පදම් කරපු වානේ සහ හිත්
යකඩ කියන්නේ
සාමාන්‍යයෙන් ගොඩක් මෘදු පොඩි බලයකටවත් ඔරොත්තු නොදෙන ඉක්මනින් විරූපනය වන සංඝටකයක්.
එහෙත් මෙම යකඩ වලට
කාබන් එකතුකොට ඉහල උශ්ණත්ව වල රත්
කොට ද්‍රව
කරලා වානේ
සෑදීම සිදු කරයි.එම වානේ ඉතාම
දැඩි ස්වහාවයක් ගන්නා අතර
එය පහසුවෙන් කැඩීමට ලක් නොවේ.
ඊට පසුව එම
වානේ තාප
ප්‍රතිකාරක ( Heat Treatment ) කර පදම් කරනු ලබයි.(Forming
) අවසානයේදී ඉතා කුඩා බලයකට වුවද ඔරොත්තු නොදුන් යකඩ විශාල බල වලට
ඔරොත්තු දෙන ඉතාමත්ම ශක්තිමත් පදම් කරපු වානේ
බවට පත් විම
සිදුවේ. මේ
ආකාරයට පදම් කරපු වානේ වලින් කිණිහිරි
මිටි වැනි
විශාල බල සමග වැඩ
කරන උපකරණ නිර්මාණය කරනු ලැබේ.
ඉහත සදහන් කල ආකාරයට මිනිසාගේ මිනිස් සිතද ඉතාම
කුඩා දෙයක්
වුවද දරාගැනීමට නොහැකිව සිට දරාගැනීමට නොහැකි, උහුලාගත නොහැකි වේදනාවන්ට
මුහුණ දී අවසානයේදී කිසිම දෙයකට සැලෙන්නේ නැති ඕනෑම දෙයක් දරාගත හැකි පදම් කරපු
හිත් බිහිවීම
ආරම්භ වීම සිදුවේ.
එහෙත් සමහර වෙලාවට ඉතා විශාල වේදනාවන්ගෙන් බිහිවුන හිත්
කිණිහිරි මිටි වාගේ
වීමත් සිදුවන
අවස්ථා නැතිවාද
නොවේ. කණගාටුවට කරුණ වන්නේ එයයි.
සටහන
චමිල මහේෂ් රණතුංග
Comments
Post a Comment