Posts

Showing posts from August, 2019

මිහිමඩලේ හදවත් මිය යෑම

Image
ශානිකා පතිරණ                    හෙටක් යන්න තවදුරටත් සිතීමටවත් නොහැකි දෙයක් වී හමාරය . සමස්ථ පෘථිවි වාසීන්ගේම තීරණාත්මක මොහොතක් අපි ගත කරමින් සිටින්නෙමු . ගම් නගර රටවල් වලට සීමා දමාගත් යුගයක මිලේච්ඡ හෝමෝසේපියන්ලා තවත් කෑ මොර දෙන්නේ කෙළවරක් නොමැති බලකාමීත්වයට ද ...?   ඇමර්සන් ගිනි ගත්තේ බ්‍රසීලයේය . අති මහත් ජෛවවිවිධත්වයක් නැති වූයේ ද , ගිනි ගනිමින් දැවෙන්නේ ද , කාබන්ඩයොක්සයිඩ් තුලින කලේද , ඔක්සිජන් නිපද වූයේ ද සමස්ථ පෘථිවි ගෝලයටම බව මැතිවරණ ව්‍යාපාරයන් පසුපස දුවන සේපියන්ලාට මේ බව පසක් වන විට පෙරහැර ගොස් හමාරය .                  ඔක්ජොකුල් ග්ලැසියරය ද මියගොස් හමාරය .   තවත්   ඉතිරිව ඇත්තේ අල්පයකි . ශ්‍රී ලංකාවේ ද සිංහරාජය , දුම්බර , විල්පත්තු , කන්නෙලිය , මාදුරුඔය යන මේ සියල්ලම විනාශ කරමින් සිටින්නේ තොපේ පමණක් යැයි සිතන බූදලයක් නිසා ද ...?                  ලොව පුරා මිනිසුන් නැගී සිටිමින් සිටින මොහොතක ලංකාවේ ඔලමොට්ට රාලලා කොහේ සැගවී ද ...? සිංහල බෞද්ධ කොඩිය යට පමණක් සිටගත්තාට මදිය . ආගමක් හෝ දර්ශනයක්

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි ශ්‍රී ලංකා වත රතු මල් කොහා Sri Lanka Red Faced Malkoha    ( Phaenicophaeus pyrrhocephalus ) Classification Class – Aves Order -Cuculiformes Family – Cuculidae Genus – Phaenicophaeus බාහිර ලක්ෂණ ඉතා අලංකාර පක්ෂියෙකි . පෙදය සමගම සිරුරේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 45ක් පමණ වේ . එනම් දේහ ප්‍රමාණය බොහෝ දුරට ගෙවත්තේ දී දැකිය හැකි ඇටි කුකුළෙකුට සමානය . නමුත් මල් කොහාගේ ශරීරය සාපේක්ෂව මහතින් අඩුය . හොට ළා කොළ පැහැතිය . හිස මුදුනත , පෘෂ්ඨීය පෙදෙස සහ පෙදයේ උඩ පැත්ත කොළ පැහැය මිශ්‍ර වූ කළු පැහැයෙන් යුක්ත වේ . පෙදයේ අග ඇති පිහාටු සුදු පැහැතිය . හිස මුදුනේ සහ ගෙලේ දැකිය හැකි පිහාටුවල අන්තයන් සුදු පැහැති බැවින් මෙම ප්‍රදේශවල සුදු පැහැති දාර සහිතව දැකිය හැකිය . ගෙලේ උදරීය ප්‍රදේශය කොළ පැහැයට හුරු කළු පැහැති වන අතර උදරීය ප්‍රදේශය හා පෙදයේ යටි පැත්ත ද සුදු පැහැතිය . මෙම පක්ෂියාගේ මුහුණ රතු පැහැති වන බැවින් ඉහත නම ලැබී ඇත . ස