Posts

Showing posts from June, 2020

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී ලංකා අළු දෙමලිච්චා Sri Lanka Ashy- headed Laughing Thrush   ( Garrulax cinereifrons ) Classification Class – Aves Order – Passeriformes Family – Muscicapidae Sub Family – Timalinae Genus – Garrulax මෙම පක්ෂියාගේ හිස අළු පැහැති වන බැවින් ඇතැම්විට හිස අළු - අළු දෙමලිච්චා යන නමින් ද හදුන්වනු ලැබේ . බාහිර ලක්ෂණ සිරුර දිගින් සෙන්ටිමීටර 25 ක් පමණ වේ . සාමාන්‍ය දෙමලිච්චාට වඩා මදක් විශාලය . කළු පැහැති හොටයක් , තද අළු පැහැයට හුරු අදුරු පැහැති පාද , අළු පැහැති හිසක් සහිත මොවුන්ගේ පියාපත් සහ පෙදය තද රතු පැහැයට හුරු දුඹුරු පැහැතිය . ඇසේ තාරා මණ්ඩලය සුදු පැහැති වේ . ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් තෙත් කලාපීය වනාන්තර වල ජීවත් වන අතර මධ්‍යම කදුකරයේ දකුණු හා බටහිර බෑවුම් දිගේ මීටර් 1000 ක් දක්වා උසකින් යුක්ත වූ ඝන වනාන්තර වලද දැකිය හැකිය . සිංහරාජ වනාන්තරය , ඉට ආසන්නව පිහිටා ඇති මොරපිටිය වනාන්

අපට හිග දේ කොහොම සැපයේ...

Image
උදුලා ප්‍රසාදි සොබාදහම් පාසල                   වෛරසය එන්න එන්නම ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. සෞඛ්‍ය පහසුකම් ඉතා ඉහළ රටවලත් දිනකට සිය දහස්   ගණනක් මරණ වාර්තා වෙයි. සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවිය නිර්මාණය වෙන්නෙ මීට වසර මිලියන 4600 පමණ පෙරය. එහි ජීවය පහළ වෙන්නෙ මීට වසර මිලියන 600ක පමණ ඉහතදීය. මේ අනුව මිහිමත මානව වාසය කවදා කොතනකදී ආරම්භ වුවද ශක්‍ය වාදය ගරුකොට ගත් වත්මන් මිනිසා සිටියේ මහත් ආඩම්බරයකිනි. පෘථිවිය ගැන   පමණක්   නොව   චන්ද්‍රයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිළිබද අපි සොයා ගත්තෙමු.                  වසර ගණනකින් ඵලදාව ලබා ගත් ගස් වලින් මාස කිහිපයකින් ඵලදාව ලබා ගත් නිසාත් , අඩු මාසෙන් වී අස්වනු නෙලුව කියාත් අපි සතුටුවීමු.   ජීවිතේ දිනන්න කියලා පාට පාට දිලිසෙන සුවපහසු වාහන වල ගමන් කලෙමු. මේ ඉවක් බවක් නැති ගමනේ දී මිනිසාට තමන් පරිසරයේ කොටසක් විනා පරිසරයේ පැවැත්මට මිනිසා අවශ්‍ය නොවන බව අමතක විය.                   නිදහසේ   ලස්සනට කෑම සොයා ගෙන කා ජීවත් වූ මාලුවන් සිටි ඇල දොළ වලට කම්හල් වල අපජලය බැහැර කලෙමු. වසර ගණනක් තිස්සේ කැලයකින් කැලයකට මාරුවන මංකඩවල් හරස්කර නිවෙස් ඉදිකලෙමු.