Posts

අලි මිනිස් ගැටුම

Image
අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක්  දෙවන   ලිපිය ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමේ ඉතිහාසය               ලංකා ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී අලියා විටෙක චතුරංගනී සේනාව නියෝජනය කර ඇත . එපමණක් නොව අලි වෙනත් රටවල් සදහාද පරිත්‍යාග කිරීම් ද දක්නට ලැබෙයි . අලින්ගෙන් වැඩ ගැනීම වැනි දෑ ද සිදුවිණ . එහෙත් ඉන් අලියා සමග පැවති අන්නෝන්‍ය සම්බන්ධතාවට හානියක් නොවිණි . මිනිසුන් පරිසරය තුළ සතුන් සමග ජීවිතය බෙදා ගැනිමට සමත් විය . එහෙත් වැඩි වැඩියෙන් සම්පත් මංකොල්ල කමින් රටවල් යටත් කරගත් අධිරාජ්‍යවාදී මුහුණුවරයෙන් සොබාදහමත් මානව සමාජයත් බෙදා වෙන් කරන ලදී . එහි ප්‍රථිඵලයක් ලෙස පරිසරය අර්බූදයට ලක් වීම සමාජයීය අර්බුදයක් බවට පෙරලීමයි . ඒ නිසා අලි මිනිස් ගැටුම් නිර්මාණය වන්නේ හුදෙකලා වටපිටාවක නොව ඉතිහාසයේ ක්‍රමික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙසිනි .              ලංකාවේ අලින්ට මුල්ම වරට හානියක් උදාවන්නේ 1505 දී මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට යටත් වීමත් සමග ය . පෘතුගීසි...