Posts

Showing posts from December, 2019

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී  ලංකා අදුරු නිල් මැසිමාරා Sri Lanka Dusky – blue Flycatcer ( Eumyias sordida ) Classification Class – Aves Order – Passeriformes Family – Muscicapidae Genus – Eumyias       බාහිර ලක්ෂණ සම්පූර්ණ දේහයේ දිග සෙන්ටිමීටර 14ක් පමණ වේ . සුලබව දැකිය හැකි ගේ කුරුල්ලෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් මදක් කුඩාය . පිට පැත්ත අළු පැහැය මිශ්‍ර වූ නිල් පැහැයක් ගන්නා අතර මෙම පක්ෂියාට ලැබී ඇති විශේෂ ලක්ෂණයක් ලෙස ඉතා දීප්තිමත් නිල් පාටින් යුක්ත වූ නළල හැදින්විය හැකිය . මෙම ලක්ෂණය අදුරු නිල් මැසිමාරා අනෙක් පක්ෂීන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට භාවිතා කළ හැකිය . ගැහැණු හා පිරිමි සතුන් පෙනුමෙන් බොහෝවිට එක සමාන වන අතර හොටය කළු පැහැතිය . උදරය පැත්ත අළු පැහැය මිශ්‍ර සුදු පැහැයක් ගනී . පරිණත පක්ෂීන්ගේ දේහ වර්ණය එසේ වුවද ඇතැම් අදුරු නිල් මැසිමාරාවන්ගේ දේහ වර්ණය තද පැහැයෙන් යුක්ත විය හැකිය . නොමේරු පක්ෂීන්ගේ දේහ වර්ණය පරිණත පක්ෂීන්ගේ වර්ණයට වඩා වෙනස් වේ . ඔවුන