රම්‍ය විල්පත් වන රමණී

රටේ උරුමය දැයේ ජීවය
රැක්ක වන කොමළී...
ඉකි බිඳියි මියැදෙන්න ළං වී
රොද බැඳෙව් රැක ගන්න පණ දී...
රම්‍ය විල්පත් වන රමණී...
හරිත සළු පොරවා තුටින්
දැයට රන් කිරි පෙව් ළඳුන්
ලොවෙන් ජීවය යදින මොහොතයි
රොද බැඳෙව් රැක ගන්න පණ දී
රම්‍ය විල්පත් වන රමණී...
සුපිපි ලිය ගොමු වියැකිලා
විහඟ කූජන සැඟවිලා
කුවේණියගේ මරු විලාපය
වසා ගෙන වන රොද පුරා
රොද බැඳෙව් රැක ගන්න පණ දී
රම්‍ය විල්පත් වන රමණී...

ගේය පද රචනය - එච් කේ අරුණසිරි

Comments

Post a Comment

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්