ඔබයි මගේ දිවිය


දිනිය යුතු නුඹ දිනන්නට
මුළු ලෝකයම නුඹ
ගනින් මුළු දිරියම දෑතට
සිතාපන් හෙට
ලැබෙන වරම ගැන
දෑස පියවී වැටෙනවානම්
සිතාපන් නුඹේ තාත්තා ගැන
දෑත රළු පතුරු ගොස්
කර ඉදිමි විඳින දුක ගැන
එවිට...
මහමේරු පව්ව උසුලා
කිරි මුහුද කළඹන්නට තරම්
ශක්තියක් ලැබෙනු ඇත
ඔය හිතට...

- ටෙෂ්මි මදුෂානි -

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...