ප්‍රේමනීය ලංකාවේ ඛේදනීය ඉරණම


ප්‍රේමය මිනිසුන්ට විතරක් වෙන්වෙච්ච එකක් නෙවෙයි. ප්‍රේමය ඇතුලෙ තියෙන විනිවිදභාවය දකින්න ඇත්තටම කවුරුත් උත්සාහයන් කරන එකක් නෑ. මෙි ලෝකයේ මුල්ම ප්‍රේමවන්තයෝ උනේ මෙි දේවදාර ගස්වැල්. ඟංගාවෝ. මෙි සිහිලැල්ලේ දුවන පවන් රැළි. ලා හිරු රැස් මවපු රංගමණ්ඩලයේ උදේට පිපුණු පාට පාට මල් අඳුරු වැටුණු එක්තරා රැයක පිණි පුරවගෙන බරවෙලා මල් පිපුණු ගස්වැල් මත්තෙම හෙමිහිට සැතැපුනා.අඳුරු අහස සනසන්නට අහසට වැඩි චන්ද්‍ර මණ්ඩලයේ රිද්මයට දිලිහි දිලිහි ඒ මල් ජීවිතෙන් සමුගෙන ගියා.ඒක හරිම අපූරු කතාවක්. ප්‍රේමයෙන් ඔදවැඩී මත් වී අමන්දානන්දයට පත් වෙචිචි එ් අපූරු ප්‍රේම කතාවෝ පැවතුණේ පරාර්ථකාමී මෙහෙවරක් උඩ.

උඹලා දැකල තියෙනවද වැලක් ගහකට ආදරය කරන්නට තතනන හුරතලය.රූස්ස දේවදාර ගහක උඩුවියනවෙලා සුවය හදන නිහඬ තුරුගොමු උඹල දැකල තියෙනවද?දේහදාරී ගස් කඳන් වටකරන් උඩුමාලයටම ඇදී ගිහින් වැලක් ගසක එතී විඳින නිරාමිස පෙමිගීතයක ශෝභාව,සබැඳියාව උඹල දැකල තියෙනවද?පෙමිවතියක් හැඩිදැඩි සිරුරක පහස,උණුහුම හොයන්නට සහ එහි දැවටෙන්නට පෞරුෂමත් තරුණයකු තෝරාගැනීමෙි මං සළකුණු හැදුනේ මම මෙි කියන කතාව එක්ක.සොබාදහම හුරු කරපු කතාවක් ඒක.උඹල හෙවුවද ඒ තුරු වියන උඩ උන් විදින පහස.උඩුවියනක මෙි කියන කතාව බලන්න අපේ ඇස් ඊට උඩින් තියෙන්නට ඔින.කැළෑ පොජ්ජවල් තියෙනවනමි උස ගල් තලාවකට නැගලා මම මෙී කියන කතාව බලන්න කියලා මං ආරාධනා කරනවා මගේ සගයන්ට.වැලත් ගසත් දවසගානෙ එකිනෙකාට ප්‍රේම කරනවා.හැම යාමෙම එකම සේම.අඩුවක් නෑ.පාඩුවක් නෑ.කාමය නෑ.රාගය නෑ.ඒ තරමි වීතරාගියි.ගහ අලුත් අතු විහිදුවනවා.වැල ඒ අතු පතර ගස දුන්නු ඉඩවාඩය හෙමින් සීරුවේ පිළි අරන් පටලැවෙනවා.ආරාධනා කරපු ජීවිතයට දෙන්නා වූ ඉඩ වැලවිසින් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා.

