සියොත් චාරිකා

සියොත් චාරිකා 

ඇලේ දොලේ දුව පනින්න ..ගහකොල සතා සීපාවා එක්ක කතා කරන්න.. නිදහසේ සාසිල විදගන්න මං හරිම ආසයි..එදා උදුවප් පොහොය දවස..පෝය දවස එනකම් දින දින ගනන් කරලා මං උදේම නැගිට්ටේ බලාපොරොත්තු ගොඩක් හිත පුරව ගෙන.. යාලුවො එක්ක කුරුල්ලන් බලන්න යන්න මං හිටියෙ ගොඩක් ආසාවකින්..   මම යහලුවන් සමඟ කුරුල්ලන් නැරඹීම ආරම්භ කලේය. මම මගේ පරිසරයට ගොඩක්  ආදරෙයි ..


මා පලමුවෙන්ම දුටුවේ කොළරිසියා හෙවත් leaf bird කියන කුරුල්ලා.. leaf bird  සංචාරක කුරුල්ලෙක්.. මෙම කුරුල්ලා සීතල කාලය වෙන කොට වෙන රටකට යනවා. තවත් බොහෝ කුරුල්ලන් මම දුටුවා. පිට රට වල ශීත කාලය ආරම්භ වීමත් සමඟ ශීත කලාපයේ ජීවත් වන කුරුල්ලන් නොවැම්බර් ආරම්භයත් සමඟ ලංකාවට පැමිණේ. මොවුන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ලංකාවේ රැදී සිටී.. අපි කුරුල්ලන් නැරඹීම ට යන ගමනේ ලංකාවට පැමිණි සංචාරක කුරුල්ලන් ගොඩක් දුටුවෙමි . කහ කුරුල්ලන්  ,කොලරීසියන්  , වැහිලිහිණියන් , මැසිමාරන් හා ක්‍රියාශීලි  bee eater ඒ  අතර විය.  Bee eater  රංචුවක් ගසක උඩ අත්තක වසා වේගයෙන් ගුවනේ සැරි සරමින් ආයෙම උඩ අත්තේ වසයි. එයාගේ පියාසර විලාශය බලා සිටීම මගෙ හිතට ලොකු සතුටක්. Bee eater  එයාට ඒ නම ලැබිලා තියෙන්නේ එයා කැමති ම කුඩා කෘමි සතුන් ආහාරයට ගන්න. 


අපි කෙමෙන් කෙමෙන් වෙනස් පරිසරයකට ආවා. ඒ තමයි කුඩාබිබුල කුඹුරු යාය.. කුඹුරු වැඩ පටන් අරන්. බිම සකස් කරන කටයුතු ..අපි කුරුල්ලන් බලන්න යනවා වගේම කුඹුරෙ බැහැල මඩේ ඇවිදින්න අමතක කලෙත් නෑ . එ්ක අමුතුම අද්දැකීමක් .  

අම්මෝ ලොකු සද්දයක් .. කවුද ඒ.. කන් බිහිරි කරවන සද්දයක් දාගෙන එහාට මෙහාට දුවනවා. අනේ්. සුදු පාට පුලුන් බෝලයක් වගේ පැටියෙක් එයා පිටුපස .. ඒ තමයි කිරලා.. රත් යටිමල් කිරලා. පැටියව ආරක්ෂා කර ගන්න එයාගෙ උත්සාහය. අපි තවත් ඉස්සරහට ඇවිද ගෙන ගියා. 

ට්‍රැක්ටරය පිටුපස දුවන පාට පාට කොක්කු ..පියාපත් , කකුල්  එක එක පාට.. අපේ ටීච අපට එයාලා ගැන තොරතුරු කියලා දුන්නා . පියාපත් අඳුරු ඉගිලෙද්දි සුද පේන එයා කණ කොකා. කකුල් බෙල්ල , දිගු හොටය කලු පාට , ඇඟ සුදු පාට එයා හිස කලු දෑකැත්තා ... ඒ වගේම සුදු මහ කොක්කු , සුදු මැදි කොක්කු රංචු පිටින් හරි ම සතුටින් කෑම හොයනවා.. ඒ කුඹුරු පරිසර පද්දතියෙ ඇති වෙන්න කෑම....

සිළු සර්ප උකුස්සන් , බමුණු පියා උකුස්සන්  , බැමසුදු කොණ්ඩයන් කොණ්ඩ කුරුල්ලන් , බට්ටිච්චන් , අලු කොබෙයියන් , පොල් කිච්චන් වැනි අපේ ගමේ සුලභ කුරුල්ලන් , ඔවුන්ගේ චර්යා රටා , කුරුලු කූඩු , උන්ගේ සිංදු අහලා දැකලා යාලුවො එක්ක ඇලේ නාලා සතුටු වෙලා අපි අපේ ගමන නිමා කලා. ජීවිතේ කවදාවත් අමතක නොවන ලස්සන චිත්‍රයක් හිතේ සිත්තම් කර ගෙන කුරුල්ලන් එක්ක ජීවත් වෙන්න හිත පුරුදු  කරගන්න අධිටන්කරගෙන පරිසරය රැක ගන්න  මගේ ලොකුම බලාපොරොත්තුවයි .. මං මගේ අම්මාට තාත්තාට වගේම පරිසරය ට ගොඩක් ආදරෙයි ......

ආර්. වී. පී .  අශිංෂනා හිමසරණි

4 ශ්‍රේණිය



Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්