පදම් කරපු වානේ සහ හිත්
යකඩ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් මෘදු පොඩි බලයකටවත් ඔරොත්තු නොදෙන ඉක්මනින් විරූපනය වන සංඝටකයක් . එහෙත් මෙම යකඩ වලට කාබන් එකතුකොට ඉහල උශ්ණත්ව වල රත් කොට ද්‍රව කරලා වානේ සෑදීම සිදු කරයි . එම වානේ ඉතාම දැඩි ස්වහාවයක් ගන්නා අතර එය පහසුවෙන් කැඩීමට ලක් නොවේ . ඊට පසුව එම වානේ තාප ප්‍රතිකාරක ( Heat Treatment ) කර පදම් කරනු ලබයි .(Forming ) අවසානයේදී ඉතා කුඩා බලයකට වුවද ඔරොත්තු නොදුන් යකඩ විශාල බල වලට ඔරොත්තු දෙන ඉතාමත්ම ශක්තිමත් පදම් කරපු වානේ බවට පත් විම සිදුවේ . මේ ආකාරයට පදම් කරපු වානේ වලින් කිණිහිරි මිටි වැනි විශාල බල සමග වැඩ කරන උපකරණ නිර්මාණය කරනු ලැබේ . ඉහත සදහන් කල ආකාරයට මිනිසාගේ මිනිස් සිතද ඉතාම කුඩා දෙයක් වුවද දරාගැනීමට නොහැකිව සිට දරාගැනීමට නොහැකි , උහුලාගත නොහැකි වේදනාවන්ට මුහුණ දී අවසානයේදී කිසිම දෙයකට...