උදේ පාන්දරට රතු පැහැගැන්වෙලා මෝදුවෙන සූර්යයාගේ රක්ත වර්ණ ආලෝක කදමිබයන් ඉදිරියේ ගහෙත් වැලෙත් පුන්චි පුන්චි නොමේරූ කිරි පිරුණු තුඩඟයන් මද පවනක පාවෙනවා.ඒ අතට.මෙි අතට.කලින්දා වැටුණු හිරිකඩ ඉහිරිලා මුලු වියනම ඒ පවනට මොහොතකට තෙත් වෙනවා.බොහොම සංවෙිදීව.ගසත් වැලත් බිහිකරපු ඒ මොටෙයියන් තමයි ඊ ලඟ පරමිපරාව උනේ.උන්ගෙ දරුවන් උනේ.ඒ අස්සෙ ගසත් වැලත් පාට පාට මල් ඉපැද්දෙවුවා.එතන සිහින් තරඟයක්.ඒ හැඟීම උන්ගෙ ප්‍රේමය අතික්‍රමණය කළා මගෙ යාලුවෙී.නිල් අහස්වියන යට උනත්,කලු වලා පායපු මෙීඝ ගර්ජනා ඇසෙන රලු අහස යට උනත් මෙී ගොල්ලො හරි අපූරුවට ප්‍රේම කළා.විඳදරා ගත්තා.තුරු ගොමු ප්‍රේම කරන්නට ලෝකයක් හදල දුන්නා මිනිසුන්ට.මිනිස්සු උන්ව විනාශ කළා.⁣ජරා විදිහට.තිරිසන් විදිහට.මගේ යලුවෝ ප්‍රේම කරනවාඇති.උඹල හොයාගත්තු ප්‍රේමය ඇතුලෙ ප්‍රශ්න ඇති.ගැටලු ඇති.කලකෝලාහල ඇති.අඬදබර ඇති.ඒත් මෙි අහින්සක කතාවෙ එහෙම එකක් නෑ.ඒ තරමි පරාර්ථකාමීයි.අන්තිමෙි එකත් අපි වෙනුවෙන්.

මගේ මතෘභූමිය තමයි මෙි ලෝකෙ පහළවෙචිච මනස්කාන්තම,වාසනාවන්තම රට.ලෝකෙ කොහෙවත් මෙහෙම රටක් නෑ.ඒ වෙනස ඉදිඋනේ අපිට ලැබුණු ආදරණීය සෞන්දර්යාක්මක "දේශගුණය"කියන සාධකය ඉදිරියේ.ඊසානදිගින් ආපු සුළං දාරාවෝ නිරිතදිගින් අපු සුළං දාරාවන් සමග මධ්‍යම කඳුකරයට ඉහලින් අහස් කුසේ සීතල යුද්ධයක් කරනවා.උඹයි මමයි කටදොඩවන මෙී වෙලාවෙත් ඒගොල්ලො ඒගොල්ලන්ගෙ වැඩෙි.මෙි සුළං දාරාවන් හමුවෙන්න තෝරාගත්තේ මධ්‍යම කඳුකරයට ඉහල අහස් වියන.ඒක මහ දැවැන්ත කරන්ටි එකක්.ඒ අව්‍යාජ එකතුවීම අපේරට මැද,ඔය කියන ඉහල අහසෙදි හමුවෙලා ඇඹරිලා මිරිකිලා නිහතමානීව කඩාගෙන වැටුණා.ඒකට උඹයි මමයි වැස්ස කිවුවා.ඒ සුළංදාරා දෙවර්ගයම මත සහ ඉන් දායාදයන් ලැබූ වැස්ස මත අපිට මනරම් දේශයක් ගොඩනැගුණා.ඒක හරිතවර්ණ උණා.සමකයට ලංවෙලා පිහිටීම නිසා නිවර්තන වැසිවනාන්තර අපිට ලැබුණා.රටපුරා සොබාවිකවම හැදුණු නිමින දිගේ පල්ලමි බසින ඟංගා 103ක් අපට ලැබුණා.පහතරට කදුකර වනාන්තර වලින් තවත් ඟංගා සාමුහිතයක් එළියට ආවා.එකී දේශගුණය නිසා නිවර්තන වැසි වනාන්තර,පහත් කඳුකර වනාන්තර,කඳුකර වනාන්තර(වලාකුළු වනාන්තර),ඟගබඩ වනාන්තර ආදී ලෙස රට පුරාම හරිත කෙතක් හැදුනා.අපිට තියෙනවා ශීත කලාප.අපට තියෙනවා තෙත් කලාප.අපට තියෙනවා තෙත් වයළි කලාප.අපට කියෙනවා ශූෂ්ක කලාප.අපට තියෙනවා අතරමැදි කලාප.මෙික තමයි අපිව ජීවත්කරවන ජීවාදාරක පන්තිය.උඹල කියන,යන "ක්ලාස්"එක නෙවෙයි මෙී.උඹලයි ක්ලාස්වල මෙිවට ඉඩක් ලැබුණේ නෑ.මං දන්නෙ නෑ මෙි මතෘභූමිය කාන්තාරයක් වෙන එක ගැන උඹලට උගන්නන හරියටම.උඹල දන්නවනමි මට කියාදීපල්ලා මගෙ යාලුවනේ.මං අහං ඉන්නවා.පුදුම කැමැත්තෙන්.

