන් , කුඩා ගෙම්බන් , හූනන් වැනි සතුන් අල්ලාගන්නා අතර පලතුරු වර්ග ආහාරයට ගනී.

ප්‍රජනනය
වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ කාලය ප්‍රජනන සමයයි.කිරිල්ලිය දිය පහරක් ආසන්නයේ වූ ගල් කුහරයක, ගැට්ටක, ශාක කොටයක් මත හෝ ශාක කරුවක් මත කැදැල්ල සාදනු ලැබේ.එයට කුඩා රිකිලි, වියළි කොළ, සහ පෙදපාසි එකතු කර සාදනු ලැබේ. කැදැල්ල කෝප්පාකාර හැඩැතිය. කිරිල්ලිය වරකට බිත්තර 1ක් 3ක් දමනු ලබන අතර ඒවා ළා කොළ පැහැයට හුරුය. ප්‍රමාණයෙන් මිලි මීටර් 30.8 * 28 පමණ වන අතර බිත්තරයේ විශාල කෙළවරෙහි ළා රතු දුඹුරු වර්ණයෙන් යුක්ත සලකුණු දැකිය හැකිය.

වර්තමාන තත්ත්වය
ඉතාමත් දුර්ලභ පක්ෂීන් විශේෂයක් ලෙස හදුන්වා දිය හැකි අතර දැඩි ලෙස වදවීයාමේ තර්ජනයට ලක්වී ඇත. ප්‍රධානවම ස්වාභාවික වනාන්තර දරුණු අන්දමින් විනාශ කිරීම් වලට ලක් කිරීම නිසා මෙම පක්ෂීන් සංඛ්‍යාවෙන් ඉතා අයහපත් ලෙස අඩු වී යෑමේ අවදානමට ලක් වී ඇත. වර්තමාන තත්ත්වය මෙසේ වුවද පසුගිය වසර 50 කාලය තුළදී  ස්වාභාවික වාසස්ථාන වලදී හමු වී ඇත.




















Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්