අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් 

දෙවන ලිපිය

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමේ ඉතිහාසය

              ලංකා ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී අලියා විටෙක චතුරංගනී සේනාව නියෝජනය කර ඇත. එපමණක් නොව අලි වෙනත් රටවල් සදහාද පරිත්‍යාග කිරීම් දක්නට ලැබෙයි.අලින්ගෙන් වැඩ ගැනීම වැනි දෑ සිදුවිණ. එහෙත් ඉන් අලියා සමග පැවති අන්නෝන්‍ය සම්බන්ධතාවට හානියක් නොවිණි.මිනිසුන් පරිසරය තුළ සතුන් සමග ජීවිතය බෙදා ගැනිමට සමත් විය. එහෙත් වැඩි වැඩියෙන් සම්පත් මංකොල්ල කමින් රටවල් යටත් කරගත් අධිරාජ්‍යවාදී මුහුණුවරයෙන් සොබාදහමත් මානව සමාජයත් බෙදා වෙන් කරන ලදී.එහි ප්‍රථිඵලයක් ලෙස පරිසරය අර්බූදයට ලක් වීම සමාජයීය අර්බුදයක් බවට පෙරලීමයි. නිසා අලි මිනිස් ගැටුම් නිර්මාණය වන්නේ හුදෙකලා වටපිටාවක නොව ඉතිහාසයේ ක්‍රමික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙසිනි.

             ලංකාවේ අලින්ට මුල්ම වරට හානියක් උදාවන්නේ 1505 දී මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට යටත් වීමත් සමග . පෘතුගීසින් කුළුබඩු වෙළදාම සිදුකලත් මෙරට දැව හා අලි මොවුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත් විය. පහතරට වනාන්තර කපා දමමින් සිදුකල දැව ජාවාරමත් , අලින්ට රටවල්වල තිබූ ඉල්ලුම දුටු පෘතුගීසින් අලි අල්ලා අලි වෙළදාම් කරන ලදී. ඉන් පසු 1658 දී වෙරළබඩ ප්‍රදේශය ලන්දේසින් අතට පත්විය. ඔවුන්ද වෙනසක් නොකොට වනාන්තර වනසා දමමින් අලි වෙළදාම් කරන ලදී. ඓතිහාසික වාර්තවන්ට අනුව ලන්දේසි පාලන සමය තුළ අලි ඇතුන් 150 – 200 අතර සංඛ්‍යාවක් පිටරට යැවූ බවට වාර්තා තිබේ.

             ලන්දේසින්ගෙන් පසු ඉංග්‍රීසින්ගේ පාලන සමය තුළ අලින්ට විශාලතම හානිය සිදුකරන ලදී. විශේෂයෙන් වනාන්තර විනාශ කිරීම සහ අලි අල්ලා පිටරට යැවීමට අමතරව බ්‍රිතාන්‍ය සමය තුළ විනෝදය සදහා අලි වෙඩි තබා මරා දැමීම ද සිදුකෙරිණි. මේ සමයේදී වැවිලි වගාවන් සදහා ලංකාවේ පහතරට හා කදුකර වනාන්තර විශාල වශයෙන් එළි කිරීම සිදුවිය. මේ නිසා අලින් විශාල ප්‍රමාණයකට තමන් වසර දහස් ගණන් ජීවත් වූ නිජබිම් අහිමි කරන ලදී. නිජබිම් අහිමි වී අවතැන් වූ අලි ඇතුන් වැවිලි බිම් හා ගම්මාන වෙත කඩා වදින්නට වූහ. එතැන් සිට මෙතෙක් කලක් මෙරට ජනයා සහ අලි ඇතුන් සමග පැවති සමාදානය අවසන් වීම ඇරඹුණි. ලංකාවේ මුල්වරට අලි මිනිස් ගැටුම ආරම්භ වූයේ වැවිලි වගාවන් ආරම්භයත් සමගය.