මෙී ප්‍රේමනීය දේශගුණය විඳින්න අපි දූපතක් විදිහට නිර්මාණය වීම ඇතුලෙ අපට තියෙනවා අනන්යතාවයක්.ඉතින් මෙී පුන්චි දූපතේ උපදින්නට අපි නොදන්නවා උනාට අපි අපිට හොරා පෙර ආත්මභාවයන්වල පින්පුරන්න ඇති කියලා මට හිතෙනවා.මට එහෙම හිතෙන්නේ මගේ රට ඇතුලෙ මෙි මාහැඟි උත්තරීතර සෞන්දර්යාක්මක නිදහස මම මහත් ඔීනෑකමින් බුක්තිවිඳින නිසා වෙන්න ඇති.සමහරු කියයි "උඹට වෙන වැඩක් නැද්ද" ඔීවා හිතන්න කියලා.තවත් අය"අන්න අරූට පිස්සු"කියාවි.තවත් අය කට කොනකින් හිනාවෙලා තමන් මහාචාර්යබව හඟවමින් පෙරසේම ජීවත්වෙිවි.එැබැයි මං දන්නවා ඇඟේ දුවන ලේ වැල්,මස් වැදලි,නහර සිසාරා මගේ රටට හදවතින්ම ආදරය කරන තවත් සුලුතරයක් මෙි රටෙි ඉන්න බව.අපේ කරුමය හැදුනේ දනපති පන්ති ක්‍රමය,නිර්දන පන්ති ක්‍රමය මත.දනපති පන්ති රාමුව ඇතුලෙ නිර්දන පන්තිකයො ඊට ගොදුරු උණා.ඒක සමාජීය ගැටලුවක් උණා.ඒ තරමි උඩුදුවලා.අද වෙද්දි මෙි ගැටලුව අර්බුදයක් දක්වාම දුර ගිහින්.ගැටලුවලට විසඳුමි තිබුණට අර්බුද වලට කොහෙද විසඳුමි තිබුණේ.මෙික ඇතුලෙ මම හොයා ගනිපු සූත්‍රය තමයි නිර්දන පන්තිකයො අතර ඉපදුණු හදවත්වාදී මිනිස්සුන්ගෙ කර මතින් නැගීසිටින දනේශ්වර පන්ති රාමුවක් මෙි ලෝකෙ තියෙන වග.කොයිතරම් සාපරාධී උනත් එය උඹයි මමයි එ්කට ගොදුරු වෙලා.ඒක තමයි එචි.ආර් ජෝතිපාලයන් කිවුවෙ.මතකද ඒ ගීතය.

"වීනාවෙන්
බිළිදු අතින්
මිහිරි ස්වර මැවෙී...
සුපෙමි හැගුමි
උපද්දවයි..
දුගී උව ලයේ..
කලු වලා වල පවා..
රිදී ඉරි තියේ...
කිමද මෙී
නිය දහමි
අමතකව ගියේ.."

