Posts

Showing posts from December, 2018

සොබාදහම් පාසලෙන් තවත් සද්කාර්‍යයක්...

Image
                        පරිසර  සංරක්ෂණ  සහතිකපත්‍ර    පාඨමාලාවේ  ශිෂ්‍ය  ශිෂ්‍යයාවන්  සදහා දේශන  මාලාවක්    2018/12/22   වන    දින   2018/2019   කැළණිය  විශ්ව  විද්‍යාලයේ  පුරා  විද්‍යා    පශ්චාත්  උපාධි  ආයතනයේ  පුරා  ජෛව  විවිධත්ව  පාඨමාලාව    හදාරන සහෝදර    සහෝදරියන්    විසින්    පූජ්‍ය  දේවාලේගම    පේමරතන  හිමිගේ    ආරාධනය  අනුව  සොබාදහම්  පාසලේ    දී    පවත්වන  ලදී .                   එහිදී ,                        ජායාරූපකරණය  පිළිබඳව  නුවන්  සදකැලුම්    සොයුරා    ද  ,   ශ්‍රී  ලංකාවේ  සර්පයන්  පිළිබඳව  දසුන්  සමීර    සොහොයුරා  ද  ,   ශ්‍රී  ලංකාවේ  මත්ස්‍යයින්  පිළිබඳව  ගීත්  ගුණසේකර  සොහොයුරා  ද  ,   වනජීවී  හා  වන    සංරක්ෂණ  නීතිය  පිළිබඳව  තරංග  ධම්මික  සොහොයුරා  ද  ,   ශ්‍රී  ලංකාවේ  පක්ෂීන්  පිළිබඳව  සංජය  පුෂ්පලාල්    සොහොයුරා  ද  ,   දැනුම  බෙදා    ගැනීමේ    ඇති  වැදගත්කම  පැහැදිලි  කරමින්     ජානකී    ජෝෂප්  සොයුරිය  ද  මෙහිදී    දේශනයන්  සිදුකරන  ලදී . සටහන ශානිකා පතිරණ

යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝක උරුමයන් 08න් එකක් වන සිංහරාජය වනය..විනාශ කිරිම යලි අරඹයි….

Image
                  ලෝක උරුම 08 අතරින් ලංකාවෙ නිරිතදිග බෑවුමට වන්නට පිහිටා ඇති සිංහරාජයට හිමි වන්නේ සුවිශේෂී ස්තානකී.එයට හේතුව ලොකයේ දැනට ඉතිරිව ඇති ඉතාමත් සීමිත වැසි වනාන්තරය වලින් එකක් ලෙස දකුණු ආසීයාව තුලත්,ශ්‍රි ලංකාව තුලත් ඉතිරිව ඇති වටිනාම වැසි වනාන්තරය ලෙස සීංහරාජය හැදින්වීම අවිවාදයෙන්ම පිලිගන්නා කාරුණකී.                   එවැනි පසුබිමක් තුල මේ වනාන්තරයට එල්ල වන නොයෙක් තර්ජන වල අඩුවක් නම් නොමැත.කලින් කලට නොයෙක් තර්ජනයන්ට මුහුන දෙමින් අදත් සිංහරාජය මහා සිංහයෙක් ලෙසින් වැජබෙමින් සිටි.60 දශකයේදි පමණ එවකට රජයේ මැදිහත්වීම මත කැනඩා රජය හා එක්ව එකල සිංහරාජයේ වසර සිය ගනන් පැරැණි ගස් තුනී ලැලි සදහා ඔවුන්ගේ යන්ත්‍ර යොදාගෙන විශාල භූමි ප්‍රදෙශයකට අයත් ශාක කපා ඔවුන්ගේ මව් රටට ගෙන යන ලදී.වාසනාවකට මෙන් ටික කලක් තුලදී එය නතර කරන ලදි.එසේ නොවන්නට අද අපට කතා කරන්නට සිංහරාජයක් ඉතිරි නොවෙනු ඇත.                  මීට වසර කිහිපයකට උඩදී සිංහරාජයේ එක් මායිමක් වන ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්වා එනසාල්වත්ත ලෙස හදුන්වන ප්‍රදේශය හරහාද මාර්ගයක් ඉදිකිරිමට කටයුතු කල අතර විශාල පිරිසකගේ විරෝධය නිසා නතරකර දමන ලදී.

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

Image
                       එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය . අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ . විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ . එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය .                   “ සිංහලයන් හට බොහෝ ධාන්‍ය වර්ග ඇතත් ඒවා අපේ ධාන්‍ය වලට බෙහෙවින් වෙනස්‍ ය . මෙම ධාන්‍ය අතුරෙහි අග්‍රගණ්‍ය වූ ධාන්‍ය වනාහී වී ය . වී පැසීමට යන කාල වේලාව අනුව වර්ග වී ඇති වී වර්ග බොහෝය . එහෙත් රස වශයෙන් එම විවිධ වී වර්ග අතර විශේෂ වෙනසක් නැත්තේය . ලංකාවේ එක් වී වර්ගයක් පැසීමට සත් මසක් ගතවේ . මෙයට මා වී යැයි ව්‍යවහාර කරනු ලැබේ . තවත් වී වර්ගයක් පැසීමට සමසක් ගත වේ . ඒ භාතියල් නම් වේ . තවත් වී වර්ගයක් පස්මසින් පැසෙයි . එය ගොඩරවාල නම් වේ . සතර මසකින් පැසෙන වී වර්ග හීනටි නම් වන අතර තුන් මසකින් පැසෙන වී වර්ගය කුදු වෙයි .