             බ්‍රිතාන්‍යයන් තම වැවිලි වගාවන් කදුකර ප්‍රදේශවල ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ රටවල් සදහා අවශ්‍ය දෑ ගෙන යාමට වැඩ කටයුතු සංවිධානය කලේ අප රට සතු ස්වාභාවික සම්පත් වනසා දමමිනි. වැවිලි වගාවන් සදහා අලින්ගෙන් වන හානිය ඔවුන් කළමනාකරණය කර ගත්තේ අලියා වගාවන් සදහා හානිදායක පළිබෝධකයකු ලෙස දකිමිනි. වගාවන් සදහා කඩා වදින අලින් වෙඩි තබා ඝාතනය කිරීම නීතිගත කරමින් මරා දමන අලියෙකු වෙනුවෙන් මුදල් ගෙවීමේ ක්‍රමයක් ආරම්භ කරන ලදී.මේ අනුව ඉතිහාසයේ පළමුවරට අලියා පළිබෝධකයකු වන්නේ මේ යුගයේදීය.බ්‍රිතාන්‍ය වාර්තා වලට අනුව 1853 සිට 1859 දක්වා කාලය තුළ පමණක් අලි ඇතුන් 5194 ක් මරා දමා තිබෙන බවට සටහන් තිබේ.

             මේ ආකාරයට මෙරට අලි පරපුරට උදාවූ අපලය ශ්‍රී ලංකාවට නිදහස ලැබුන පසු, මේ දක්වා අවසන් වී නොමැත. ඊට හේතුව වන්නේ සුද්දා වැවිලි වගාවන් ඇරඹූ ලෙසම නිදහසින් පසු මෙරට ආරම්භ වූ සියළු සංවර්ධන ව්‍යාපෘති අලි ඇතුන්ගේ පැවැත්ම පමණක් නොව පරිසරයේ ජීවීන්ගේ සමබර පැවැත්ම ගැන උවමනාවක් හෝ අවධානයක් නොදැක්වීමයි. මෙහි අවසාන ප්‍රථිඵලය වී ඇත්තේ මෙරට කෘෂිකාර්මයේ ප්‍රධාන සතුරා ලෙස අලියා නම් වීමයි. නිසා අද ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල ප්‍රධාන ගැටුම බවට පත්වී ඇත්තේ අලි මිනිස් ගැටුමයි.


නිදහසින් පසු ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අලි මිනිස් ගැටුම තීව්‍ර කිරීම

             බ්‍රිතාන්‍යයන් නිදහස ලබා දුන් නමුත් ඔවුන්ගේ රටවල් සදහා අප සතු සම්පත් රැගෙනයාමට අවශ්‍ය ණය ආධාර සහ සංවර්ධන සැලසුම් නිර්මාණය කර පාලකයන් හරහා ඒවා ක්‍රියාත්මක කිරීමට සමත් විය. අනුව  මේවනතෙක් ක්‍රියාත්මක වූ මහා පරිමාණ  සංවර්ධන ව්‍යාපෘති අලි මිනිස් ගැටුම සේම සතා සිවුපාවා හා මානව සමාජය තුළ ගැටුම් නිර්මාණය කිරීමට හැකිවී ඇත. එවැනි සංවර්ධන ව්‍යාපෘති තුළ දක්නට ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ පරිසරය අමතක කොට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමයි. එහි ප්‍රථිඵල වර්තමාන මිනිස් ජීවත සේම අලින්ගේ ජීවිතද සමස්ථ පරිසර පද්ධතියම අනතුරට පත් වීමයි.
  1. නැගෙනහිර ප්‍රදේශයේ ඇති කල ගල් ඔය ව්‍යාපාරය
  2. දකුණු පලාත තුළ ඇරඹූ වලවේ සහ කිරිදි ඔය ව්‍යාපාරය
  3. නැගෙනහිර , ඊසානදිග හා වයඹ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මහවැලි ව්‍යාපාරය
  4. වර්තමානය තුළ ක්‍රියාත්මක 2011 -2050 දක්වා වූ ජාතික භවුතික සැලසුම්
                    ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළ පරිසරය වන සතුන් නොසලකා හරිමින් සතුන්ගේ සංචරණ අවස්ථා පිළිබඳ නොතකා ව්‍යාපෘතියේ මුදල් වියදම් කිරීමට සැලසුම් කලත් සමස්ථ සතුන්ගේ පැවැත්ම පිළිබඳව නොතකා කටයුතු කිරීමේ ප්‍රථිඵලය ලෙස රටක් තුළ ආරක්ෂා විය යුතු වනාන්තර ප්‍රතිශතය සීග්‍රයෙන් පහල බැස ඇත.

වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඇති වූ තත්ත්වයන් අලි මිනිස් ගැටීමට අත වැනීමකි.
  1. සංවර්ධන ව්‍යාපෘති සදහා වනාන්තර බිම් එළිපෙහෙළි කිරීම.
  2. අනවසරයෙන් වනාන්තර ඉඩම් අත්පත් කරගෙන පදිංචි වීම. 
  3. වනාන්තර ගිණි තැබීම
  4. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ගැටුම් අවම කර ගැනීමට ක්‍රියාත්මක නොවීම.
  5. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වනාන්තර දෙකඩ වීම
  6. මේ කරුණු හේතුවෙන් වර්තමානය වන විට සංවර්ධන අනාථයින් බවට අලින් පත්ව ඇත. නිසා ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලු කිහිපයකි.
  7. තම පාරම්පරික වාසභූමි , ආහාර ,ජලය සහ ප්‍රජනන අවශ්‍ය බිම් නොමැති වීම.
  8. තම ගහනයෙන් වෙන් වී ඈත්ව යෑම.
  9. කැළෑ අතර සංක්‍රමණය වීමට පිවිසුම් මාර්ග නොමැති වීම. 
  10. දළ වැනි ශරීර කොටස් ගැනීමට මරා දැමීම. 
  11. මුදලට සිදුකරන අලි සොරකම. 

                    මේ ගැටුමට ප්‍රධාන හේතුව ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ අලින්ගේ පැවැත්ම සදහා අවශ්‍ය වාසස්ථාන වන වනාන්තර වේගයෙන් එළි කිරීමයි.එසේම පිහිටුවනු ලැබූ රක්ෂිත අලින්ගේ ආහාර , ජල සහ වාසස්ථාන අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවීමයි.තවත් වැදගත් කරුණක් වන්නේ පිහිටවනු ලැබූ වනොද්‍යාන හා රක්ෂිත අතර ගමන් කල හැකි පිවිසුම් මාර්ග නොමැති වීමයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ රක්ෂිත වන කොටස එකිනෙකට සම්බන්ධතාවයක් නොමැතිව ඉතිරි  කිරීමේදී අලි යනු සංක්‍රමණික සත්ව කොටසක් බව සැලසුම්කරුවන් විසින්  අමතක කර ඇති බවයි. ඇතැම් ගොවි ජනපද සැලසුම් කිරීමේදී  ( මහවැලි  H කලාපය ) අලින්ගේ සංක්‍රමණ මාර්ග අතරට ගම්මාන හා ගොවිබිම් ඇතිකිරීම මගින් මේ ගැටුම වඩාත් උග්‍ර කර ඇත. මේ සියල්ලටම හේතුව වන්නේ සංවර්ධන සැලසුම් වල ඇති දුර්වලතාවයි. විශේෂයෙන්ම නිසි සැලසුම්කාරී ඉඩම් ප්‍රතිපත්තියක් හෝ ඉඩම් භාවිතාවක් නොමැති බවයි.

1990 සිට 2005 දක්වා  මිනිස් මැදිහත්වීම්  හේතුවෙන් සිදු වූ අලි මරණ..

වර්ෂය
පිරිමි
ගැහැණු
වැඩිහිටි
නොවන
හදුනා
නොගත්
එකතුව
1990
4
15
-
3
22
1991
43
9
-
7
59
1992
69
1
8
12
90
1993
74
22
1
6
103
1994
76
34
-
3
113
1995
64
25
-
5
94
1996
89
33
-
8
130
1997
101
43
-
20
164
1998
88
32
-
28
148
1999
74
28
-
5
107
2000
106
29
-
15
150
2001
100
43
-
19
162
2002
78
23
21
5
127
2003
79
23
-
6
108
2004
110
37
2
4
153
2005
85
31
-
7
125
එකතුව
1240
428
32
153
1853


1992 සිට 2005 දක්වා අලි ප්‍රහාර හේතුවෙන් සිදු වූ මිනිස් මරණ...