අපේ රටෙී නීතිය රජකරවන්න අල්ලාගත්තේ දුප්පතාව.දුප්පතාගෙ හදවත ඇතුලෙ මුතුමැණික් තියෙනවා කියන හඬට සවනක් ඇරිල තිබුණේ නෑ එදත් අදත්.අපිව නූගත් කෙරෙව්වේ අපේ රටෙී දේශපාලනය.අධ්‍යාපනය.අපේ අභිචාරයන් උන් පැහැරගත්තා.මතෘභූමිය වෙනුවෙන් එක පාලකයෙක් උන් හදාගනිපු දියවන්නාවෙ නැහැ.උන්නනමි මෙි සොබාදහම මෙහෙම වැනසෙන්නෙ නෑ.මෙි අධ්‍යාපනය අරුම පුදුම එකක්.උඹයි මමයි ලියපු,ලියන හැම විභාගයක්ම ⁣හරි විදියටනමි ඇත්තටම අපි අසමත්.උඹල අපි ලිවුවෙී ලියන්නේ කාගෙවත් ප්‍රශ්නයකට ඒ මනුස්සයට ඔීන විදිහෙ පිළිතුරක්.ඒක නොතිබුණු තැන උඹත් මමත් අසමත් කියලා උන් කිවුවා.අපි ඇහුවා.විශ්වවිද්‍යාලය ඇතුලෙත් ඒකමයි මගෙ පුතේ.ඉතින් අභිමානවත් උපාධියෙන් සාඨකයක් දමන් එළියට එන්නේ කාගෙවත් රූකඩයක්.ඒකයි ලංකාවෙ විභාග ඒ තරමි අමාරු.අපට බෑ කාටවත් ඔින උත්තර ලියන්න.කියන්න.මෙි හැම එකක් ඇතුලෙම ජීවත්වෙන්න අයිතිය දීපු අපේ ජීවයේ අයිතිය වෙචිචි සොබාදහම වැලලුනා.උපාධි සාඨකය හැදුවෙ එහෙමයි.රට ගැන කැක්කුමක් හඬක් ගැන උන්ට ඉගැන්නුවෙි නෑ.ඒ නිසා අධ්‍යාපනය හමුවෙී රට ගැන හිතන මිනිස්සු මෙ බමෙි බිහිඋනේ නෑ."ඔවි සර්.හා සර්,එහෙමයි මැඩමි,ඔිකේ මැඩමි."ඔන්න ලංකාවෙ වරලත් උපාධිය.

