යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝක උරුමයන් 08න් එකක් වන සිංහරාජය වනය..විනාශ කිරිම යලි අරඹයි….

                  ලෝක උරුම 08 අතරින් ලංකාවෙ නිරිතදිග බෑවුමට වන්නට පිහිටා ඇති සිංහරාජයට හිමි වන්නේ සුවිශේෂී ස්තානකී.එයට හේතුව ලොකයේ දැනට ඉතිරිව ඇති ඉතාමත් සීමිත වැසි වනාන්තරය වලින් එකක් ලෙස දකුණු ආසීයාව තුලත්,ශ්‍රි ලංකාව තුලත් ඉතිරිව ඇති වටිනාම වැසි වනාන්තරය ලෙස සීංහරාජය හැදින්වීම අවිවාදයෙන්ම පිලිගන්නා කාරුණකී.
                  එවැනි පසුබිමක් තුල මේ වනාන්තරයට එල්ල වන නොයෙක් තර්ජන වල අඩුවක් නම් නොමැත.කලින් කලට නොයෙක් තර්ජනයන්ට මුහුන දෙමින් අදත් සිංහරාජය මහා සිංහයෙක් ලෙසින් වැජබෙමින් සිටි.60 දශකයේදි පමණ එවකට රජයේ මැදිහත්වීම මත කැනඩා රජය හා එක්ව එකල සිංහරාජයේ වසර සිය ගනන් පැරැණි ගස් තුනී ලැලි සදහා ඔවුන්ගේ යන්ත්‍ර යොදාගෙන විශාල භූමි ප්‍රදෙශයකට අයත් ශාක කපා ඔවුන්ගේ මව් රටට ගෙන යන ලදී.වාසනාවකට මෙන් ටික කලක් තුලදී එය නතර කරන ලදි.එසේ නොවන්නට අද අපට කතා කරන්නට සිංහරාජයක් ඉතිරි නොවෙනු ඇත.
                 මීට වසර කිහිපයකට උඩදී සිංහරාජයේ එක් මායිමක් වන ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්වා එනසාල්වත්ත ලෙස හදුන්වන ප්‍රදේශය හරහාද මාර්ගයක් ඉදිකිරිමට කටයුතු කල අතර විශාල පිරිසකගේ විරෝධය නිසා නතරකර දමන ලදී.
                ඉන් පසු විටින්විට වන සංහාර වලටද මැණික් පතල් කර්මාන්තය නිසාද සීංහරාජයට වල්ලාපට්ටා ජවාරම නිසාද විටින් විට තර්ජනයන්ට මුහුන දීමට සිදුවිය.පසුගිය දිනවලද සිංහරායයේ වාසය කරන අවසන් අලි දෙදෙනා අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි. එයත් අවසානයේ බලදාරින්ට නතර කර දැමීමට සිදුවිය.මෙම අලි දෙදෙනා නිසා වනාන්තරයට සිදුවන ආරක්ෂාව ඉතා විශාලය.එම නිසා ඔවුන්ගේ ආරක්ෂවද ඉතා වැදගත් වේ..
                  එසේ තිබියදි වර්තමානයේ සිංහරාජයේ කුඩව, කලවාන පිවිසුමේ ප්‍රවෙශපත් නිකුත් කරන ස්තානයේ සිට ප්‍රවෙශපත් පරික්ශා කරන ස්තානය දක්වා ඇති අති සංවේදී පරිසර පද්දතිය හරහා හිටි හැටියේ මාර්ගයද වසා දමමින් JCB යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය සංවර්ධනය කිරිම ආරම්භ කර ඇත.මෙම 1.2KM දුර ප්‍රමාණය ඉතා සංවේදි පරිසර පද්දතියක් වන අතර,ආවෙනික දුර්ලභ ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් මෙම කලාපය තුල දැකගත හැක. සංචාරක මගපෙන්වන්නන් ප්‍රකාශ කරන්නේ මෙම සංවර්ධනය කිසිසෙත්ම වනාන්තරයට නොගැලපෙන බවයි.බලදාරින් පවසන්නේ මෙම සංවර්ධනය ඔවුන්ගේ සේවා කටයුතු හා සංචාරකයන්ගේ පහසුව සදහා පමණක් භාවිතා කරන බවත් සංචාරක රථ වාහන ඇතුල් කිරීමට ඉඩ නොදෙන බවයි.
                     සේවා අවශ්‍යතා වලට අවශ්‍ය නම් මාර්ටින් ලොජ් හරහා වැටි ඇති දැනට ජීප් රත ගමන් ගන්නා මාර්ගය සංවර්ධනය නොකරන්නේ මන්දැයි ගැටලුවකි.
                   නිල නොලත් මට්ටමින් ලද තොරතුරු අනුව ඉලෙක්ට්‍රිකල් කාර් රථ මෙම මාර්ගයේ දාවනයට එක් කිරිමට අදහසක්ද පවතින බව දැන ගන්නට ඇත.මෙවන් ලොක උරුම වනාන්තරයක් තුල කිසිදු විශ්ලෙශණයකින් තොරව සිදු කරන මෙවන් සංවර්ධනය කටයුතු නිසා අපට අහිමිව යන්නේ අපට උරුම වූ අපේ ආවෙනික පරිසර පද්දතිය බලදාරින් ඉහලින් ලැබෙන නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකර එවාගේ ඇති ප්‍රායොගික ගැටලු සලකා බලා තිරසාර ප්‍රතිපත්ති පමණක් ක්‍රියාත්මක කරනවානම් අපේ රටේ සම්පත් අපට මෙන්ම අපේ අනාගත පරපුරටද උරුම කර දිය හැක.
– රොෂාන් පෙතිගල –




Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්