මතක ප්‍රේමය
තාරුකා ඇස් හඳ මඩල ලගින් හිඳ
දහසක් නෙතු වසා කී ප්‍රේම කතාව
තවමත් ඇසෙනවා වගෙයි
මතක ප‍්‍රේමය
පපුතුරෙලේ මුව සතපා ඇගිලි තුඩු හඳ පිරිමැද
හුරතලෙන් ආදරේ කී අකීකරු ආලිංගන තවමත් පෙනෙවා වාගෙයි
කණකොක් සුද ආදරේ පැහැය වෙනස් කළා මතකයි
සමාජ ඉනි වැට පනිණු බැරි වාරු නැති දෙපා හැරගියා මා
දෙනෝ දාහක් සෙනග අතරේ හුදකලාවක ගිල්වා
සිත රිදවා සුසුම් ගිනියම්ව නෙතු අග කඳුලක් වු ප්‍රේමයේ
මතකය ගුලි කොට භූගත කළෙමි යලි නොඑන්නට
ජිවිතයට සිනාසුනෙමි පිපෙනා මල් පරවෙනා බව මෙනෙහි කොට කමටහනක් සේ
මතකය වැලිතලාවට යට කොට
භූගත කොට වැලලිය නොහැකි අපේ ප්‍රේමය
දුටුවෙමි සොඳුරිය
ගම හැර ගියද
මතක අමතක කළ නොහැකි මතක ප්‍රේමය
දිගු කලකින් අප හමුවු ගස් සෙවන දුටු මට
ආදරේ සෙවන හැර යන්න අඳද දෙපා වාරු නැත
නමුදු අද මා පමණකි
කලකට පසු වට වැස්සට
භූගත අලවැලක් සේ මතක ප්‍රේමය
මහපොළව දෙබෑකොට හිරු එළිය සිප ගනි
කලාමැදිරි එළි දැල්වුණ රාත්‍රියක අප මැවු සිහිනය
බොඳ කළ කාලය දෙස
බොඳවු දෙනෙතින් බලා සිටිමි
මතකය මරා දැමිය නොහැකි
වේදනාවක
- අර්.යු. ප්‍රසන්න සංජිව-
Comments
Post a Comment