කෙසේවෙතත් මෙී නමස්කාරගත ශ්‍රී විභූතිය දැන් විදේශිකයන්ට සින්නවෙන්න ලඟයි.මෙී විභූතියේ පීනලා ස්නානයකරණ සිවුකුලයේම සත්ව සේනාව ඇතුලෙ අැවිදපල්ලා.එත් බොහෝදෙනෙක් අද වෙද්දි වඳවෙලා.මම මුලින් කියපු ප්‍රේමාන්විත තුරු ගොමුවේ, ගොටු පැණියෙන් තදකරන් පිපුණු කැළෑමල්වල පැණි බොන්න ආපු පැණි කුරුල්ලන් දිහා බැලුවා.උන්ගෙ හොට තුත්තිරිගස් 03ක විතර එකතුවක් වගේ.ඒ තරමි විශාල නෑ.අඟල් එක හමාරක් පමණට විතර දිගටියි.මෙි මතෘභූමියේ පිපෙන මල් වර්ග වල පැණි මලේ ඉතා මතුපිටකයි තියෙන්නේ.පුදුමාකාර බැඳියාවක් මෙි මල් පැණි කුරුල්ලන්ට ගෙනත් දීලා.සමහර රටවල පැණි කුරුල්ලන්ගෙ හොට පුදුමාකාර දිගැටියි.මං දැක්කා රූප පෙටිටියේ දවසක් ඒ කතාව.ඒ රටවල මල් වල පැණි කෝශ ගොඩක් යටින් තියෙන්නේ.මල උපන්නෙ ජීවිත කීයක් වෙනුවෙන්ද.මම ඒක හොයාගත්තා.65610(වර්ග කිලෝමීටර්)වෙචිචි මෙි පෞඩ නිජබිමෙි මෙිකී ප්‍රේමය විඳගන්න කුරුළු විශේෂ 481ක් වාසය කරණවා.එයින් 34ක්ම ආවෙීනිකයි.සමනලුන් විශේෂ 247ක් වාසය කරණවා.එයින් වර්ග 30ක්ම අපට ආවෙීනිකයි.ඒකාලෙ මට මතකයි කහපාට සමනලුන් පේළියට එක දිශාවකට පියඹලා ගියපු හැටි.අපෙ අත්තමිමා කවුවෙි උන් ශ්‍රී පාදය වඳින්න යනව කියලා.මගේ යාලුවන්ට මතකද.ඒත් උන් අද නෑ.ඇවිද ගියපු මාවතක්වත් අද නෑ.අපේ මෙි නිජභූමිය ඇතුළෙ ඉන්නවා කටුසු විශේෂ 21ක්.එ්කෙන් 19ක්ම වූ විශේෂ අපටම ආවෙීනිකයි.එතකොට මගෙ යාලුවො "මරාපං මරාපං"කියල තලලා පොඩිකරල දමන සර්පයෝ....මෙී බිමෙී 103ක් දෙනා වාසය කරණවා.තව දෙදෙනෙක් එන්න ඉන්නවා.සිංහරාජයේ උඩු වියනේ විතරක් වාසය කරණ කෙනෙක් ඉන් එක්කෙනෙක්.ගෙදරදි හමුවෙන සර්පයො තලන්නෙපා.උන් තමයි මෙී ලෝකෙ ඉන්න දෙවනි තැන ගත්තු පිරිසිදුම සතා.දන්න කියන කෙනෙක් ලවා උන් අල්ලලා කැලයට ගිහින් දමන්න උඹලා කීකරු වෙයන් මගෙ යාලුවනේ.එතකොට වවුලන් විශේෂ 32ක් මෙි ප්‍රේමනීය දේශගුණයට මෙි බිමෙි පෙමි කෙළිනවා.මෙි හැම ප්‍රේමයකටම සුවය සදන තුරු ලතාවෝ විශේෂ 35000ක් පමණ මෙී නිවහනේ ජීවත් වෙනවා.එයින්25%ක්ම අපට ආවෙීනිකයි.තවකොචිචරක් දේවල් මෙී දේශගුණය අපිට පරිත්‍යාග කරල තියෙද.

අපට ඉඳපු රයිනෝල,ගවරල අපිට වඳ උනා.සුද්දො අපේ ගස්වැල් වල,සතා සිවුපාවගෙ ජාන හොරකමිකළා.උන් අරන්ගියපු ගොඩක් දේවල් අදටත් අභිරහස්.උන් ශාක පත්‍රයකින්,සතෙකුගේ අස්ථි කැබැල්ලකින් අපේ මෙි දේශයේ ජාන පැහැර ගත්තා.මිනිස්සුන්ගෙ ජාන පාවා හොරකමිකළා.එහෙවු පඟර නැටිටන්ට අපේ උන් තවමත් දත නියවනවා.රටම විකුණනවා.සොබාදහම පාවදෙනවා.

