විභාගය සරසවිය සහ ජීවිතය


කිමද දෑසේ        කඳුලූ
හද සසලන       ගඟුලූ
සිනහ නුඹෙන්    උදලූ
ප්‍රතිඵලයද         ලබලූ

දින දින නුඹ    ගැන්නා
විස්වාසය            රන්දා
ඔවදන්       රකිමින්නා
සරසවි මව්        හින්දා

අද දොරටුව      වැසිලා
ගියත් අගුලු     වැටිලා
නාඩන් නුඹ      දැවිලා
අහිමි සිහිනෙ  සිතලා

දිවිය නොවේ   සරසවිය
දිනා ඇතේ නුඹ    සවිය
දිරිය අරන් සිත     සරිය
නව මගකට ගමු   දිවිය

විභාගයට සිත් පිත් නෑ
නමුදු ගමන වලකනු බෑ
හැකියාවන් වියකනු බෑ
නුඹ හට වරදනු  නම් බෑ

ජය පැරදුම මේ       දිවියේ
සැමට පොදුයි එක විලසේ
ආසිරි ගෙන අප    සැමගේ
ඉගිල්ලෙන්නට මේ  අහසේ


- දිලීප එම් ජාසිංආරච්චි -

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්