පැළ සිටුවන රිලා පැටව්


දනිද මිතුර අලුතෙන් ආ කතන්දරේ
අමුතු රිලව් හිටියලු අද වනන්තරේ
ඵල වැල කඩා වනසන උන් නිරන්තරේ
පුදුම වැඩක් කළාලු අද වනන්තරේ

අමුතු රංචුවක් හැදුනලු පාන්දර
පැලත් අරන් පැන්නලු උන් වනන්තර
සුදුසු තැන් සොයා උන් සැම ගමන් කර
ඉන්දුවාලු ඒ අවටම සුද්ද කර

පැලත් අරන් යනකොට මුන් එක පෙලට
රිදුනලු ගමේ සමහර උන්ගේ හිතට
කෙල හලනා උන් මේ කැළෙ මායිමට
කිව්වලු රිලා පැටවුන් යති අද වැඩට

අමුතු රිලව් වෙහෙසෙනවා රැක ගන්න
සතා සීපාව ගහ කොල සුරකින්න
රටේ හෙට දවස සුවපත් කරගන්න
මහත්වරුට හොඳ හුස්මක් අරගන්න

මෙවැනි පැටව් රට වෙත වාසනාවන්
ගරහන හිත්හි ඇත පටු චේතනාවන්
ඉටු නොම විටදි ඒ අකුසල් ක්‍රියාවන්
විදහා පෙනෙයි ඔවුනගෙ ගෙඹි ක්‍රියාවන් 

- දිලීප එම් ජාසිංආරච්චි -
 










Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්