Posts

Showing posts from February, 2018

එකම අහසක එක් වෙන්න තහනම්

Image
හිරුයි සඳුයි එකම අහසක පෑවුවට... හිරුට සදු අහිමියි... සදුට හිරු අහිමියි... හිරු නැගෙද්දි සදු බැස යනව.. සදු නැගෙද්දි හිරු බැස යනව.. මහා ආදරයක් හදේ දරාගෙන.. මේ අහස නපුරුයි කියල හිතෙනවා... මේ ආදරේට ඉඩනොදෙන... අහස නුඹ... හිරුට අවැසි විදියට, සදුට අවැසි විදියට , වෙනස් වන අපූරුව.... මට දැනෙනවා...... ඔබත් මමත් හිරුයි සදුයි වගේ එකම අහසක එක් වෙන්න තහනම්....... - සෙව්වන්දි හෙට්ටිආරච්චි -  

වෙරළ සම්පත හූරාගෙන කෑම

Image
අ හස් කුස සුනිලය. සයුරු දිය ද සුනිලය. දිය මත පතිත හිරු රැස් පමණක් චණ්ඩය. බැලූ බැලූ අත සුදු මිනිස්සුය. ඒ, දියත පතළ කොරල්පරය හා වෙරළ තීරයේ චමත්කාරජනක දසුනින් නෙතත් සිතත් පිනවීමේ අපේක්ෂා පෙර දැරිවය. වනජීවී සංරක්ෂණ අධිකාරි කාර්යාලය පෙනෙන මානයේම අතින් කටින් යමක් එල්ලා ගත් අයෙක් මුහුදු දියට නැඹුරු වෙයි. දිය රැලිති රළ නගයි. සුදු මිනිස්සු ඔහු වටා රොක්වෙති. මින් රළ විත් ගං වෙරළට රැස් වුණේ ගුත්තිල කාව්‍යයේය. මෙතැන ද එයමය. ඒත් මේ නම් වීණා නාදය ඇසීමට නොවේ. පාන් කන්නටය. හික්කඩු වෙරළේ සුලභ දසුනක් වූ විචිත‍්‍ර මත්ස්‍යයෝ දස දහස් ගණනින් මේ පොරකන්නේ පාන් කන්නටය. අපි ඔහු සමඟ කතාවට වැටුණෙමු. ”අයියලා ටුවරිසම් වගේ? ” ”දන්නවනේ ඉතින්. පාන්වලට මාළු ගොඩක්  කැමැතියි” ඔහුගේ උත්තරය කෙලින් නැත. ”ඔයාලා දවසෙම ඉන්නවද?” ”නෑ.. අපේ මේ හට් දෙකක් තියෙනවා. ඒකයි.” ඔහු හට් යනුවෙන් හැඳින්වූයේ ස්නෝකලින් හෙවත් කොරල් හා මසුන් නිරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ කුලියට ලබාදෙන වෙළෙඳසල්ය. ලොව නන් දෙසින් හික්කඩුවට පැමිණෙන සංචාරකයන්ට ඇස් හා මුව ආවරණත් ජීවිතාරක්ෂක කබා සහ දිය යටට ජංගම දුරකථන ගෙනයා හැකි පරිදි යොදන කවර ඇතුලූ එකී මෙකී

යහපාලනයේ ටැබ් ටෙන්ඩරයට මොකද වුණේ?

Image
තාක්ෂණය අතින් ලංකාවේ රාජ්‍ය ආයතනය බොහොමයක් තවමත් සිටිනුයේ වසර ගණනක් පසුපසින් බව අමුතුවෙන් කිව යුතු නැත. ෆයිල් කන්දකට යටවී රාජකාරි කරන නිලධාරීන් මෙන්ම තාක්ෂණය භාවිතා කරමින් ෆයිල් කන්දම ටැබ්ලට් පරිගණයට ගෙන රාජකාරි කරන නිලධාරීන්ද නැතුවාම නොවේ. උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක බෙදා දීමේ යෝජනාවක් 2017 වසරේ අයවැයෙන් ගෙන ආවේ නව තාක්ෂණය කෙරෙහි ලංකාවේ දරුවන් හුරුකිරීමේ අරමුණෙන් විය යුතුය. 2017 වසර වෙනුවෙන් වූ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2016 වසරේ නොවැම්බරයේදී ය. ඒ එවකට මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි. කරුණානායක මහතා යෝජනා කර තිබුණේ 2017 වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙන සිසන් වෙනුවෙන් සහ උසස්පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක ලබා දිය යුතු බවයි. එම වැඩකටයුතු ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාවර කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුවක් පත් කරනු ලැබීය. ඊට අදාළ තාක්ෂණික කමිටුවක් ද පත් කෙරිණි. ආයතනයකට මිලදීම් ගැනීම් සිදු කරද්දී විනිවිධ භාවයකින් සිදු කිරීම උදෙසා පත් කර ඇති කමිටුව ප‍්‍රසම්පාදන කමිටුව ලෙස හැඳින්වේ. ඉදිරිපත්වන ලංසුවට