ඒලෙවල්. ඒ කියන්නේ ලංකාවේ තීරණාත්මක කඩඉමක් විදියට බොහෝ දෙනෙක් දකින විභාගයක්. හැබැයි දැන් ඒලෙවල් කියන්නේ විභාගයක් විතරක් නෙමෙයි. චිත්‍රපටියක්. එලෙවල් චිත්‍රපටය හීන හොයන සමනල්ලු නිර්මාණය කළ රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, තුමිඳු දොඩම්තැන්න වගේ ප්‍රසිද්ධ නළු නිළියන් වගේම නවක නළුනිළියන් පිරිසකුත් දායක වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුරේෂ් මාලියද්ද විසින්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක අනුත්තර සහ අහිංසා. අනුත්තරගේ චරිතයට පණපොවන්නේ සචීර විජේසිංහ. ඔහු මේ චිත්‍රපටයේ රඟපෑවේ උසස්පෙළ කරමින් ඉන්නකොටයි. අහිසාගේ චරිතයට පණපොවන්නේ ලහිරුකා ඒකනායක. ඇයත් උසස් පෙළ ශිෂ්‍යාවක්. මේ චිත්‍රපටයේ උසස් පෙළ ළමයින් විදියට රඟපාන සියලුම දෙනා ඇත්තටම උසස්පෙළ කරන ළමයින්. අනුත්තර සහ අහිංසා කියන චරිත දෙක උසස් පෙළ කරන්නේ එකම පාසලක. දෙදනාම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙනවා. අහිංසා උසස්පෙළට එන්නේ අනුත්තර අධ්‍යාපනය ලබන පාසලට. කතාව පටන් ගන්නේ එතැනින් වුණත් චිත්‍රපටය පටන් ගන්නේ අනුත්තර සය මිතුරන් පාසල් නිමවී ගෙදර යද්දී පිරිසක් ඇවිත් අනුත්තර පහර දෙන දර්ශනයකින්. උසස් පෙළ ආරම්භ