මෙක්සිකෝවේ හරිකේන් කියන ඔීස්ට්‍රෙිලියාවෙ විලිවිලිස් කියන නිවර්තන වාසුළි අප⁣ට ආවෙ නෑ.ටෝනාඩෝ අවදානම් අපට අවෙ නෑ.ඒව එන්න නොදී පෙළගස්සන්න ඊසාන දිග සුළං නිරිතදිග සුළං මධ්‍යම කදුකරය එක්ක දින 365ම ඔටිටුවෙනවා මගේ යාලුවනේ.ටෝනාඩෝවක් බලගැන්වෙන්නෙ ලංකාව වගේ විශාල ඒරියා එකක.හිතාපල්ලා පැයට කිලෝමීටර් 500ය පන්නපු සුළං ප්‍රවාහයක් ලංකාවට අවොත් වෙන දේ ගැන.මධ්‍යම කඳුකරයට අපේ හදවත කිවුවෙ කට කහනවට නෙවෙයි.වැස්ස වැටුණාම රටමැද කඳුමුදුන් අස්සේ නොපෙනෙනා ජල ගබඩා පුරවගෙන ඔන්න අරන් පලයල්ලා කියලා මහවැලියට,කැළනියට,වලවෙීට,කලු ඟංගාව ආදී අපේ ඟංගා එකතුවට බාර දුන්නා.ඒකෙ ප්‍රායෝගික හරස්කඩ තමයි උමාඔය වියාපෘථියෙන් එළියට පැන්නේ.ජූලි මාසයේ මුල තත්පරයට ලීටර්800ක්,ජූලි මාසෙ මැද තත්පරයට ලීටර් 700ක් ආදී ලෙස ජලය කාන්දු උණා.විනාශ උණා.මෙි වෙද්දි ජලය ලීටර් කෝටි 850කටත් වඩා වැඩි ගණනක් අපතෙ ගොසින් තිබෙනවා.අපේ සොබාදහම අපට පූජාකරපු වස්තූන් බැලූ බැලූ තැන විනාශ වෙනවා.මං අහන්නේ මොකක්ද මෙි බිලි පූජාව කියලා.ඟංගාවක් වතුර විතරක් නෙවෙයි අරන් ගියේ.ඟංගාවක් දේශපාලනයකුත් අරන් ගියා.අපේ රටෙී ඟංගාටික ආරමිභ උනේ මධ්‍යම කඳුකරයෙන්.ඒ ඟංගාවෝ දේශය පාලනය කළා.ඒ පල්ලමි බහින උත්තරීතර වතුරටිකේ සැඟවුණු රහස් තිබුණා.ඒ තමයි අපේ ජීවයේ අයිතිය.සශ්‍රීකත්වය.ගොවිදෑත.ඒ යාන්ත්‍රණය හැදුවෙ මධ්‍යම කඳුකරය.මං ආයෙත් කියනවා කට කහනවට නෙවෙයි මධ්‍යම කඳුකරයට අපේ හදවත කිවුවෙි.ඒනිසා ඒ ඟංගාවල අයිතියේ දේශපාලන නායකයා රට මැද අපේ මධ්‍යම කදුකරය.ඒ පක්ෂ දේශපාලනයක් නෙවෙයි.මෙි රටෙි මහවැලියට,කැළණියට,මල්වතු ඔයට ඔබින ගඟබඩ වනාන්තර පද්ධති හැදුනා.ඒවයින් මිනිස්සුන්ගෙ ජන ජීවිතය පුදුම තරමි සංකලනයකට ගොදුරු වෙලා තිබුණා."ඟගබඩ"කියන වචනෙ ඇහෙද්දි උඹලාට මැවිලපේන සොබාවිතය මං දන්නවා.ඒකට මෙිකත් එකතු කරගනිල්ලා.පීටර් වෙදමුණි අපේ කළාකාමියා මෙහෙම ගීතයක් කිවුවා.

ඟගබඩ සිටි
හේවරාළ...
අන්න එනව බොලවු
මෙී පැත්තට
ඌට හෙනගැහිලා
තැමිබිල යන්නට
කන්න දෙන්න ඔින
කිරි හඹරල.......

