පියා මාමා සමඟ ගිය උස්ගල ගමන


පියා මාමා ගැමියෙකි. එසේම දඩයක් කරුවෙකි. ඔහු සහ අප හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ අයත්  උස්ගල වනාන්තරය මැදින් උසගල මුදුනට ඇවිද  ගිය මතකය මගේ මතකයේ නැවත නැවත දොන්කාර දෙන්නට විය. කාලයකට පසු මම ඔහු සොයා ගියෙමි. මා පැමිණි බව දැනගත් පියා මාමා උදෑසනම හමුවිමට පැමිණ  ‘අනේ හාමුදුරුවනේ හම්බන්තොට  යන්න  තියනවා.  දැන් ගෙදර උන්දෑත් ලෙඩවෙලා. අපි හවසට හමුවෙමු.‘ යැයි කීවේය. මම ඔහුට සමුදුන්නෙමි. එහෙත් කළකින් පියා මාමා දුටු මට හැඟී ගියේ නිදහසේ ජිවත්වූ මේ අහිංසක ගැමි චරිත කෙතරම් කාර්ය බහුල අවිවේකි උදවිය බවට පත් කරලාද ?

කෙසේ නමුත් පියා මාමා  මා හමුවන්නට ආවේ නැත. මමද ඔහුට කරදර කිරිමට නොගියේ හම්බන්තොට මිනිසුන්ද දැන් ජිවත් විමට දරන උත්සාහය සැබෑ  සටනකි. ප්රිඔයා මාමාට මා සමග පිළිසඳරක යෙදෙන්නට දවස ඉඩ මදිවන්නට ඇත. රාත්‍රී කාලයේ ගමන බිමන දැන් සූරියවැව මිනිසුන්ට මාරන්තික අද්දැකිම් ගෙන දෙන්නකි. කොයි මොහොතේ වන අලියා කඩා වදීදැයි බිය අඳුරත් සමග සෑම සිතක් තුළ ඇත. ප්රිකයා මාමා මා හමුවිමට නොපැමිණි නමුත්  ප්රිලයා මාමා  පෙර දවසක අප සමග උස්ගල වනය මත ඇවිද ගිය අධ්යාතපනික මතකය කිසිදා අමතක නොවන්නකි.

අප සිටියේ අන්දර වැව් ඉහත්තාවේ මගේ මිත්රමයෙකුගේ නිවසකය. අප සිටි නිවසට උස්ගල හොඳින් පෙනෙවා. මම මගේ යාළුවට කිවා කැලේ යන්න ඕන කියලා. අපේ කතාව අහගෙන හිටපු යාළුවාගේ අම්මා මැද්දට පැන්නා.

 "අම්මෝ ඔය කැලේ  අලි විමානේ යන්න හිතන්නවත් එපා . ඒ මදිවට ජාවාරම් කාරයෝ යන්න නම් එපා.‘‘ අම්මාගේ ස්වරය දැඩි විය. ඇය අපට දක්වන්නේ අපමන සෙනෙහසකි. කෙසේ නමුත් කැලේ යාමේ උත්සාහය අප අත් නොහලෙමු .මගේ මිත්රනයාද ගේ ඉදිරිපිට උස්ගල වනාන්තරයේ ඇවිද තිබුනේ නැත.එහෙත් සිංහරාජ වනාන්තරයේ නම් ගිය බව දැනගත්තෙමි. අපේ කතා බහ අසා සිටි තාත්තා ‘‘කැලේ  යාමට නම් පියා මාමා තමා හොඳ.‘ යැයි කීවේය. ඒ අනුව අපි පියා මාමා සොයා ගියෙමු. අප යන විට පියා මාමා ගෙදර සිටියේ නැත.ටික වේලාවක් රැඳීසිටි අපට පියා මාමා බයිසිකලයකින් ඉදි කඩුල්ලෙන් ඇතුලට එනු දකින අපට කැලේ  යාමේ බලාපොරොත්තු සපල වුනාසේ දැනුණි.

ලෙන්ගතු සිනහවකින් දොඩමළු වු පියා මාමා අප සමග කැලේ යාමට කැමති විය. කැත්තක් අතට ගත් පියා මාමා අපේ ගමනේ පෙරමුනේ රාළ වූයේය. අපි විසාල තල හෙනක් මැදින් ගමන් කොට තල හෙනේ වැට කඩුල්ලෙන් පැන්නෙමු. යන අතර තුර මගේ ප්රිශ්න පත්රදය දිග හැරියෙමු.

‘මාමා තල අලි කනවද ?‘

‘මොකද නොකන්නේ.  ඌන් කිරි රහට හරි කැමතියි.‘

‘ හරිහමන් වැටක්වත් නෑනේ මාමා . අලින්ට එන්න පුළුවන්නේ.‘

‘ලොකු වැටවල් ගහන්න කෝ සල්ලී හාමුදුරුවනේ?‘

‘ ඇයි රජයෙන් අලි වැවල් හදල දෙනවා නේ.‘

‘ඒක තමා අර පෙන්නේ. ඕක කඩාගෙන ගම්වදින්න මහගොයියා හොඳට දන්නවා. මේකත් කෑගහල ඉල්ල ගත්තේ . ‘

අලිවැටෙන් එහා උස්ගල කැලේ මායිම බව මට හැගුණි. ‘

හාමුරුවනේ අපි උස්ගලට නගින්නේ කෙටි පාරකින්ද ?‘  පියා මාමා එසේ අසද්දී මම කිවේ දුර පාරකින් ගල මුදුනට නගිමු කියාය.මගේ අදහස අපේ කණ්ඩායමේ ද අදහසද විය. ඒ අනුව  වනරොද මැදින් වූ  කටුක ගමන් මාර්ගයක පියා මාමා පසුපස අපි ගියෙමු.

- මතු සම්බන්ධයි

- වෑකඳවල රාහුල හිමි -

Comments

  1. තරිඳු ජයවර්ධනDecember 17, 2017 at 11:40 AM

    පියා මාමා හමුවෙන්න අපටත් අවස්ථාව ලැබුණා. අද්දැකීම් බහුල හොඳ ගතිගුණ තිබෙන චරිතයක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්