නුඹ


අමාවක රෑ අහස එකලු කළ
පහන් තාරකාව වෙලා නුඹ.....
මග අමතක වුවත්
මග හැරැණු සඳ....
මග පෙන්නූ හත්දින්නත් තරු
පොකුර නුඹ.....
සහස් පැතුම් මල් මිලින වූ දින
සිත සුවපත් කල තුසර බිද
සැබැවින් ම නුඹම ය.....
අයාලයේ ඔඩු දුවන සිත් මඩලට
ගුණදම් පිරවූයේ ද ,
නිතැතින්ම නුඹම ය......
ඉදින්...
ජීවිතේ භාවනාව කරමි මම
නුඹ කමටහන් කරගෙන..
නුඹ .......,
ඈත අහසේ දිදුළන සුපහන් තාරකාවම ය..
මා.........,
මිහිමත සිට නුඹට පෙම් බදින කඩුපුල් මලම ය

- නිමාෂා සෙව්වන්දි හෙට්ටිආරච්චි - 






Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...