Posts

Showing posts from July, 2019

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී ලංකා වලි   කුකුළා Sri Lanka Jungle Fowl ( Gallus Lafayetii ) Classification Class – Aves Order –   Galliformes Family –   Phasianidea Genus – Gallus බාහිර ලක්ෂණ නිවෙස් වල ඇති කරන කුකුළාට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර සාමාන්‍යයෙන් ගැහැණු සතා පිරිමි සතාට වඩා කුඩාය . පිරිමි සතා දිගින් සෙන්ටිමීටර 75ක් හා බරින් කිලෝග්‍රෑම් 1ක් පමණ වන අතර රතු හා කහ පාට දීප්තිමත් පෘෂ්ඨීය පෙදෙසක් ඇත . උදරය දීප්තිමත් රතු පැහැයක් ගනී . පියාපත් වල මුල් පෙදෙස රන්වන් පැහැයක් ගන්නා අතර අග කෙළවර තද දම් පැහැයක් ගනී . පෙදය දීප්තිමත් තද නිල් පැහැති වන අතර දිගට වර්ධනය වී ඇත . පාද රෝස මිශ්‍ර කහ පැහැති වන අතර පොර කටුවක් සහිතය . ගැහැණු සතා පිරිමි සතාට වඩා කුඩාය . දුඹුරු පැහැති අතර පියාපත් අග කෙළවර සුදු පැහැතිය . ළැම පෙදෙස කහ සහ දුඹුරු ලප සහිතය . පෙදය කළු ය . පාද කහ පාට වන අතර පොර කටු නැත . පිරිමි සතා සමග ගැවසීමට නිතරම ප්‍රිය කරයි . ව්‍ය

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි ... ශ්‍රී ලංකාවේ පක්ෂීන් අප රට තුළ පක්ෂීන් ගෝත්‍ර 20 කට අයත් කුල 77 ක පක්ෂි විශේෂ 435 කට ආසන්න සංඛ්‍යාවක් දක්නට ලැබේ .   මේ අතුරින් පක්ෂීන් විශේෂ 230ක්   ස්ථිරවම තම ජීවිත කාලය තුල අප රට තුළ දිවි ගෙවයි . ඔවුන් නිත්‍යවාසී පක්ෂීන් ලෙස හදුන්වයි . අනෙක් පක්ෂීන් විශේෂ 205   අප රටට වෙනත් රට වලින් පැමිණෙන පක්ෂීන් නැතහොත් සංක්‍රමණික පක්ෂීන් වේ . නිත්‍යවාසී පක්ෂීන් අතුරින් පක්ෂීන් විශේෂ 26 ක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පක්ෂීන් වේ . ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 1.       ශ්‍රී ලංකා වලි කුකුළා 2.       ශ්‍රී ලංකා හබන් කුකුළා 3.       ශ්‍රී ලංකා වත රතු මල් කොහා 4.       ශ්‍රී ලංකා අරංගයා 5.       ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා 6.       ශ්‍රී ලංකා වනරැවියා 7.       ශ්‍රී ලංකා අදුරු නිල් මැසිමාරා 8.       ශ්‍රී ලංකා අළු දෙමලිච්චා 9.       ශ්‍රී ලංකා රතු දෙමලිච්චා 10.   ශ්‍රී ලංකා මුදුන් බොර දෙමලිච්චා 11.   ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා 12.   ශ්‍රී ලංකා හිස සුදු මයිනා 13.   ශ්‍රී ලංකා කැහිබෙල්ල