ඒලෙවල් කරන නොකරන හැමෝම ඒලෙවල් film එක බලමු


ඒලෙවල්. ඒ කියන්නේ ලංකාවේ තීරණාත්මක කඩඉමක් විදියට බොහෝ දෙනෙක් දකින විභාගයක්. හැබැයි දැන් ඒලෙවල් කියන්නේ විභාගයක් විතරක් නෙමෙයි. චිත්‍රපටියක්. එලෙවල් චිත්‍රපටය හීන හොයන සමනල්ලු නිර්මාණය කළ රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, තුමිඳු දොඩම්තැන්න වගේ ප්‍රසිද්ධ නළු නිළියන් වගේම නවක නළුනිළියන් පිරිසකුත් දායක වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුරේෂ් මාලියද්ද විසින්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක අනුත්තර සහ අහිංසා. අනුත්තරගේ චරිතයට පණපොවන්නේ සචීර විජේසිංහ. ඔහු මේ චිත්‍රපටයේ රඟපෑවේ උසස්පෙළ කරමින් ඉන්නකොටයි. අහිසාගේ චරිතයට පණපොවන්නේ ලහිරුකා ඒකනායක. ඇයත් උසස් පෙළ ශිෂ්‍යාවක්. මේ චිත්‍රපටයේ උසස් පෙළ ළමයින් විදියට රඟපාන සියලුම දෙනා ඇත්තටම උසස්පෙළ කරන ළමයින්.

අනුත්තර සහ අහිංසා කියන චරිත දෙක උසස් පෙළ කරන්නේ එකම පාසලක. දෙදනාම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙනවා. අහිංසා උසස්පෙළට එන්නේ අනුත්තර අධ්‍යාපනය ලබන පාසලට. කතාව පටන් ගන්නේ එතැනින් වුණත් චිත්‍රපටය පටන් ගන්නේ අනුත්තර සය මිතුරන් පාසල් නිමවී ගෙදර යද්දී පිරිසක් ඇවිත් අනුත්තර පහර දෙන දර්ශනයකින්. උසස් පෙළ ආරම්භයේ සිට අවසානය දක්වා කතාව යනවා. කතාව අවසන් වෙන්නේ අනුත්තර සහ අහිසා ඒලෙවල් විභාගය ලියන්න පටන් ගන්න තැනින්.

අනුත්තර සහ අහිසාගේ ආදර කතාව ඇතුළේ තවත් ගැඹුරු කතාවක් යනවා. ඒ කියන්නේ අහිංසා හදාවඩා ගත් ගෙදර මාමාගෙන් වෙන බලපෑම්. එතකොට ඔබ බලයි අහිංසා කියන්නේ හදාවඩා ගත්තු කෙලේලෙක්ද කියලා. ඕකට ඔව් කියන්නත් පුළුවන්. නෑ කියන්නත් පුළුවන්. අහිංසාගේ අම්මා තාත්තා ඉන්නවා. අහිංසා හදා වඩා ගත්ත හේතුව දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

 අහිංසා හදාවඩාගත් අයියාගේ පෙරපාසල් යන වයසේ පුංචි දියණිය මාමා අතින් අපයෝජනය වීමත් අහිංසා එය දැනගෙන අක්කාට කීමත් සමඟ තමයි මේ කතාවේ හොඳම හරිය යන්නේ.  මේවගේ සිද්ධි වලට එරෙහිව අපේ සමාජයේ නීතිය ඉදිරියට යෑම අඩුවෙන් සිද්ධ වෙන්නේ. මේවා යට ගහගෙන ඉන්නේ නැතිව බය නැතිව නීතිය ඉදිරියට යෑම ගැන හොඳ පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් දෙනවා. උසස් පෙළ තරුණයන්ගේ ආදරය අස්සේ මේ ගැඹුරු කතාවත් ලස්සනට ඉදිරිපත් කරනවා.

ඉතින් ඒලෙවල් ගැන මෙහෙම කතා කළාට වැඩක් නෑ. ඒලෙවල් කියන්නේ තරුණ තරුණියන් හැමෝම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. ඒ විතරක් නෙමෙයි තරුණ ළමයින්ගේ ආකල්ප ගැන දැනගන්න තරුණ ළමයින් ඉන්න දෙමාපියන් සහ පුංචි දරුවන් අත්විඳින සිද්ධි ගැන දැනගන්න දරුවන් ඉන්න දෙමාපියනුත් නැරඹිය යුතුම චිත්‍රපටයක්.

Comments

Post a Comment

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්