වර්ෂය
පිරිමි
ගැහැණු
දරුවන්
එකතුව
1992
18
3
1
22
1993
44
11
5
60
1994
38
10
7
55
1995
39
6
12
57
1996
37
6
4
47
1997
41
6
7
54
1998
38
10
5
53
1999
62
10
9
81
2000
52
3
8
63
2001
31
5
8
44
2002
39
3
2
34
2003
53
4
2
59
2004
39
9
1
49
2005
51
16
1
69
එකතුව
572
102
73
747


2006 සිට 2017 දක්වා අලි ඝාතන , මනුෂ්‍ය ඝාතන හා සිදු වූ දේපොළ හානි...
වර්ෂය
අලි මරණ
මිනිස් මරණ
2006
163
79
2007
189
72
2008
224
71
2009
228
50
2010
227
81
2011
255
60
2012
250
73


වර්ෂය
අලි මියයෑම්
ගණන
මිනිස් මියයෑම් ගණන
දේපොළ හානි
2013
206
70
1262
2014
231
67
1424
2015
205
63
1226
2016
279
88
1320
2017.10.30
206
56


මානව සමාජයෙන් අලින්ට වන හිරිහැර ...
  1. අලි වෙඩි තබා ඝාතනය කිරීම
  2. හක්කපටස් වැනි මර උගුල් ඇටවීම
  3. මදු තැබීම
  4. විදුලිය දමා අලි මරණයට පත් කිරීම
  5. දුම්රිය අනතුරු
  6. වගා ලිං හේතුවෙන් වෙන හිරිහැර
  7. අලි පැටව් සොරකම් කිරීම
  8. දළ ලබා ගැනීමට ඇතුන් ඝාතනය කිරීම
  9. කුඩා භූමි ප්‍රමාණයන්ට අලි කොටු කොට තැබීමට උත්සාහ කිරීම
  10. අලි වෙඩි තබා පළවා හැරීම

            ඉතිහාසය පුරා මානව සමාජයෙන් අලින් විෂයෙහි එල්ලවන බලපෑම දිනෙන් දින වසරින් වසර උග්‍ර අතට හැරෙමින් තිබේ.මේ හේතු නිසාවෙන් අලි මරණ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහළ අගයන් ගන්නා බව ඉතා පැහැදිලි ය. අතීතයේ අලි මැරීමේ මූලික ක්‍රමවේදය බවට පත්ව තිබුනේ  වෙඩි තැබීමය. එහෙත් එය පසුකාලීනව හක්කපටස් වලට මාරු වී ඇති අයුරු දක්නට ලැබේ. 2007 වර්ෂයේ පළමු හක්කපටස් අලි මරණ දෙක පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර 2015 වන විට අලි මරණ වලින් සියයට පනස් එකක් දක්වා සංඛ්‍යා වලින් සිදුවන බවට අනාවරණය විය.මෙම තත්ත්වය වර්තමානය වන විට වර්ධනයක් දැකිය හැකිය. මානව සමාජය  අලියා සතු නිජභූමි ( Home Range ) වල ජනපද පිහිටුවීමක් අලින්ගේ සංක්‍රමණික මාර්ග අවහිර කිරීමත් මගින් අලියා පරම්පරාවෙන් රැගෙන දැනුම මත තම වාසභූමි සහ සංචරණ මාර්ග භාවිතයට ගැනීමේදී ඉහත කී මාරාන්තික අවස්ථා අලින්ට උදාවන අතර මීට අමතරව මාරාන්තික නොවන හිංසනයන් හරහා හොද මතකයක් සහිත  සත්ව විශේෂයක් වන අලියා මානව සමාජය පිළිබඳ මතකය ප්‍රසන්න ර්කක් නොවනු ඇත. ප්‍රචණ්ඩකාරී කලහකාරී අලි අධ්‍යයනය කිරීමේදී  දැකිය හැකි පොදු සාධකයක් වන්නේ කුමන හෝ මාරාන්තික නොවන හිංසනයකට ලක්කොට ඇති බවයි. මේ අනුව අලියාට සත්ව ලෝකයේ ප්‍රධාන සතුරා බවට මානව සමාජය පත්ව ඇත. නිසා අලියා මානව සමාජය වෙත එල්ල කරන බලපෑමද වේගවත් කොට ඇත.


සටහන
පූජ්‍ය වෑකදවල රාහුල හිමි








Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...