මිහිමඩලේ හදවත් මිය යෑම

ශානිකා පතිරණ

                   හෙටක් යන්න තවදුරටත් සිතීමටවත් නොහැකි දෙයක් වී හමාරය. සමස්ථ පෘථිවි වාසීන්ගේම තීරණාත්මක මොහොතක් අපි ගත කරමින් සිටින්නෙමු. ගම් නගර රටවල් වලට සීමා දමාගත් යුගයක මිලේච්ඡ හෝමෝසේපියන්ලා තවත් කෑ මොර දෙන්නේ කෙළවරක් නොමැති බලකාමීත්වයට ...?  ඇමර්සන් ගිනි ගත්තේ බ්‍රසීලයේය.අති මහත් ජෛවවිවිධත්වයක් නැති වූයේ ද , ගිනි ගනිමින් දැවෙන්නේ , කාබන්ඩයොක්සයිඩ් තුලින කලේද , ඔක්සිජන් නිපද වූයේ සමස්ථ පෘථිවි ගෝලයටම බව මැතිවරණ ව්‍යාපාරයන් පසුපස දුවන සේපියන්ලාට මේ බව පසක් වන විට පෙරහැර ගොස් හමාරය.

                 ඔක්ජොකුල් ග්ලැසියරය මියගොස් හමාරය.  තවත්  ඉතිරිව ඇත්තේ අල්පයකි. ශ්‍රී ලංකාවේ ද සිංහරාජය , දුම්බර , විල්පත්තු , කන්නෙලිය , මාදුරුඔය යන මේ සියල්ලම විනාශ කරමින් සිටින්නේ තොපේ පමණක් යැයි සිතන බූදලයක් නිසා ...?

                 ලොව පුරා මිනිසුන් නැගී සිටිමින් සිටින මොහොතක ලංකාවේ ඔලමොට්ට රාලලා කොහේ සැගවී ද...? සිංහල බෞද්ධ කොඩිය යට පමණක් සිටගත්තාට මදිය. ආගමක් හෝ දර්ශනයක් පවතින්නට නම් ජීවත් වන්නට සුදුසු පරිසරයක් තිබිය යුතුය. නුඹට නුඹ පමණක් , මුදල් පමණක් , ධනවාදය පමණක් , පුහු ආටෝපය පමණක් අවශ්‍ය නම් සොබාදහමේ ජලයවත් භාවිතා නොකර එසේ කර බලන්න. පරිසරයෙන් මිදී ජීවත් වන්නට ඔබට හැකි නම් ඔබ මිලේච්ඡත්වයට සුදුසු වනු ඇත. ඔබට එසේ කල නොහැකි නම් ආපසු හැරී යුතුකමක් හෝ ඉටු කරන්න.

                ඉදිරියේදී මිහිමඩල උණුසුම් වනු ඇත. කලට වැසි නොවැටෙනු ඇත. අද දවසේ පැලයක් හෝ සිටුවා ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට දායක වන්න.නොඑසේ නම් කොන්ක්‍රීට් තැවරූ කෘතිම වනාන්තර පමණක් ඉතිරි වනු ඇත. සිංහරාජයට සිදු වන්නට ගියේ එයමය. බ්‍රසීලයේ ඇමර්සන් වලට උරුම කර දුන් ගිනිදැල් අද දවසේ සිංහරාජයේ රක්වාන ප්‍රදේශවල ඉඩම් ජනසතු කරමින් ගිනි පුපුරු දැල්වෙමින් ඇත. වගකිවයුත්තෝ පවතින ක්‍රමයේ අධිපතීන්ලා වන අතර සියල්ලෝම මුනිවත ලා ඇත.

                කුණු වලට කියන්නට ඇත්තේ ද මේ ටිකමය. ධනවාදයේ හිනිපෙත්තට නැගි නුඹලාගේ කුණු පමණක් නොව නුඹලාම ගෙන්වන අනුන්ගේ කුණු වලට මීතොටමුල්ල , අරුවක්කාලු , මුතුරාජවෙල අහිංසක මිනිසුන්ගේ මරණය කැදවනු ඇත.

               සිතන්නට කාලය එළඹ ඇත. තවදුරටත් තම අයිතීන් වෙනුවෙන්ම සටන් කරනවා , ගහක කොළක සුව විදිමින් ජීවත්වන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් ජීවත් වනවා ..? අද දවසේ පැවැත්ම හෙට දවසේ සුරක්ෂිතතාව තහවුරු කරනු ඇත.









Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්