ඒ කිරි හඹරල මෙී බිමෙන් යන්න ගිහින්...මෙීවා ආතල් නෙමෙයි මගේ යාලුවනේ.මෙවා තමයි ඇත්ත.
පැරණි අපේ රජවරු මෙි සොබාවිතය ආරක්ෂා කරන් රට සමෘද්ධිමත් කළා.දැහැමි ජීවනෝපායන්ට රටෙි මිනිස්සු පෙලගැස්සුවා.ඒ රජදරුවන් පර සුද්දන්ගේ පා සටහන් ලක් මාතාවගේ පතිත වෙනවටත් කැමති උනේ නෑ.උන් සටන් කළා.තම දේශය වෙනුවෙන්.දේශයේ සමිපත් රැකගන්න උන් සිංහල හමුදාවක් හැදුවා.වීර අපේ නර සිංහලුන්ගෙ ප්‍රබුද්ධ,පලල් මොල අද බකින්හැමි මාලිගාවල.

මෙි ළයාදර දේශගුණයට ඔබින රටක් අපේ රජවරු හැදුවා.එතන තිබුණ එකක් තමයි මහා වැවු,කුඩා වැවු.ඒකාලෙ හදපු වැවු අදත් ජීවය දෙනවා.මෙිකාලෙ නවීන තාක්ෂණය අරන් ලෝක බැංකු ණය අරන් හදපු ජලාශ මියදිලා.රන්ටැඹේ ජලාශය 65%ක් මඩෙන් පිරිලා.රන්දෙනිගල ජලාශය 35%ක් මඩෙන් පිරිලා.අපේ රජවරු කරවපු මහ වැවු ටික තාම තියෙනවා.මනසට කුසට ආහාර දෙන සොරබොර වැවට දැන් වයස අවුරුදු 2200යි.මින්නේරියට අවුරුදු 1700යි.කලා වැවට දැන් වයස අවුරුදු 1500යි.පරාක්‍රම සමුද්‍රයට වයස අවුරුදු 1100යි.මෙික තමයි තිත්ත ඇත්ත.දෑතෙ සවිය නවීන තාක්ෂණය අභිබවා ගියපු අතීතයක් තිබුණු රටක් මෙීක.පරිසරය පිළිගත්ත අපේ වැවු මෙිවා මගෙ සොයුරනේ.පොලොන්නරුවට ගලන වතුරටික යාපනේට හරවන්න පිඹුරුපත හැදුවට දවසක මෙී රටෙී සිංහල දෙමළ අරගලයක් වතුර නිසා ඇතිවෙන එක ගැන එවැනි ගොන් ආතල් දුන් නායකයින්යැයි කියාගන්නා පිරිස් හිතුවෙ නෑ.එදාට අහිංසක මිනිස්සු මරාගනීවි.නාය⁣කයො ටුවර් ගිහිල්ලා තියේවි.ඉන්දියාව පකිස්ථානය අද අරගල කරන්නෙ හිමාලය පරිත්‍යාග කරපු "පන්ජාප්"ඟංගා වලට.ඟංගා පහයි.මරණ කෝටියයි.

විදේශිකයො ගිවිසුමි වලට අත්සන් තිවුවෙ ඒක අපේ නායකයින්ගෙ හැකියාව නිසා කියල උඹල වරදවා හිතන්න එපා.මෙි මතෘභූමිය සමිපත් මවපු රන් ආකරයක්.ඒ තරමි ප්‍රේමනීයයි මගෙ පුතේ.ඒක පැහැරගන්න විනාශ කරන්න ඉඩදෙන්න එපා.සොබාදහම තනා වෙන්කරදුන්නු මෙි අභිමානවත් ප්‍රේමය විඳින්න ලිංගිකත්වයේ පමණක් ලා ප්‍රේම කරණ මගේ සගයන්ට මං ආරාධනා කරණවා.විඳපල්ලා.දරුවන්ටත් තියලා.

- ටී.ඩී.කේ.ඒ.ප්‍රසන්න -



Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...