Posts

Showing posts from January, 2022

සියොත් චාරිකා

Image
සියොත් චාරිකා  ඇලේ දොලේ දුව පනින්න ..ගහකොල සතා සීපාවා එක්ක කතා කරන්න.. නිදහසේ සාසිල විදගන්න මං හරිම ආසයි..එදා උදුවප් පොහොය දවස..පෝය දවස එනකම් දින දින ගනන් කරලා මං උදේම නැගිට්ටේ බලාපොරොත්තු ගොඩක් හිත පුරව ගෙන.. යාලුවො එක්ක කුරුල්ලන් බලන්න යන්න මං හිටියෙ ගොඩක් ආසාවකින්..   මම යහලුවන් සමඟ කුරුල්ලන් නැරඹීම ආරම්භ කලේය. මම මගේ පරිසරයට ගොඩක්  ආදරෙයි .. මා පලමුවෙන්ම දුටුවේ කොළරිසියා හෙවත් leaf bird කියන කුරුල්ලා.. leaf bird  සංචාරක කුරුල්ලෙක්.. මෙම කුරුල්ලා සීතල කාලය වෙන කොට වෙන රටකට යනවා. තවත් බොහෝ කුරුල්ලන් මම දුටුවා. පිට රට වල ශීත කාලය ආරම්භ වීමත් සමඟ ශීත කලාපයේ ජීවත් වන කුරුල්ලන් නොවැම්බර් ආරම්භයත් සමඟ ලංකාවට පැමිණේ. මොවුන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ලංකාවේ රැදී සිටී.. අපි කුරුල්ලන් නැරඹීම ට යන ගමනේ ලංකාවට පැමිණි සංචාරක කුරුල්ලන් ගොඩක් දුටුවෙමි . කහ කුරුල්ලන්  ,කොලරීසියන්  , වැහිලිහිණියන් , මැසිමාරන් හා ක්‍රියාශීලි  bee eater ඒ  අතර විය.  Bee eater  රංචුවක් ගසක උඩ අත්තක වසා වේගයෙන් ගුවනේ සැරි සරමින් ආයෙම උඩ අත්තේ වසයි. එයාගේ පියාසර විලාශය බලා සිටීම මගෙ හිතට ලොකු සතුටක්. Bee eater  එයාට ඒ