එකම අහසක එක් වෙන්න තහනම්


හිරුයි සඳුයි එකම අහසක පෑවුවට...
හිරුට සදු අහිමියි...
සදුට හිරු අහිමියි...
හිරු නැගෙද්දි සදු බැස යනව..
සදු නැගෙද්දි හිරු බැස යනව..
මහා ආදරයක් හදේ දරාගෙන..
මේ අහස නපුරුයි කියල හිතෙනවා...
මේ ආදරේට ඉඩනොදෙන...
අහස නුඹ...
හිරුට අවැසි විදියට,
සදුට අවැසි විදියට ,
වෙනස් වන අපූරුව....
මට දැනෙනවා......
ඔබත් මමත් හිරුයි සදුයි වගේ
එකම අහසක එක් වෙන්න තහනම්.......
- සෙව්වන්දි හෙට්ටිආරච්චි -
 

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්